ඩුබායි යන්න ආ විශ්රාමික ගුවන් සෙබළියගේ බෑගයේ ජීව උණ්ඩයක්
ඩුබායි වෙත පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විශ්රාමික ගුවන් හමුදා සෙබළියකගේ අත් බෑගය තුළ තිබූ ටී - 56 උණ්ඩයක් , ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ගමන් මලු පරිලෝකන යන්ත්ර පරීක්ෂා කිරීම සිදු කරමින් සිටි ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සොයා ගෙන ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .