මාධ්‍යවේදියෙකුගේ සිරුර මෝදර වෙරළෙන් හමුවෙයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, විදුල ළමා වැඩසටහන් ඒකකයේ නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කළ ඉදුනිල් ජයවර්ධන මහතාගේ මළසිරුර මෝදර වෙරළේ තිබී අද(05) හමු වූ බව පොලිසිය පවසයි. 05 June 2024
ගංවතුර තේ ගසට මාරයා රැගෙන එයි ගංවතුරට යටවූ මාතර දිස්ත්‍රික්කයේ තේ ගස් මැරීයාමේ තර්ජනයක් ඇතැයි කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි. 05 June 2024
ආපදාවෙන් පුද්ගලයින් 253,581 ක් පීඩාවට ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 ක පවුල් 66 906 කට අයත් පුද්ගලයින් 253 581 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි. 05 June 2024
වඟුරු බිමේ නාන්න ගිය සිසුවා මරුට වගුරු බිමක දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවකු අද (05) දියේ ගිලී මියගොස් ඇතැයි බද්දේගම පොලිසිය පවසයි. 05 June 2024
දැරියට පහරදුන් සුළු පියා ඇතුළු පහක් රිමාන්ඩ්:දැරිය පරිවාසයට පසුගියදා වැලිඔය කල්යානිපුර දී ඉතා අමානුෂික ලෙස සිව් හැවිරිදි දියණියකට පහර දුන් සැකකාර සුලු පියා සමඟ එකී දියණියගේ මව හා තවත් කාන්තාවන් දෙදෙනෙකූ මැයි 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් කසුන් කාන්චන දසනායක මහතා අද(05) නියෝග කලේය. 05 June 2024
මාමාගෙන් බෑණාට පොරෝ පහරක් ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකට බැණාගේ ඔලුවට පොරව පහරක් එල්ල කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි. 05 June 2024
කෑම වර්ග රැසක මිල අඩු කරයි ගෑස් මිල පහත දැමීමට සමගාමීව කෑම වර්ග රැසක මිල පහත දැමූ බව ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පැවසීය. 05 June 2024
මාතර බන්ට් එකක් කැඩේ අත්තුඩාව ගල්බන්ට් එකේ කොටසක් කඩා ගෙන ගොස් ගංවතුර පිටාර ගැලීමට පටන් ගැනීම නිසා යුධ හමුදාව සාමාජිකයින් යොදවා වැලිකොට්ට ගසා එම බැම්ම ආරක්ෂා කර ගැනීමට අද (05) කටයුතු කල බව මාතර දිස්ත්‍රික් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පවසයි. 05 June 2024
උදයංගට කෙටි කලකට රට යන්න අවසර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට ආදාලව උදයංග වීරතුංග මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම එළඹෙන දෙසැම්බර් 4 වැනිදා තෙක් ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා අද (05) නියෝග කළේය. 05 June 2024
ගම්මන්පිල - සමාජ ක්‍රියාකාරීන් අතර නොසන්සුන් තත්වයක් ‘සර්වජන බලය’ සන්ධානය නව විදුලිබල පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුම අසළ පැවැත්වූ අද (5) පැවැති විරෝධතාවක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිස සහ සමාජ ක්‍රියාකාරීන් අතර නොසන්සුන් තත්වයක් ඇතිවිය. 05 June 2024
අපරාධකරුවකුගේ ගෝලයන් දෙදෙනෙක් මාට්ටු ඩුබායි හි සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ජෝති රූබන් සහ සේදවත්තේ කසුන් නමැත්තන්ගේ සමීපතමයන් දෙදෙනකු විදේශීය රටක නිශ්පාදිත පිස්තෝල ගිනි අවියක් උණ්ඩ 54 ක් සහ හොරොයින් සමග අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශනය ඒකකය පවසයි. 05 June 2024
විදුලි පනත පරාජය කරන්න විදුලිබල ප්‍රතිසංස්කරණ පනත සංශෝධනය කිරීමට උපරිම උත්සහ කර එසේ කිරීමට නොහැකි වුවහොත් පනත පරාජය කරන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ හෘදසාක්ෂියක් ඇති මන්ත්‍රීවරුන්ගේන් ඉල්ලා සිටින්නේ යැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අද (5) පැවසීය. 05 June 2024
කොළේට සීමා වුණ පනත්වලින් කතුන්ට සෙතක් නෑ කඩදාසි වලට සීමා වුන පනත් වලින් කාන්තාවන්ගේ ජීවිත සංවර්ධනය වන්නේ නැතැයි ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය 05 June 2024
මෝදි දිවුරුම් දීම සෙනසුරාදා භාරතීය ජනතා පක්ෂයට තනිවම බහුතර බලය හිමි නොවුණත්, භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ ප්රජාතන්ත්රවාදී සන්ධානයට බහුතර බලය හිමිවීමත් සමඟ පිටපිට තෙවැනි වරටත් ජනවරමක් හිමිවුණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන සෙනසුරාදා (8) දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි. 05 June 2024
