IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි

(අංජුල මහික වීරරත්න)‍ෙ

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා විසින් නිසි ක්‍රම වේදයකින් සහ පක්ෂ අනුමැතියකින් තොරව ලබාගෙන තිබීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා මෙම මෙලෙස කෘත්‍යධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි ඉල්ලීම කර තිබේ .

රවී කරුනානායක මහතාගේ එම ක්‍රියාව පක්ෂ ව්‍යවස්ථාව බලවත් ලෙස  උල්ලංඝනය  කිරීමක් වන හෙයින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා  කොට තීරණ ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩලය හැකි ඉක්මනින් රැස් කරන ලෙස ලසන්ත ගුණවර්ධන මහතා එම ලිපියෙන් ඉල්ලා ඇත.



අදහස් (15)

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි

Bandara Tuesday, 19 November 2024 06:52 PM

රවී කරුණානායක අයින් කරලා. හර්ෂව ගන්න. ගොඩ යනවා ෂුවර්...!

:       3       3

Chinthaka Tuesday, 19 November 2024 07:20 PM

පක්ෂයේ නම එක්සත් ජාතික පක්ෂය නමින් තියෙනවා... නායකත්වය නොලැබූ කෙනෙක් 1952 පක්ෂය කඩාගෙන ගොස් ජාතිභේද ඇතිකර සිංහල පමණක් රාජ්‍ය භාෂාව කර අවුරුදු 30ක යුද්ධය ඇතිකළා... ඔය අතරේ සමහරක් විවිධ අවස්ථාවලදී පක්ෂය කඩා දමා විනාශයට මාවත් එළිපෙහෙළි කර රටේ සංවිධානය කරන්න පුළුවන්... ජාතික නායකයෝ පලවාහැරීම කළා එහෙම කළ අයගේ දරු (මුනුබුරෝ) ඒ මගම ගොස් ලැබෙන්නම තිබුණු වාසනාව අහිමි කර ගත්තා... කොහොම වුණත් 1993න් පසුව පාක්ෂිකයින්ට නම් කිසිම සෙතක් කරන්න නායක කාරකාදීන්ට නොහැකිම වුණා. ඒ නිසා 1952 ඇතිකළ ජාතිය භේදකිරීම ඉවත්කර ජාතිය එක්සත් කිරීමට වත්මන් ජනාධිපතිතුමා සමත්වෙලා තියෙනවා. 77 වර්ෂයේ ජේ.ආර්. ආණ්ඩුව ගැනීමට කටයුතු කළ ආකාරයෙන් කළ ජයග්‍රහණයක් කියන්න පුළුවන්... ඒක ලේසියෙන් පරාජය කරන්න නම් බැහැ. මෝඩයිනේ දැන්වත් එක්සත් ජාතික කියන වචනවල අර්ථය තේරුම්ගෙන කටයුතු කරපල්ලා...

:       1       5

PATTA hora Tuesday, 19 November 2024 07:22 PM

පරිණත, අත්දැකීම් තියෙන අය හත්පොලේ ගා ගන්නවා. කතාව නම් අනිත් අයට අවවාද, අනුශාසනා දෙන්න. අන්තිමට සීයා අලියත් ඉවර කළා... සිලින්ඩරේත් ඉවර කළා. 2048 දී මිනී පෙට්ටියෙන් ඡන්දේ ඉල්ලයි.

:       3       10

වික්‍රම විදුර Tuesday, 19 November 2024 07:30 PM

ඕවා කරන්න ඕනෑ නෑ... ඔය මිනීමරු කුණුගොඩ විසිරුවලා කරපු පව් පාපෝච්චාරණය කරලා හිරේ පලයල්ලා... අවුරුදු 76ක් අපේ රීරී මාන්ස උරා බීපු පිසාචයින්... හිට්ලර් තව හොඳයි...

