IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය

(රංජිත් රාජපක්ෂ)

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය.

දශක හතක කාලයක් අලුත්ගමගේ පරම්පරාව නාවලපිටිය ආසනයේ ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වු බවත්, ඉන් දශක තුනක් තමන් දේශපාලනයේ නිරත වු බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති නිසා තමන් දේශපාලනයෙන් සමු ගැනිමට තිරණය කල බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

මෙවර පැවති මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණෙන් ගෑස් සිලින්ඩරයෙන් තමන් මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග කල බවත්, ජන්ද දායකයන් මනාප 20,401 ක් පමණක් ලබා දි තිබු බවත්, තමන් මිට ප්‍රථම පැවති මැතිවරණවලදි ලක්ෂ දෙකකට ආසන්න මානප ප්‍රමාණයක් ලබාගත් නිසා ජනතාවට තමන්ගේ දේශපාලනය අවශ්‍ය නොවන බවට පෙන්නුම් කර ඇති නිසා දේශපාලනයෙන් සමුගන්නා බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.



අදහස් (27)

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය

priyanka Saturday, 16 November 2024 11:13 PM

මිනිස්සු බොලාව සමුගැන්නුවා.

:       1       12

පිටිගල මිලානෝ Saturday, 16 November 2024 11:19 PM

සමු ගත්තාට නඩු ටික ඉවර වෙනකොට… වැලිකඩ….!

:       3       16

දීපාල් Saturday, 16 November 2024 11:47 PM

සමුගත්තේම නෑ... වැලිකඩ දි හම්බවෙලා ප්ලෑන් එක ගහමු.

:       3       12

උකුස්සා Sunday, 17 November 2024 01:37 AM

තවත් හෙලයේ ධර්මිෂ්ඨ පුතෙකුගේ නික්මීම...

:       8       7

B Amarasinghe Sunday, 17 November 2024 02:39 AM

පව් අප්පා රාජයෝගයක් තියෙන බිරිඳක් විවාහ කර ගෙනත් හරි ගිහින් නෑ...

:       6       15

Ashan Sunday, 17 November 2024 02:39 AM

ගොඩාක් සතුටුදායක ආරංචියක්. දැන් වත්කම් උපයාගත් හැටි කියන්න.

:       4       15

Nilame Sunday, 17 November 2024 02:25 PM

වත්කම් උපයාගත් ආකාරය උන්දැම කියලා තියෙන්නේ දශක හතක් පරම්පරාවේ අය රටේ පාලකයෝ හැටියට හිටියා කියලා නේද? ඉතින් ආණ්ඩුව අවුරුදු 76 ක් හිටපු පාලකයින් රට කෑවා කිව්වේ ඒකට තමයි අශාන්...

:       5       8

Logan Sunday, 17 November 2024 04:47 AM

මොවුන්ගේ ක්‍රියාකාරකම් සහ මොවුන් ගැන තොරතුරු අවශ්‍ය නැහැ.

:       4       8

C.K.Lankaputhra Sunday, 17 November 2024 05:12 AM

මොනවද සමුගන්නා බවක් කියන්නේ, ජනතාව සමු දුන්නා. අය ඒකේ දෙකක් නෑ. රනිල් වික්‍රමසිංහ හිරේ ගියදාටයි නින්ද යන්නේ කියපු මිනිහනේ. දෙපිට කාට්ටු අවස්ථාවාදී හොරෙකුට ජනතාව සමු දීලයි තියෙන්නේ.

:       3       11

Rajun de Silva Sunday, 17 November 2024 05:43 AM

අනුර කිව්ව විදිහට ඔබ හිරේ සිටිය යුතු පුද්ගලයෙක්....

:       4       11

ranjith Sunday, 17 November 2024 06:15 AM

ඔහෙලාට ජනමතය නැතිවුණේ කුමක් නිසාද කියා තේරුම් ගන්න. රටේ ජනතාව බුද්ධිමත් බව දැන්වත් තේරුම් ගන්න.

:       3       12

sam Sunday, 17 November 2024 07:01 AM

ඔවු, මෙයා දන්නවා තවත් හොරාකන්න බැරිබව... අම්මෝ එක හොරෙක් ඉවරයි. රටට සැනසීමක්...

:       3       10

H H L Priyantha De Silva Sunday, 17 November 2024 07:22 AM

තව ටිකකලකින් මහින්ද මහත්තයගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා ආයේ පාරක් දේශපාලනයට ආවා කියයි...

