
(මොහොමඩ් ආසික්)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ වරකාපොල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකත් කර තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව සහ නාරමම්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ , ඉඹුල්පේ සහ ඕපනායක යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය අද (19) වනදා රාත්‍රී 9.30 දක්වා බල පැවැත්වෙයි.
පළමු මට්ටමේ නාය යෑමේ අවදානම් නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවලට පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 ඉක්මවූ සහ දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශයලට පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් වැස්ස තව දුරටත් පවතී නම් අවධානයෙන් සිට ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර ගන්නා ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්