අපරාධ ලේඛනයේ සිටින මුතුවාගේ නිවෙසට වෙඩි විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන මනෝජ් මුතු කුමාරණ නොහොත් ’’මුතුවා’’ නැමැත්තාට අයත් අතුරුගිරිය ගල්වරුසාව පාර ප්‍රදේශයේ පිහිටි නිවසට අද (27) දින අළුයම කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් වෙඩි ප්‍රහාර අටක් පමණ සිදු කර ඇති බව නවගමුව පොලිසිය පවසයි. 27 March 2024
වින්ඩිට සම්මානයක් ශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන ’’ අය්යෝ සාමි ’’ ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක , දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී ( 16 th Edison Awards ) 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year - 2023 ) හිමි සම්මානය හිමි කර ගෙන ඇත. 27 March 2024
‘‘අධිකරණය හෑල්ලු නොකරනු‘‘ පොලිසියට තරයේ අවවාද ස්ථාන මාරුවක් ලැබ තිබියදි අනවසරයෙන් විදුහලට ඇතුලත්වි ඇති බව පවසා වලහන්දුව ජනාධිපති බාලිකා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනියට විදුහලට ඇතුලුවිම තහනම් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස අක්මිමණ පොලිසිය කළ ඉල්ලීම ප්‍රතිකෂේප කළ අධිකරණය මෙවැනි ඉල්ලිම් කර අධිකරණය හැල්ලුවට ලක් නොකරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා පොලිසියට තරයේ අවවාද කළේය. 26 March 2024
වෙරිමතේ රාජකාරී කළ සා.කළමනාකරු පොලිසිය දක්කයි කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ දී රාජකාරී වේලාවේ බීමත්ව අශෝබන ලෙස හැසිරුනු එහි කළමනාකරණ සහකාරවරයකු අද (26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි. 26 March 2024
බුදුරුව කෙටු හිස බාන යන්ත්‍ර 20ක් අල්ලයි බුදු දහමට අගෞරව අන්මට සකසා විදේශීය රටකින් මෙරටට ආනයනය කරණ ලද බුදුරුව කෙටු කොණ්ඩා කපන මැෂින් යන්ත්‍ර 20 ක් අද දහවල ජාඇල නගරයේ ප්‍රධාන තැපල් කන්තෝරුව ඉදිරිපිටදී සැක කරුවකු සමග අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි. 26 March 2024
පොහොට්ටුව මැයි රැලියටත් සූදානම් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මැයි රැලිය කොළඹ කැම්බල් පිටියේදී පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 26 March 2024
හිටපු කොස්තාපල් අයිස් සමග මාට්ටු හිටපු පොලිස් කොස්තාපල්වරයකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අද අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි. 26 March 2024
අපේක්ෂා රෝහලට එන ළමා රෝගීන්ගේ අපෙක්ෂා බංග වෙලා මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා (රේඩියෝ තෙරපි) ප්‍රතිකාරය ලබා දීම සඳහා අත්‍යාවශ්‍ය වන විකිරණ යන්ත්‍ර 5 න් එක් යන්ත්‍රයක් දීර්ඝ කාලයක සිට යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ක්‍රියා විරහිත වීම නිසා රෝගීන් 500 දෙනකුට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 26 March 2024
මෛත්‍රීගේ ප්‍රකාශය සම්බන්ධ විමර්ශන ප්‍රගතිය අධිකරණයට පාස්කු ඉරිදා ප්‍රහාරය කළේ කවුරුන්දැයි තම දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය හෙට (27) අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 26 March 2024
ගීතයෙන් ජීවිතය විඳින්න කතා කර පොකැට් එකට විදලා ’’ගීතයෙන් ජීවිතය විඳගන්න එන්න’’ යනුවෙන් සඳහන් කරමින් ටිකට් පත් විකිණූ නිට්ටඹුව හොරගොල්ලේ සංගීත සංදර්ශනයක් නොපවත්වා ටිකට් පත් ගාස්තු ද නැවත නොගෙවීම නිසා නරඹන්නෝ දැඩි අපහසුතාවයට පත් වූහ. 26 March 2024
ලංකාවේ කොඩියට නැව් ලියාපදිංචි කරන වැඩක් අරඹයි ලාංකික ධජය යටතේ නෞකා ලියාපදිංචිය ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2024
පොහොට්ටුවට ජනපති අපේක්ෂකයන් පහක් පොදුජන පෙරමුණට මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයන් හතර පස් දෙනෙකුම සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 26 March 2024
මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව කියයි තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 26 March 2024
ප්‍රචණ්ඩත්වයෙන් රට බේරා නොගත්තා නම් ආර්ථිකය හදන්නෙ කොහොමද? අරගලය මුවාවෙන් ප්රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන් පාර්ලිමේන්තුව අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය දේපළ බේරා නොගත්තා නම් මෙලෙස ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගීමට නොහැකි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 26 March 2024
