
(සුජිත් හේවාජුලිගේ)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
පොලිස් භට කණ්ඩායමක් නිවෙසේ ආරක්ෂාව සඳහා යොදවා තිබෙනු එහි ගිය අපට දැකගත හැකිවිය.
පසුගිය මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමිවිය. ඉන් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම පක්ෂයේ මහ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව යොමු කරනු ලැබීය. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව රවී කරුණානායක මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කළේය.
රවී කරුණානායක මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට එසේ නම් කිරීමෙන් පසු නිවේදනයක් නිකුත් කළ එම පක්ෂය පැවසුවේ සන්ධාන ගතව තරග කළ පාර්ශ්වයන්ගේ අනුමැතියකින් තොරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යොමු කිරීම වැරදි තීරණයක් බවයි.
පක්ෂයේ ලේකම්වරිය විසින් කරන ලද එම නම් කිරීම හේතුවෙන් පක්ෂය තුළ දැඩි අර්බුදකාරී තත්වයක් මතුව ඇත. රවී කර්මානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙ සට ආරක්ෂාව සපයා ඇත්තේ මේ අර්බුධකාරී තත්වය සැලකිල්ලට ගෙන බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවී කරුණානායක නිවෙස වත්මන් ජනපති තුමාට අමුතු ස්ථානයක් නෙවෙයි. විශේෂයෙන්ම 2015-19 කාලේ එතුමා සැහෙන්න ඒ ගෙදර ගැවසුණු බව දන්නෝ දනිති. ඒ හිතවත්කමට පොලිසිය ආව වෙන්නත් පුළුවන්.
රවිලා හරි ගඳයි.
ආරක්ෂාව දාලා තියෙන්නේ රනිල්ගෙන් පරිස්සම් වෙන්ඩ ඇති. ඒ කාලේ රවී, රනිල් ගජ මිතුරෝ . මහ බැංකු බැන්දුම්කර වංචා කෙරුවේ එකට.
නිවස ආරක්ෂා කරන ගමන් මහජනයා විසින් රටද ආරක්ෂා කර ගමු. හේතුව ආරක්ෂා කරන නිවසේ හොරු සිටීමට බොහෝ ඉඩ ඇත...!
පලපුරුදු සීයාට මන්ත්‍රී කෙනෙක් පත් කරගන්න බැරුව තව කොහේද?
මටත් අර්බුදයක් තියෙනවා... පොලිසිය දෙනවද? අනුරත් නරකම නෑ.
ලෝක හොරුන්ට මහජන මුදලින් ආරක්ෂාව සැලසීම අනුමත නොකරමි.
මහ බැංකුවට තිබුණ ගෞරවය විනාස වෙලා. ඒක විනාශ වෙන්න පටන් ගත්තේ මෙයා මුලින්ම මුදල් ඇමති කරාට පස්සේ.
තේ කඩේක කැෂියර් කමකටවත් නුසුදුසු ලෝකෙම හොඳම මුදල් ඇමති.. පළපුරුද්ද, හොරා කෑමට...
මම හූනා කිව්වා වගේ කියන්නම්... මේක රනිල්ගේ ගැටයක්.. මෙයාට ආයේ පාර්ලිමේන්තු එන්න ගහපු ගැටයක්... තව ටික දවසකින් කියයි මෙයා ඉල්ලා අස්වෙලා රනිල් එනවා කියලා...!
පාර්ලිමේන්තුවට වැද්ද නොගත යුතු කෙනෙක්.
මෙයාට ආරක්ෂාව ඕනෑ නම් හිර ගෙදර හිර කූඩුවකට දාන්න.
අරුම පුදුම වැඩ තමයි ලංකාවේ තියෙන්නේ, කප් ගහපු, ගිනස් පොතට නම යන්න ඉන්න කම්බ හොරෙක්ට හොඳටම කරලා, ඕක තමයි ක්‍රමය, හොරු හැමදාම ගොඩ...!
මේ හාදයාට විදේශ විනිමය වංචා චෝදනාවක් තිබුණා. ඒකෙන් බේරෙන්න 2017 ගැසට් එකක් ගහලා නඩුවෙන් බේරෙන්න ක්‍රමයක් හදාගත්තා. අන්තිමට ඒ ගැසට්ටුව නිසා රටේ විදේශ විනිමය හිඟයක් ඇතිවෙලා රටත් බංකොළොත් වුණා. මෙයා තව ලොකු හොරකම්වලට සම්බන්ධ කෙනෙක්. එකක් තමයි මහබැංකු හොරකම...
අපිට නම් සත 5ක වටිනාකමක් නැති පුද්ගලයෙක්...!
ලංකේය ඉතිහාසයේ ටයි, කෝට් හොරුන්ගේ සංකේතය...!
මේ වගේ වැඩ කරන්න ගිහිල්ලා අනුරත් නිකම් නග්ගනවා. මෙයාට මොකට පොලිස් ආරක්ෂාව දෙනවද?