ජේතවන සිද්ධියට රියැලිටි ගායකයකු ඇතුළු පහක් මාට්ටු
අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කිරිමෙි සිද්ධියට එම ජාවාරමේ මහ මොළකරැ බව කියන රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයකට සහභාගීවී අවසාන කීප දෙනා අතරට තේරී පත්වී ඡයගත් ප්රසිද්ධ ගායකයකු ඇතුළු සැකකරුවන් පස්දෙනකු අකුණු සන්නායකයේ ආරෝපණය පරීක්ෂා කරන කරන උපාංගයක් , නවීන මෝටර් රථයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන පහක් සමඟ අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය පවසයි.