:       4       9

WeckramasinghaWednesday, 20 November 2024 12:40 PM

විදුර වික්‍රම කියාගෙන අදහස් ඉදිරිපත් කරන කෙනා අවුරුදු 76 කට පෙර ලංකාවේ ගමනාගමනය වුණේ කොහොමද කියලා උතුරේ සැදැහැවතුන් කතරගම වන්දනාවේ යන ආකාරය බැලුවොත් හොඳයි. ඒ කාලයේ රටේ ජනතාව අනුරපුර වට වන්දනාවේ ගියේත් එහෙම්ම තමයි ආපසු එන්න නොලැබේවි කියලා දේපල පවා පැවරීම් කර තමයි වන්දනාවේ ගියේ... කොතලාවල මැතිතුමා අගමැති කාලයේ විමලසුරේන්ද්‍ර මැතිතුමා විදුලිය නිපදවනු ලැබුවා... 1965 වනවිටත් ජනතාව යැපුනේ පිටරටින් ගේන හාල් වලින්ම තමයි. රටේ ආහාර අහේනියේ තරම මාර්ටින් පෙරේරා මැතිතුමාගේ හර්තාලය සිරිමාවෝ මැතිණියගේ නිකං හාල් සේරු දෙකක් පොරොන්දුව ජේආර් ගේ ඇට අටේ සෙල්ලම හා චන්ද්‍රිකාගේ තුනයි පනහේ පොරොන්දුව පෙන්වන්න පුළුවන්... ඒත් අවුරුදු 76 ක් හිටපු පාලකයෝ නුඹලා කියන ආකාරයට කිසිවක්ම නොකලා වුණත් දැන් දැන් ජනතාවට අවශ්‍ය සහල් ලංකාවේ නිෂ්පාදනය වෙනවලු...

:       6       2

chandima Tuesday, 19 November 2024 07:56 PM

කෘත්‍යාධිකාරි මණ්ඩලේ කියන්නේ රනිල්ම නේද...?

:       2       8

Srinath priyantha karunarathna Tuesday, 19 November 2024 09:08 PM

UNP කියලා පක්ෂය මහපොළවේ තියෙනවාද රැස්කරන්න...

:       0       0

Chathuri Tuesday, 19 November 2024 09:55 PM

පුදුමයි නේද? මන්ත්‍රි ධුර දෙකයි. ඒකත් එකක් හොරාකාලා නුඹලා මොනවාද හොරා නොකෑවේ...? ඉදිරියේදී නොකාපු ඒවත් කන්න වෙයි. රනිල් බේබිගේ පස්සෙන් යන්න එපා. දැන් මේ මහලු කට්ටිය. හිරගේ ඇතුලේ මහළු මඩමක් දාලා. නාකි මයිනාගේ අයත් එක්ක එකට වැළළුණා නම් හරි. ජිවිතේට රට පෙරලන්න බැහැ. ඒක හීනයක් විතරයි.

:       0       0

පිටරටවැසියා Tuesday, 19 November 2024 11:33 PM

මදෑ පළපුරුදු කෂ්ටිය කරගත්ත හරිය... පිනට හම්බ වෙලා, අතට ගත්තු එක, කටට දාගන්න දඟලන වලියක්.. පුළුවන් සිරි ලංකා..

:       0       0

රවී Wednesday, 20 November 2024 01:36 AM

රනිල් කියන නාකි හිවලා නොහොත් නෂ්ඨ කාමයා හිතාගෙන ඉන්නේ තවමත් එයා රටේ ජනාධිපති කියලා. මම ඉවසාගෙන බලාගෙන උන්නේ මගේ වෙලාව එනකම්. රනිල්ට ඕනෑ... ඔය සීට් එක "නින්දගමක් විදිහට එයාගේ ප්‍රියම්බිකාව වන සාගලට තෑගි කරන්නයි. දැන් ඉතින් ගැසට් එක රිවර්ස් කරන්න බැහැ. මම මන්ත්‍රී වරයෙක්, හැබැයි රනිල් සීයා ගෑස් පෙන්නන්න ආවොත් මගේ ළඟ ගිනිපෙට්ටිය තියෙනවා.

:       0       2

wije Wednesday, 20 November 2024 07:21 AM

සිලින්ඩර මුත්තාගේ පලපුරුදු තක්කඩි, අනේ අපොයි...

:       1       4

joby jacob Wednesday, 20 November 2024 08:35 AM

පළාත් සභා මැතිවරණයෙන් පරදින්න ආයෙත් රැස්වෙනවා...!

:       0       3

joby jacob Wednesday, 20 November 2024 08:39 AM

වර්ජනයක් කියන්නේ JVP සහ NPP. ඒ නිසා ඉදිරියේදී වර්ජනයක් නැහැ...!

:       1       2

sam Wednesday, 20 November 2024 09:34 AM

හැමදේම දන්න ජොලි සීයාට රවී වැඩේ දෙයි...

:       0       5

දලුවගෙදර Wednesday, 20 November 2024 09:55 AM

අත්දැකීම් බහුල සීයටත් කෙළවුණාද? රවී නීච වී සල්ලිවලට ගත්තාද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site