
(රංජිත් රාජපක්ෂ)
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය.
දශක හතක කාලයක් අලුත්ගමගේ පරම්පරාව නාවලපිටිය ආසනයේ ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වු බවත්, ඉන් දශක තුනක් තමන් දේශපාලනයේ නිරත වු බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති නිසා තමන් දේශපාලනයෙන් සමු ගැනිමට තිරණය කල බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.
මෙවර පැවති මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණෙන් ගෑස් සිලින්ඩරයෙන් තමන් මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග කල බවත්, ජන්ද දායකයන් මනාප 20,401 ක් පමණක් ලබා දි තිබු බවත්, තමන් මිට ප්‍රථම පැවති මැතිවරණවලදි ලක්ෂ දෙකකට ආසන්න මානප ප්‍රමාණයක් ලබාගත් නිසා ජනතාවට තමන්ගේ දේශපාලනය අවශ්‍ය නොවන බවට පෙන්නුම් කර ඇති නිසා දේශපාලනයෙන් සමුගන්නා බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු බොලාව සමුගැන්නුවා.
සමු ගත්තාට නඩු ටික ඉවර වෙනකොට… වැලිකඩ….!
සමුගත්තේම නෑ... වැලිකඩ දි හම්බවෙලා ප්ලෑන් එක ගහමු.
තවත් හෙලයේ ධර්මිෂ්ඨ පුතෙකුගේ නික්මීම...
පව් අප්පා රාජයෝගයක් තියෙන බිරිඳක් විවාහ කර ගෙනත් හරි ගිහින් නෑ...
ගොඩාක් සතුටුදායක ආරංචියක්. දැන් වත්කම් උපයාගත් හැටි කියන්න.
මොවුන්ගේ ක්‍රියාකාරකම් සහ මොවුන් ගැන තොරතුරු අවශ්‍ය නැහැ.
මොනවද සමුගන්නා බවක් කියන්නේ, ජනතාව සමු දුන්නා. අය ඒකේ දෙකක් නෑ. රනිල් වික්‍රමසිංහ හිරේ ගියදාටයි නින්ද යන්නේ කියපු මිනිහනේ. දෙපිට කාට්ටු අවස්ථාවාදී හොරෙකුට ජනතාව සමු දීලයි තියෙන්නේ.
අනුර කිව්ව විදිහට ඔබ හිරේ සිටිය යුතු පුද්ගලයෙක්....
ඔහෙලාට ජනමතය නැතිවුණේ කුමක් නිසාද කියා තේරුම් ගන්න. රටේ ජනතාව බුද්ධිමත් බව දැන්වත් තේරුම් ගන්න.
ඔවු, මෙයා දන්නවා තවත් හොරාකන්න බැරිබව... අම්මෝ එක හොරෙක් ඉවරයි. රටට සැනසීමක්...
තව ටිකකලකින් මහින්ද මහත්තයගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා ආයේ පාරක් දේශපාලනයට ආවා කියයි...
සමුගනියි මෙන්න කියලා...
පදනම් කාර්යාලය කියන්නේ මුදල් විශුද්ධිය සඳහා අටවාගෙන තියෙන ක්‍රමයක් නේද? දැන් ඕවා කරන්න බැරි බව දන්නා නිසා ලිස්සා යාම ශරීර සෞඛ්‍යයට හිතකරයි....
ඊළඟට රජයේ බෝඩිමට යන්න සූදානම් වෙන්න. නීතිවිරෝධී වත්කම් ගැන ප්‍රකාශ කරන්න...!
පරද්දලා ගෙදර යැව්වාට පස්සේ අමුතුවෙන් ඇවිත් සමුගන්න දෙයක් නැහැ..
රට පනින්න වගේ යන්නේ නේද?
ඕක මේ අද ඊයේ මිනිස්සු ගත්තු තීරණයක් නෙමෙයි. බොහෝම කාලෙක ඉඳන් මුළු රටටම එපා වෙලා තිබුනේ සෙට් එකම. මෙයාව නම් ඔය පැත්තේ ඉන්න මෙයාලාගේ රැහේ මිනිස්සුන්ටත් එපා වෙලා උන්නේ. ඒත් පන්නන්න බැරි වුනානේ අනුප්‍රාප්තිකව ගෙනැල්ලා පුටුවේ වාඩි කරවලා මිනිහා ලව්වා ජල ප්‍රහාර, කඳුළු ගෑස් බටන් පාරවල් දීලා මිනිස්සුන්ව පාගාගෙන හිටපු නිසා. වෙලාව ආපු ගමන් ඔය අනුප්‍රාප්තිකයාවයි, මෙයාලාවයි ඔක්කෝම අපතයෝ ටික දුවපියව් කියලා පන්නලා දැම්මා. දෙන්නෙක්, තුන් දෙනෙක් ඉතුරු වුනේ හරියට කොමඩ් ඒක ෆ්ලෂ් කරාම සමහර වෙලාවට කෑළි දෙකක් තුනක් ඉතුරු වෙන විදියට...!
කොහේ ගියත් කමක් නැහැ... අර අසූචි නැවේ අලාබේ ගෙවලා යන්න...
සමුගත්තා කියලා නඩුවලින් නම් බේරෙන්න වෙන්නේ නෑ...
දේශපාලනය වෙනුවට දැයෙන් සමුගත්තා කියලා තිබ්බා නම්...
දේශපාලනය මොවුන්ට ව්‍යාපාරයක්, ලාභයක් නොමැති බව තේරෙන විට ඉවත් වෙනවා. මේක තමයි යථාර්තය..!
ජනතාවගේ බලවත් ඉල්ලීම නිසා එන්න එපා දෙයියෝ...!
වැලිකඩින් අලුත් ගමනකට ආසිරි...
"දේශපාලනයෙන් සමුගත්තා" නොවේ.. ඡන්ද දායකයින් පස්ස පැත්තට පයින් ගහලා ගෙදර යැව්වා කිව්වා නම් තමයි නිවැරැදි...