IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්

(නිමල කොඩිතුවක්කු)

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු  ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ කරන බව  පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවසීය.

ඉන්ද්‍රජාලකයා යනු කරන්න බෑ කියා විශ්වාස කරන දේවල් කර පෙන්වන්නා  බවත් ඉතිහාසයේ ප්‍රථම වරට ජනපතිවරණයේ දී ලබා ගත් ඡන්ද ගණනට වඩා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබා ගත් ඡන්දගණන වැඩි කරලා පෙනවීමත් උතුර, දකුණ, නැගෙනහිර සහ මධ්‍යම පලාත් හතරම එක පක්ෂයකින් ජයග්‍රහණය කර පෙන්වීමත් හේතුවෙන් ජනාධිපතිවරයා ඉන්ද්‍රජාලකයෙකු බවට පිලිගන්නා බවත් ඔහු සඳහන් කළේය.

පිවිතුරු හෙළ උරුමය කාර්්‍යාලයේ දී පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ගම්මන්පිල මහතා තවදුරටත් මෙසේද කීවේය.

“ජනාධිපතිතුමා ජයග්‍රහණයෙන් පසු කළ පළමු කතාවේ දී මම ඉන්ද්‍රජාලකයෙකු නොවෙමි කිව්වාට එතුමා කියලා තිබෙන්නේ බොරුවක්. ඇත්තෙන්ම එතුමා ඉන්ද්‍රජාලකයෙකු තමයි. 

ඉතිහාසයේ ප්‍රථම වරට ජනපතිවරණයේ දී ලබා ගත් ඡන්ද ගණනට වඩා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබා ගත් ඡන්දගණන වැඩි කරලා පෙන්නුවා. ඊටත් වඩා වැදගත්. ඉතිහාසයේ ප්‍රථම වරට උතුර, දකුණ, නැගෙනහිර සහ මධ්‍යම කියන පලාත් හතරම එක පක්ෂයකින් ජයග්‍රහණය කරලා පෙන්නුවා.

ඉන්ද්‍රජාලකයා කියන්නේ කරන්න බෑ කියලා විශ්වාස කරන දේවල් කරලා පෙන්වන කෙනා. එහෙමබැලුවාම ජනපතිතුමා ඉන්ද්‍රජාලකයෙකු තමයි.



අදහස් (23)

ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්

ලසන්ත Tuesday, 19 November 2024 03:23 PM

ඕවානං මොනවද ඉතිං? විශ්වාසභංගේ ගේන හැටි කියහංකෝ!

:       6       179

කසුන් Tuesday, 19 November 2024 03:46 PM

ඊළඟ මැතිවරණයේදී ඔබේ මනාපයත් මාලිමාවට දෙන්න එහෙනම්

:       9       139

මැක්ස් Tuesday, 19 November 2024 03:55 PM

මහාචාර්ය මුනිට අනුව නම් මෙම ඉන්ද්‍රජාලිකයා පසුපස බලවත් තානාපති කාර්යාල කටයුතු කරලා තියෙනවා. මාසයක් වැනි කාලයකදී උ. නැ. චන්ද 500%කින් පමණ වැඩි කර ගන්න ඉන්ද්‍රජාලිකයකුට උනත් අපහසුයි බාහිර බලවේගවල තල්ලුව නැති නම්. 2015දී ඒ වැඩේ කලේ අජිත් දෙවොල්. ඉහල පෙලේ ඉන්දියානු නිලධාරියෙක්. එම මැතිවරණයේදීත්, චන්දය පැවැත්වූ දින හවස් වරුවේ උතුරු නැගෙනහිර පළාත්වල ඡන්දය දැමීම බුරුතු පිටින් සිදු වුණා. ඒ ගැන විමසීමක් කළ යුතු බව එකල කතා බහක් ඇති වුණා.

:       161       28

randil dunuwilleTuesday, 19 November 2024 04:30 PM

රටට සාපයක් ඔබලා වගේ මිත්‍යා දෘෂ්ටිකයෝ, විමල් වීරවංශලා වගේ තව එවුන් එපා.

:       0       0

Rukmal SeneviWednesday, 20 November 2024 01:12 AM

ඇයි පල්ලි වලින් සහ LTTE ඩයස්පෝරා පහුගිය මාස 3 ක් ම කිව්වේ මාලිමාවට දෙන්න කියලනේ… මොකද? නිකන්ද? වෙන්න බෑනේ….? අනාගමික ( ලන්කාවේ අනාගමික කියන්නේ බුද්දාගම නෑති කරන එක) සහ ෆෙඩෙරල් රාජ්ජයක් හදන පොරොන්දුවට !!! අදම පේනවා ලකුනු…. දේවල් ආරම්බ කරනකොට පොල්තෙල් පහන, අනිත් ලාන්කික සලකුනු බුදුන් වැඳීම, පන්සිල් ගැනීම ඔක්කෝම නෑ නේද? ජූලි චුන්ග් ඇමරිකන් තානාපති, කතෝලික සහ බෝන් අගේන් පල්ලි (ඩයස්පෝරා අද 100% ක් බෝන් අගේන්) ඔක්කොටෝම පුදුම සතුටක් ඇත්තේ නේද…? ලන්කාවේ බෞද්ධයින්ව අන්දන්න ලේසියි. තමන්ගේ අනන්‍යතාවය නැතිකර ගත්තා කියලා එකපාරටම රටක් දියුනු වෙන්නේ නෑ….

:       0       2

dileepa1986Wednesday, 20 November 2024 03:05 PM

කරුණාකර ක්‍රමය පවසන්න. කොහොමද එහෙම ගත්තේ කියලා. හොර ඡන්ද දාලාද? නැත්නම් මිනිස්සු මෝහනය කරලාද? නිකම් කට වාචාල කමට කියන්නේ නැතුව...

