IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?

(සුජිත් හේවාජුලිගේ)

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට  රජය තීරණය කර ඇත.

එසේම අමාත්‍ය බිමල් රත්නායක මහතා දස වැනි පාර්ලිමේන්තුවේ සභානායකවරයා  ලෙසත් අමාත්‍ය වෛද්‍ය  නලින්ද ජයතිස්ස මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් පත් කිරීමට තීරණය කර ඇත.

නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක පත්කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම පැවැත්වෙන ලබන 21 වැනිදා කතානායකවරයා තෝරා පත් කර ගැනීම සිදුකෙරේ.  කතානායක තනතුරට  එක් මන්ත්‍රීවරයෙකුට වැඩි පිරිසක් යෝජනා වුවහොත්  ඡන්ද විමසීමක් පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

සභා නායක ධුරය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා නම් කෙරෙන මන්ත්‍රීවරුන් දෙදෙනා රජය දැනුම් දීමෙන් පසු එම නම් දෙක පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩිම විශ්වාසය දිනා ගන්නා මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයා ලෙස පත් කෙරේ.

විපක්ෂ නායක ධුරයද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයද නවකතානායකවරයා විසින්  ඒ ආකාරයට පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරෙන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (4)

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?

මැක්ස් Tuesday, 19 November 2024 04:09 PM

තරුණ අයට විතරයි තනතුරු ඕන කියලා තප්පුලපු මාලිමා සෝදන බලකායට දැන් මොකද වෙන්නේ! පව්.

:       0       0

ranjith Tuesday, 19 November 2024 04:18 PM

ඉතිං හොඳ තීරණයක්. දශක ගණනාවක් එකම ප්‍රතිපත්තියේ කටයුතු කරපු අවංක පුද්ගලයෙක්. සුබ පතනවා.

:       0       0

Siri Tuesday, 19 November 2024 04:26 PM

ටිල්වින් සිල්වට මොනවත්ම නැද්ද ?

:       0       0

Aroshan Tuesday, 19 November 2024 08:32 PM

හොදයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site