IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වාර්තා බිඳ විජිත කප් එක ගනී

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක) 

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන  බලවේගයේ   විජිත හේරත් මහතා සමත් විය.

ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද 898,759 ක් ලබාගත් අතර  විජිත හේරත් මහතාට ඉන් මනාප 716,715 ඡන්ද ලැබිණි.

විජිත හේරත් මහතා මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව ලංකා මැතිවරණ ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකදී අපේක්ෂකයකු ලබාගත් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලෙස ඉතිහාස ගත වෙනු ඇත. 

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නායක හර්ෂණ  රාජකරුණා මහතා මනාප ඡන්ද 67,004 ලබා ගනිමින් එම කණ්ඩායමේ ප්‍රථමයා බවට පත් වී ඇත. 



අදහස් (22)

වාර්තා බිඳ විජිත කප් එක ගනී

don Friday, 15 November 2024 11:25 PM

රටක යුද්ධයක් ජයගත්තු නායකයෙක්ව අද ජනතාව බින්දුවට බස්සලා තියෙනවා. ඒ නිසා ඔය වාර්තා ගැන ඔලුව උදුම්මා ගත්තොත් සොරි තමයි...

:       1       6

Asintha Friday, 15 November 2024 11:38 PM

මහින්දගේ නෙවෙයි, හරිනි මැතිතුමියගේ..

:       1       2

AKSaturday, 16 November 2024 10:24 PM

දේශපාලනයේදී මනාප ලැබේ දේශපාලන රැලි මතුවේ. රැල්ල සහ රැල්ලේ ගැඹුර හොඳින් හඳුනාගෙන කටයුතු නොකළ හොත් නැවත රැල්ල විසින්ම ගැඹුරට ඇදගෙන යන බව තේරුම්ගෙන අර්බුදය හොඳින් තේරුම් නොගෙන කටයුතු නොකළහොත් අනීති අර්බුද රට තුළ ඇතිවනු ඇත. එවිට මනාපවලින් ඵලක් නොවේ. ලක්ෂ 7කට වඩා මනාප ඔබට එරෙහිවනු ඇත... එවිට... පූජාසනයේ - ඔබ හිඳුවා ඔබට පුදන මේ - ලෝකයමයි හෙට ඔබට ඒරෙහි වී නැගිටින්නේ පූජාසනයේ - ඔබ හිඳුවා..

:       1       1

Saman Senevi Saturday, 16 November 2024 01:10 AM

කාඩිනල් සහ LTTE ඩයස්පෝරාව දිනුම්….

:       6       12

randil dunuwilleSunday, 17 November 2024 08:08 AM

කඩප්පුලියෝ එහෙම හිතුවට රටම දිනුම්, කිසිම දේක හොඳක් නොදකින්න මේ ජයග්‍රහණයට හුඟක් රිදෙනවා ඇති...

:       2       1

Wanidu Saturday, 16 November 2024 03:56 AM

බලාගෙන මහින්දගේ අනිත් වාර්තා ටිකනම් කඩන්න එපා.

:       1       9

සෙනෙවිරත්න Saturday, 16 November 2024 06:37 AM

ඔබගේ දක්ෂතාවය අගය කර ඇත. ඔබගේ හැකියාවන් තව තවත් වැඩි දියුණු වේවා...!

:       7       6

සිංහල නිංජා Saturday, 16 November 2024 06:44 AM

මෙයාට මහින්දගේ ඉතුරු වාර්තා සියල්ල බිඳ දැමීමට ලැබේවා. සිංහලයින්ට අබ සරණයි...!

:       4       11

m. saman perera Saturday, 16 November 2024 09:46 AM

චිරං ජයතු, මාලිමාවට ජයවේවා...!

:       5       12

pj Saturday, 16 November 2024 10:22 AM

ඒ කියන්නේ එම බලවේගයෙහිම එක් ලක්ෂ අසූදාහක් විජිත හේරත්ට අකැමැති බවයි. ඉන් පැහැදිලි වන්නේ මේ කැමැත්ත ලැබෙන්නේ මාලිමාවෙන් නොවන බවකි. හොරුන් රජකෙරූ 69 ලක්ෂයම කයිවාරු කාරයින් බලයට පත්කර ඇත.