‘මැතිවරණ කල් දාන්න ආණ්ඩුව යොදන උපක්‍රම ගැන අවදියෙන් ඉන්න‘ මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව යොදන උප්පරවැට්ටි ගැන ජනතාව සහ දේශපාලන පක්ෂ අවදියෙන් සිටිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. 05 June 2024
‘විදුලි පනතට ආණ්ඩුවෙන් වෙනත් සංශෝධන නෑ‘ විදුලි බල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සියලුම සංශෝධන පිළිගැනීමට ආණ්ඩුව එකඟවී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 June 2024
අලුත් රාජ්‍ය තාන්ත්‍රිකයෝ 14ක් ජනපතිට අක්ත පත්‍ර දෙති ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 05 දෙනෙක් සහ තානාපතිවරු 9 දෙනෙක් අද (05) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අක්ත පත්‍ර බාර දුන්හ. 05 June 2024
සිසුවෙක්ට ගිනි තැබු සැකකරු බන්ධනාගාරයෙන් පනියි පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරව සිටි රැඳවියෙකුට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇති බවට පල්ලෙකැලේ පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබේ . 05 June 2024
හරි අවසර නැති කඳු ගෙවල් ගැන පියවරක් ගනියි නිසි පරිදි අදාල ආයතන වලින් අනුමැතිය නොගෙන ඉදිකරන ලද කඳු ආශ්රිත ගෙවල් අනවසර ඉදිකිරීම් ලෙස සලකන්නට සිදුවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 05 June 2024
රත්නපුර නව නගරයේ ඉඩමක් පළාත් සභාවට විකුණයි රත්නපුර නව නගරයේ පිහිටි ඉඩම් කොටසක් සබරගමුව පළාත් සභාව වෙත ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 05 June 2024
සජිත්ගෙන්-දිනේෂ්ගෙන් මෝදිට සුභපැතුම් තුන්වෙනි වතාවටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු පාර්ලිමේන්තුවේදී ඊයේ(5) සුභ පැතුම් පිරිනැමූහ. 05 June 2024
කෝටියක ඉන්දියන් ඉඟුරු පන්නන්න බැරි වෙයි ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන,ඉගුරු ඇසුරූ ගෝනි 29 ක්,සැක කරුවන් දෙදෙනෙකු ද ඉල්ලන්තඩිය වෙරළ තීරයේ දී අත් අඩංගුවට ගත් බැව් නොරොච්චෝල පොලිසිය පවසයි. 05 June 2024
අලුත් අපරාධ නඩු විධාන සංග්‍රහය පාර්ලිමේන්තුවට අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධිත කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 June 2024
උතුරේ ගම් අටක් වෙනම සංවර්ධනය කරයි අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ආඩියාගල, නෙල්ලිකුලම හා නල්ලමුදාව ගම්මාන තුන සහ මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පාලක්කුලි හා කළ්‍යානිපුර ගම්මාන පහ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වශයෙන් සංවර්ධනය කිරීම සඳහා තෝරා ගෙන තිබේ. 05 June 2024
අන්සතු වීසාවලින් රට යන්න ගිහින් කොටුවෙයි අන් අයෙකු සතු , වලංගු වීසා බලපත්‍රයක් හිමි ගමන් බලපත්‍රයක් යොදා ගෙන කැනඩාව බලා පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තරුණයෙකු අද(05) ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 05 June 2024
’’ අනෙක් අය සපත්තු හොයන කොට මං සෙරෙප්පු දාගෙන ගියා’’ අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් සෙරෙප්පු දමාගෙන ගොස් ආණ්ඩුව බාරගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 05 June 2024
කොළඹ කොටුවේදී දුම්රියක් පීලි පනී කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 05 June 2024
කඩුවෙල අධිවේගී පිවිසුම යළි සාමාන්‍ය පරිදි තාවකාලිකව සම්පූර්ණයෙන් වසා දැමුණු කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අද (5) උදෑසන 8 සිට සාමාන්‍ය පරිදි මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි. 05 June 2024
පළාත් කිහිපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 June 2024
දොස්තරට ගිනි අවි පෙන්වා රන් ආභරණ කොල්ල කාලා වෑකඩ ප්‍රාථමික රෝහලට කඩාවැඳුණු නාඳුනන පුද්ගලයකු වෛද්‍යවරියකට ගිනි අවියක් පෙන්වා රුපියල් 1,80,000ක් පමණ වටිනා රන් මාලයක් සහ අත් පලදනාවක් කොල්ල කා පලාගොස් ඇතැයි බඩල්ගම පොලිසිය පවසයි. 05 June 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025