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගෙදර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ස්ථාපිත කිරීමට යෝජිත ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම වෙනුවෙන් හිටපු අගවිනිසුරු කේ, ශ්රීපවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව අද (26) දින අමාත්‍යාංශය වෙත ලබාදුන් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය 26 March 2024
14 වන මහලෙන් වැටී පුද්ගලයෙක් මරුට බොරැල්ල ඩි එස් සේනානායක මාවතේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක 14 වන මහලින් පහළට වැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 26 March 2024
මහින්ද - පොපේ විශේෂ රැස්වීමක් හෙට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ කොළඹ පිහිටි නිල නිවෙසේ දී හෙට ( 27) උදේ 10.00 ට පැවැත්වීමට නියමිතය. 26 March 2024
ලංකාවට එන නැවක් හැපී ඇමෙරිකාවේ සැතපුම් දෙකක් දිග පාලමක් කඩා වැටේ සිංගප්පූරු ධජය යටතේ ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටි විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකාවේ බල්ටිමෝර් ප්‍රදේශයේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටීම හේතුවෙන් අද(26) උදෑසන එම පාලම කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 26 March 2024
කඩවත එජාප කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් කඩවත ඇල්දෙනිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයට අද (26) අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 26 March 2024
ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහතට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ(25) පැවැත්වූ රැස්වීමකදී ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක පනහකින් අඩු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. 26 March 2024
අජිත් පොලිසියේ වැරදි හොයන කමිටුවේ සභාපති පුටුවට පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විභාග කිරීම අවසන් කර නොමැතිව කාලයක් තිස්සේ ගොඩගැසී තිබෙන පරීක්ෂණ අවසන් කර සහනයක් දීම සඳහා පොලිස්පතිවරයා පත්කර ඇති කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර තිබේ. 26 March 2024
රිය අනතුරින් සිසුවා මරුට සිය මිතුරාගේ යතුරුපැදිය මවට සහ වැඩිමහල් සොහොයුරාට පෙන්වා යළි නිවසට යමින් සිට දහ අට හැවිරිදි පාසල් සිසුවකු වෑන් රථයක සහ කැබ් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි 26 March 2024
කළුතර විරෝධතාකරුවන්- පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් කළුතර නගර මධ්‍යයේ අද(26) දහවල් ජනඅරගල ව්‍යාපාරයේ විරෝධතා කරුවන් පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. 26 March 2024
වරාය නගරය ගැන කැබිනට් තීරණයක් Codegen innovations(private)limited ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීය ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2024
කොටුව මහේස්ත්‍රාත් ඝාතන උත්සහය ගැන විමර්ෂනයක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත උපදෙස් ලබා දී තිබේ . 26 March 2024
ලෝක ගම්මිරිස් සමුළුව ලංකාවේ ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාව විසින් වාර්ෂිකව පවත්වන අන්තර්ජාතික සමුළුව 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2024
ගෙදර රණ්ඩු කළොත් දෙන දඬුවම් වැඩි කරයි 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2024
ව්‍යාජ නෝට්ටු සමඟ යුවළක් අල්ලයි රුපියල් පන්දහසේ සහ දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු ළග තබාගෙන සිටි තරුණ යුවළක් කුට්ටිගල පොලිසිය විසින් කුට්ටිගල දී අත් අඩංගුවට ගනු ලැබීය . 26 March 2024
කතානායක විශ්වාසභංගය ලෝක පාර්ලිමේන්තු සංගමයට කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයේ සම්පූර්ණ වාර්තාව අන්තර් පාර්ලිමේන්තු සංගමයට හා පොදුරාජ්‍ය මණ්ඩලිය පාර්ලිමේන්තු සංගමයට යොමු කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ. 26 March 2024
නීති විරෝධිව ගෙන ආ සතුන් කටුනායකින් අල්ලයි තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ හතලිහක් පමණ වටිනා ජීවී සතුන් 88 දෙනෙකු සමග තරුණ ව්‍යාපාරික යුවළක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. 26 March 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025