:       12       10

randil dunuwilleSunday, 17 November 2024 08:10 AM

පුදුම වෙන්න දෙයක් නෑ. ඔයාලා වගේ 19 ලක්ෂයක් සජිත්ටත් ඡන්දෙ දුන්නානේ... සරලයි දැනුම ගැන...

:       1       2

මැක්ස් Saturday, 16 November 2024 10:47 AM

වැඩිම මනාප ප්‍රමාණයක් සමගම පාර්ලිමේන්තු සාම්ප්‍රදාය පිළිබඳවද අත්දැකීම් ඇති විජිත මහතා අගමැති තනතුරට වඩාත් නුසුදුසු වන්නේද?

:       7       66

කැළණි සගයෝ Saturday, 16 November 2024 01:13 PM

අපේ අගමැති ඔබයි. ජයවේවා...!

:       12       41

cleo Saturday, 16 November 2024 04:35 PM

ගම්පහ දිස්ත්‍රික්කයේ මාලිමාවේ මුළු මනාප ප්‍රමාණයෙන් ඔහුට හිමි මනාප ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස කොපණ වේද?

:       0       1

karolis Saturday, 16 November 2024 06:12 PM

ඔයා ඡන්දේ දාන්න එක්කගෙන ගියපු මහින්ද ජයසිංහ නම් හොඳ මිනිහෙක් නොවේ...

:       2       13

බමුණුආරච්චි Saturday, 16 November 2024 06:41 PM

අඳයින් වසන රට එක ඇසක් ඇතොත් රජ...!

:       2       8

gunarathna Saturday, 16 November 2024 06:46 PM

හරියටම කිව්වොත් පෙනුම, පෞරුෂය, පලපුරුද්ද, නොබියව තීරණ ගැනීම මේ හැම දෙයක්ම... තියන විජිත හේරත් සුදුසු අගමැතිකමට පමණයි. ඇමැතිකමක් දීලා අමාත්‍යාංශයකට කොටු කරන්න සුදුසු පුද්ගලයෙක් නෙවෙයි. ජනාධිපතිතුමනි, හරිනි ගැන නැවත සලකා බලන්න...,

:       5       10

උවිත් Saturday, 16 November 2024 08:07 PM

හරිනිට වඩා මානාප ගහන්න ගිය නිසා ගම්පහ ප්‍රතිඵල ප්‍රමාද වුණා....

:       2       8

Priyantha Dissanayake Saturday, 16 November 2024 10:39 PM

කොසොල් රජතුමා සිහින 16ක් දුටුවාලුනේ. ඒ අතර එකක තිබෙනවා ලබු කබල් ජලයේ යට ගියා දුටුවාලු, එහි තවත් සිහිනෙක ජලය මත කළුගල් පාවෙනු කොසොල් රජතුමා දැක තිබෙනවා. එහි අර්ථය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරදී තිබෙනවා. කෙසේ නමුත් හැමෝම ධර්මයට අනුගතවීම ඉතාමත් වැදගත්... එවිට ශ්‍රී සද්ධමයේ ආරක්ෂාව තම තමන්ට ලැබේවි...

:       0       3

Nandalal DE SILVA - France Sunday, 17 November 2024 02:07 AM

අළුත් ඇමැති මණ්ඩලය පත්කරන විට හරිනි, සිය අගමැතිකම බන්දේසියක තබා විජිතට බාර දෙනවා ඇති... !!!

:       0       3

Ranuka Sunday, 17 November 2024 08:34 AM

ඒවගේ දෙයකින් කප්එක ගත්තු එක හොඳයි. දැන් කියපුවා කරන්න කිසි බාධාවක් නැහැනේ. ඉතින් කරලා පෙන්නන්න. නැතිනම් මිනිස්සු ඔබතුමාලාට හොඳම පචේට හිමි කප් එකත් දෙයි...

:       2       3

LGP. JATHUNARACHCHI. Sunday, 17 November 2024 12:41 PM

මම ඔහුට දීර්ඝායුෂ පතනවා.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 58 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2011 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site