:       0       0

රම්බොඩ Tuesday, 19 November 2024 04:11 PM

පක්ෂ බදාගෙන නැති රටට ආදරය ඇති ජනතාව හැමදාම තීරක බලවේගය වෙලා පාලකයින්ට බලය ලබා දෙනවා. වැඩක් කරන්න පුළුවන් විදිහට දැන් ජනතාව උපේක්ෂාවෙන් බලා සිටිනවා රට දිනවන දිහා. කිසිවක් කියන්න තවම කාලය මදි.

:       0       0

ජයනාත් Tuesday, 19 November 2024 04:31 PM

එහෙනං තමුන් කියපු කතා බොරු නේද? කරන්න බැරි වැඩ කරල පෙන්වනවා. පාස්කු ප්‍රහාර ගැන දැන් මොකද කියන්නේ. තමුන්ට දැන් යන එන මං නැහැ. දැන් කරන්න වෙන රස්සාවක් හොයා ගන්න.

:       0       0

Jayasekara Tuesday, 19 November 2024 04:42 PM

ඉතිං ඔයත් ඉන්ද්‍රජාලිකයෙක් වෙන්නකෝ. හැබැයි ඡන්ද හම්බ වුණේ ඇස් බැන්දුම් කරලා නෙමෙයි. උඹලගේ නරි නාටක එපා වෙලා.

:       0       0

Sellakkara Kolla Tuesday, 19 November 2024 04:48 PM

හිරිකිත දේශපාලනය අහවරයි සහෝදරයා... පැත්ත මාරු කරන්න හදන්න එපා. ඔයාව ගන්න එකක් නෑ...

:       6       47

ගමේ එකාලා Tuesday, 19 November 2024 04:50 PM

මාරුවෙන් මාරුවට බලයේ හිටපු රටම හොරාකාලා විනාශ කරපු, ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු කාලකන්නි බලලෝභී බඩගෝස්තරවාදී දූශිත දේශපාලුවන් මෙවර ජනතාව ප්‍රතික්ෂේප කර, ජනතාවාදී, අදූෂිත නායකයෙක් පත්කෙරුවා...!

:       6       41

Kamal Koyrala Tuesday, 19 November 2024 05:17 PM

මෙතෙක් ඔබතුමා විකුණන් කෑවා... ජාතිවාදයත් අහෝසි වුණා.

:       5       38

එම්.දම්මසිරි. Tuesday, 19 November 2024 06:13 PM

ජනාධිපතිතුමා ඉන්ද්‍ර ජාලිකයෙක්!!! ඔයා අග්නි (ගිනි) ජාලිකයෙක්?

:       6       50

ravin Tuesday, 19 November 2024 06:19 PM

ඉන්ද්‍රජාලයෙකුටද හිවලෙකුටද ශිෂ්ඨ සමාජය තුළ වැඩි පිළිගැනීමක් තියෙන්නේ... සුදුසු තොප්පිය දාගත්තොත් හොඳයි..!

:       3       31

chandima Tuesday, 19 November 2024 07:53 PM

මේ මොකද මෙයා දැන් බාබෙද්දෝ කියලා කෑගහන්නේ? ඡන්දෙන් පස්සේ කවුරුවත් කනපිට ගැහැව්වාද?

:       0       4

Mine Tuesday, 19 November 2024 09:45 PM

උතුර දකුණ යා කළා කියන්න පුළුවන්ද මේ මනුස්සයාට...? උතුර දකුණ බෙදන්න කොච්චර වලි කෑවාද..? වැලලෙන්න හැදුවා. ඇත්තටම තේරිලා කියනවාද, භයට කියනවද, ලැජ්ජාවට කියනවාද, ලැජ්ජා නැතිව කියනවාද හිතා ගන්න බෑ...

:       0       0

පිටරටවැසියා Tuesday, 19 November 2024 11:49 PM

බයිලා එපා, දෝෂාභියෝගය ගෙනෙන දවස ජනතාවට කියල ඉන්නවද?

:       0       0

Perera Wednesday, 20 November 2024 12:14 AM

මේ වගේ අවලංගු කාසියක්.

:       0       0

Wednesday, 20 November 2024 12:17 AM

ඒ ගමන මූ මොකාටද එන්න හදන්නෙ?

:       0       0

Rata Perata Wednesday, 20 November 2024 01:28 AM

මෙන්න මේ වගේ මානසික ලෙඩ්ඩු අල්ලලා බෙහෙත් කරන වැඩපිළිවෙළක් ඉක්මණින් ක්‍රියාත්මක කරන්න...

:       0       1

Perera Wednesday, 20 November 2024 08:20 AM

මෙයාට දරුණු මානසික රෝගයක් තියෙනවද කොහෙද?

:       0       3

sam Wednesday, 20 November 2024 09:42 AM

පාස්කු ප්‍රහාරයේ තවත් බොරු වාර්තාවක් නැද්ද? මෙයත් හරියට රංගෙ බණ්ඩාර වගේ...

:       1       4

සන්ක Wednesday, 20 November 2024 01:03 PM

මෙයා දැන් මේ කියවන්නේ පිස්සුවෙන් වගේ... මොකද කියපු හැම කතාවක්ම රටේ සමස්ත ජනතාවම නෑහුනා වගේ හිටියේ පිස්සු දොඩවන නිසා. මෙයා දැන් යන එන මන් නැතුව කුණු බක්කියට වැටිලා ඉන්නේ. ලැජ්ජයි කියන්න...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site