
(සුජිත් හේවාජුලිගේ)
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය කර ඇත.
එසේම අමාත්‍ය බිමල් රත්නායක මහතා දස වැනි පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙසත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් පත් කිරීමට තීරණය කර ඇත.
නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක පත්කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.
පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම පැවැත්වෙන ලබන 21 වැනිදා කතානායකවරයා තෝරා පත් කර ගැනීම සිදුකෙරේ. කතානායක තනතුරට එක් මන්ත්‍රීවරයෙකුට වැඩි පිරිසක් යෝජනා වුවහොත් ඡන්ද විමසීමක් පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
සභා නායක ධුරය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා නම් කෙරෙන මන්ත්‍රීවරුන් දෙදෙනා රජය දැනුම් දීමෙන් පසු එම නම් දෙක පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩිම විශ්වාසය දිනා ගන්නා මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයා ලෙස පත් කෙරේ.
විපක්ෂ නායක ධුරයද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයද නවකතානායකවරයා විසින් ඒ ආකාරයට පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරෙන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ අයට විතරයි තනතුරු ඕන කියලා තප්පුලපු මාලිමා සෝදන බලකායට දැන් මොකද වෙන්නේ! පව්.
ඉතිං හොඳ තීරණයක්. දශක ගණනාවක් එකම ප්‍රතිපත්තියේ කටයුතු කරපු අවංක පුද්ගලයෙක්. සුබ පතනවා.
ටිල්වින් සිල්වට මොනවත්ම නැද්ද ?
හොදයි.