පොකැට්ටුවට තට්ටුකරන ගැබිණි කල්ලියක් අල්ලයි
බස් වල ගමන් කරන මගීන්ගේ මුදල් පසුම්බි, රන් ආභරණ ඇතුළු දේපල සොරකම් කිරීමේ නිරත, සංවිධානාත්මක ගැබිනි කාන්තා කල්ලියක සාමාජිකාවන් තිදෙනකු රුපියල් ලක්ෂයකට වැඩි හෙරොයින් මත්කුඩු , කොල්ලකන ලද ලක්ෂ දෙකකට ආසන්න රන්මාලයක් සහ මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.