IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු

 

 

(ගයාන් සූරිය ආරච්චි,ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන්)

මත්ද්‍රව්‍ය ආරවුලක් මත  නැදිමාල, දෙහිවල  ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු  ඊයේ (18) අත්අඩංගුවට ගත් බව  බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා පොලිසියේ වසරක කාලයක් සේවය කර ඉන් ඉවත් වූ චරියා  නැමැති අවුරුදු 27 පුද්ගලයකු සහ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 පුද්ගලයෙකි.

බඩෝවිට කොස් මල්ලි සහ බඩෝවිට අසංක නමැති අපරාධ කණ්ඩායම් දෙක අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත චූවා සමන්ත නමැත්තාගේ මස්සිනා කෙනෙකු සැකකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඉකුත් සැප්තැම්බර් 20  දින එම වෙඩි තැබීමෙන්  ගුණාලංකාර පාර, කලුබෝවිල, දෙහිවල ලිපිනයෙහි පදිංචිව සිටි නාරාහේන්පිටගේ අනුර කොස්තා නැමැත්තෙකු ජීවිතක්ෂයට පත්විය. 

එම වෙඩි තැබීම සදහා සැකකරුවන් භාවිත කළ යතුරුපැදිය පොලිස්  විමර්ශනවලට හසු නොවන පරිදි කොටස් කර තිබූ අතර යතුරුපැදියේ කොටස්, වෙඩි තැබීම සදහා භාවිත කරන ලද ගිනි අවිය සහ ඒ සදහා යොදන උණ්ඩ 8 ක් පොලිස් භාරයට ගෙන ඇත.



අදහස් (1)

දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු

බකල ජයා Tuesday, 19 November 2024 09:12 AM

නම් ගම් සියල්ල සහිතයි. ලොක්කෙක් අහුවුනොත් ^අනෝනිමස්! අහෝ අපේ මා _ _ කලාව උස්තැන් දැක හැකිලෙන හැටි.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site