
(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක)
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත් මහතා සමත් විය.
ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද 898,759 ක් ලබාගත් අතර විජිත හේරත් මහතාට ඉන් මනාප 716,715 ඡන්ද ලැබිණි.
විජිත හේරත් මහතා මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව ලංකා මැතිවරණ ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකදී අපේක්ෂකයකු ලබාගත් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලෙස ඉතිහාස ගත වෙනු ඇත.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නායක හර්ෂණ රාජකරුණා මහතා මනාප ඡන්ද 67,004 ලබා ගනිමින් එම කණ්ඩායමේ ප්‍රථමයා බවට පත් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක යුද්ධයක් ජයගත්තු නායකයෙක්ව අද ජනතාව බින්දුවට බස්සලා තියෙනවා. ඒ නිසා ඔය වාර්තා ගැන ඔලුව උදුම්මා ගත්තොත් සොරි තමයි...
මහින්දගේ නෙවෙයි, හරිනි මැතිතුමියගේ..
කාඩිනල් සහ LTTE ඩයස්පෝරාව දිනුම්….
බලාගෙන මහින්දගේ අනිත් වාර්තා ටිකනම් කඩන්න එපා.
ඔබගේ දක්ෂතාවය අගය කර ඇත. ඔබගේ හැකියාවන් තව තවත් වැඩි දියුණු වේවා...!
මෙයාට මහින්දගේ ඉතුරු වාර්තා සියල්ල බිඳ දැමීමට ලැබේවා. සිංහලයින්ට අබ සරණයි...!
චිරං ජයතු, මාලිමාවට ජයවේවා...!
ඒ කියන්නේ එම බලවේගයෙහිම එක් ලක්ෂ අසූදාහක් විජිත හේරත්ට අකැමැති බවයි. ඉන් පැහැදිලි වන්නේ මේ කැමැත්ත ලැබෙන්නේ මාලිමාවෙන් නොවන බවකි. හොරුන් රජකෙරූ 69 ලක්ෂයම කයිවාරු කාරයින් බලයට පත්කර ඇත.
වැඩිම මනාප ප්‍රමාණයක් සමගම පාර්ලිමේන්තු සාම්ප්‍රදාය පිළිබඳවද අත්දැකීම් ඇති විජිත මහතා අගමැති තනතුරට වඩාත් නුසුදුසු වන්නේද?
අපේ අගමැති ඔබයි. ජයවේවා...!
ගම්පහ දිස්ත්‍රික්කයේ මාලිමාවේ මුළු මනාප ප්‍රමාණයෙන් ඔහුට හිමි මනාප ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස කොපණ වේද?
ඔයා ඡන්දේ දාන්න එක්කගෙන ගියපු මහින්ද ජයසිංහ නම් හොඳ මිනිහෙක් නොවේ...
අඳයින් වසන රට එක ඇසක් ඇතොත් රජ...!
හරියටම කිව්වොත් පෙනුම, පෞරුෂය, පලපුරුද්ද, නොබියව තීරණ ගැනීම මේ හැම දෙයක්ම... තියන විජිත හේරත් සුදුසු අගමැතිකමට පමණයි. ඇමැතිකමක් දීලා අමාත්‍යාංශයකට කොටු කරන්න සුදුසු පුද්ගලයෙක් නෙවෙයි. ජනාධිපතිතුමනි, හරිනි ගැන නැවත සලකා බලන්න...,
හරිනිට වඩා මානාප ගහන්න ගිය නිසා ගම්පහ ප්‍රතිඵල ප්‍රමාද වුණා....
කොසොල් රජතුමා සිහින 16ක් දුටුවාලුනේ. ඒ අතර එකක තිබෙනවා ලබු කබල් ජලයේ යට ගියා දුටුවාලු, එහි තවත් සිහිනෙක ජලය මත කළුගල් පාවෙනු කොසොල් රජතුමා දැක තිබෙනවා. එහි අර්ථය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරදී තිබෙනවා. කෙසේ නමුත් හැමෝම ධර්මයට අනුගතවීම ඉතාමත් වැදගත්... එවිට ශ්‍රී සද්ධමයේ ආරක්ෂාව තම තමන්ට ලැබේවි...
අළුත් ඇමැති මණ්ඩලය පත්කරන විට හරිනි, සිය අගමැතිකම බන්දේසියක තබා විජිතට බාර දෙනවා ඇති... !!!
ඒවගේ දෙයකින් කප්එක ගත්තු එක හොඳයි. දැන් කියපුවා කරන්න කිසි බාධාවක් නැහැනේ. ඉතින් කරලා පෙන්නන්න. නැතිනම් මිනිස්සු ඔබතුමාලාට හොඳම පචේට හිමි කප් එකත් දෙයි...
මම ඔහුට දීර්ඝායුෂ පතනවා.