:       2       14

අනිල් Sunday, 17 November 2024 07:29 AM

සමුගනියි මෙන්න කියලා...

:       2       10

Lalla Sunday, 17 November 2024 08:16 AM

පදනම් කාර්යාලය කියන්නේ මුදල් විශුද්ධිය සඳහා අටවාගෙන තියෙන ක්‍රමයක් නේද? දැන් ඕවා කරන්න බැරි බව දන්නා නිසා ලිස්සා යාම ශරීර සෞඛ්‍යයට හිතකරයි....

:       3       12

සෙනෙවිරත්න Sunday, 17 November 2024 09:40 AM

ඊළඟට රජයේ බෝඩිමට යන්න සූදානම් වෙන්න. නීතිවිරෝධී වත්කම් ගැන ප්‍රකාශ කරන්න...!

:       22       33

ddd Sunday, 17 November 2024 09:59 AM

පරද්දලා ගෙදර යැව්වාට පස්සේ අමුතුවෙන් ඇවිත් සමුගන්න දෙයක් නැහැ..

:       16       37

Chaminda Sunday, 17 November 2024 10:00 AM

රට පනින්න වගේ යන්නේ නේද?

:       8       31

PereraSunday, 17 November 2024 12:13 PM

එන්න නවසීලන්තයට... අපි බලන් ඉන්නේ... !

:       3       17

ජනරළ Sunday, 17 November 2024 12:52 PM

ඕක මේ අද ඊයේ මිනිස්සු ගත්තු තීරණයක් නෙමෙයි. බොහෝම කාලෙක ඉඳන් මුළු රටටම එපා වෙලා තිබුනේ සෙට් එකම. මෙයාව නම් ඔය පැත්තේ ඉන්න මෙයාලාගේ රැහේ මිනිස්සුන්ටත් එපා වෙලා උන්නේ. ඒත් පන්නන්න බැරි වුනානේ අනුප්‍රාප්තිකව ගෙනැල්ලා පුටුවේ වාඩි කරවලා මිනිහා ලව්වා ජල ප්‍රහාර, කඳුළු ගෑස් බටන් පාරවල් දීලා මිනිස්සුන්ව පාගාගෙන හිටපු නිසා. වෙලාව ආපු ගමන් ඔය අනුප්‍රාප්තිකයාවයි, මෙයාලාවයි ඔක්කෝම අපතයෝ ටික දුවපියව් කියලා පන්නලා දැම්මා. දෙන්නෙක්, තුන් දෙනෙක් ඉතුරු වුනේ හරියට කොමඩ් ඒක ෆ්ලෂ් කරාම සමහර වෙලාවට කෑළි දෙකක් තුනක් ඉතුරු වෙන විදියට...!

:       5       15

සිලින්ඩර් බිල්ල Sunday, 17 November 2024 01:06 PM

කොහේ ගියත් කමක් නැහැ... අර අසූචි නැවේ අලාබේ ගෙවලා යන්න...

:       1       12

fairoos Sunday, 17 November 2024 01:29 PM

සමුගත්තා කියලා නඩුවලින් නම් බේරෙන්න වෙන්නේ නෑ...

:       1       7

නන්දන පනා-මිලානෝ Sunday, 17 November 2024 02:07 PM

දේශපාලනය වෙනුවට දැයෙන් සමුගත්තා කියලා තිබ්බා නම්...

:       3       8

Rifan Sunday, 17 November 2024 02:11 PM

දේශපාලනය මොවුන්ට ව්‍යාපාරයක්, ලාභයක් නොමැති බව තේරෙන විට ඉවත් වෙනවා. මේක තමයි යථාර්තය..!

:       2       6

Manjula Sunday, 17 November 2024 03:29 PM

ජනතාවගේ බලවත් ඉල්ලීම නිසා එන්න එපා දෙයියෝ...!

:       0       1

john Sunday, 17 November 2024 05:07 PM

වැලිකඩින් අලුත් ගමනකට ආසිරි...

:       0       2

Siri Sunday, 17 November 2024 05:26 PM

"දේශපාලනයෙන් සමුගත්තා" නොවේ.. ඡන්ද දායකයින් පස්ස පැත්තට පයින් ගහලා ගෙදර යැව්වා කිව්වා නම් තමයි නිවැරැදි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 58 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2011 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site