IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනපතිගෙන් ඇමතීන්ට අවවාදයක්



(සුජිත් හේවාජුලිගේ)

දුරකතන ඇමතුම්වලට හැකි සෑම අවස්ථාවකම ප්‍රතිචාර දක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලුම  මැති ඇමතිවරුන්ට උපදෙස් දී ඇත.

ජනතාවගේ දුරකතන ඇමතුම් වලට සවන් දී ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු කඩිනමින් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නයිද ඔහු දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද  මේ දැනුම් දීම කර ඇතැයි දැනගන්නට ඇත. ආණ්ඩුවේ ඇතැම් ඇති ඇමතිවරුන් ජනතාවගේ සහ මාධ්‍යවේදීන්ගේ  දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන බවට විවිධ චෝදනා එල්ල වෙමින් පවතී.

ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දී ඇත්තේ එම චෝදනා සැලකිල්ලට ගෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (3)

ජනපතිගෙන් ඇමතීන්ට අවවාදයක්

Sriyal Sunday, 26 January 2025 09:24 AM

දැන් ඇහැරිලාද පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට පියවරක් ද ඇමැති මන්ත්‍රි හැන්ගිලානේ හිටියේ මේ වෙනකම්ම.

:       2       5

පුරවැසියෙක් Sunday, 26 January 2025 09:41 AM

මෙය ඉතාමත් හොඳයි. මමද රටේ පොදු කරුණු කිහිපයක් දැනුම්දීම පිණිස කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකුට ඇමතුම් ගණනාවක් ගත් නමුත් ඊට ප්‍රතිචාර නොවීය. එක් ඇමතිවරයෙක් කිසිසේත්ම ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන අතර අනෙක් ඇමතිවරයා ප්‍රතිචාර දැක්වූ සෑම අවස්ථාවකදීම ප්‍රකාශ කර සිටියේ මම රැස්වීමක යන්න පමණි.

:       0       5

නිමල් සේදර වලස්මුල්ල Sunday, 26 January 2025 10:55 AM

බොහෝම හොඳ පණිවිඩයක්. ඒ වගේම ඇමැතිවරුන්ට දුරකථන බිලට දෙන රුපියල් 10000 රුපියල් 2000 දක්වා අඩු කරන්න. මොකද රුපියල් 668ක් දැම්මාම මාසෙ පැය විසිහතරම වුණත් ඕනෑම ජාලයකට කථා කරන්න ඩයලොග් සිම් එකෙන් පහසුකම් දී තිබෙනවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site