
(එම්.සුසිල් පියන්ත සහ ජනක් ද සිල්වා)
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි
මේ ගැටුමෙන් මිය ගොස් ඇත්තේ ඇල්පිටිය , අක්කර දහසය, දොල ඉහල, නවදගල ලිපිනයේ පදිංචි ඒ ගුණවර්ධන නමැති පනස්පස් හැවිරිදි විවාහක වෙළද සැල් හිමියෙකි
වෙලදසැලට ඊයේ(18) ප්‍රදේශවාසී පුද්ගලයකු පැමිණ ඇති බවත් ඔහු හා වෙලද සල් හිමියා අතර බහින් බස් වීමක් සිදුව ඇති බවත් පසුව වෙලද සලේ හිමිකරුට ඔහු පහරදීමට කළ උත්සාහයේදී වෙලද සල් හිමිකරු විසින් ඔහුගේ හිසට වීදුරු බෝතලයකින් පහරදී ඇති බවත් පොලීසිය කියයි.
එම පහරදිමෙන් ප්‍රදේශවාසියාගේ හිස පදේශයට තුවාල සිදුව ඇති බවත් තුවාල ලත් ඔහු එම වෙළද සල ආසන්නයේ පිහිටි සිය නිවසට ගොස් කැපෙන පිහියක් රැගෙවිත් වෙළඳසැල් හිමියාගේ ගෙලට පහරදි ඇති බවත් පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි