IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බස් බස් ගැටී නවයක් රෝහලේ

(ජේ.කේ.එල්.චාමින්ද,රවි ලියනගේ සහ බී. එච්. රම්‍යා)

ගාල්ල  අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ඉමදූව ගල් බෝක්කුව අසලදී  පුද්ගලික බස් රථ තුනක් අද (26) පෙරවරුවේ එකිනෙක ගැටීමෙන් වූ අනතුරකින් එම බස් රථවල ගමන් ගත් මගීන් නව දෙනකු තුවාල ලබා කරාපිටිය ජාතික රෝහලට ඇතුලත් කොට ඇති බැව්  කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 23,24,26,72 ආදි  වයස් කාණ්ඩවල පසු වන පුද්ගලයින් නව දෙනෙකි.

මෙම අනතුරෙන් පිරිමි පුද්ගලයින් හත් දෙනකු සහ  කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බැව් රෝහල් පොලිසිය පවසයි. අනතුරට අදාළ පුද්ගලික බස් රථ දෙකක් අකුරැස්ස සහ  ඉමදුවේ සිට ගාල්ල දෙසට  ධාවනය වෙමින් තිබී ඇත.

ගාල්ල දෙස සිට ඉමදුව දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයේ ගැටී බස් රථ තුනම එකිනෙකට ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.

 

 

 



අදහස් (1)

බස් බස් ගැටී නවයක් රෝහලේ

බස් ගැමුණා සහ බත් බැලයෝ Sunday, 26 January 2025 12:30 PM

අපට මේ සඳහා ශුද්ධ වූ අයිතියක් ඇත. කට වහගෙන හිටපියව්…!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site