කොටස් වෙළෙදපොළ වැටිලා මහ මැතිවරණය ආරම්භයේදී අපේක්ෂා කළ ආකාරයට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයට විශාල බහුතරයක් ලබා ගැනීමට හැකියාවක් නොලැබෙන බවට පෙනී යාමත් සමඟ ඉන්දීය කොටස් විකුණුම් මිල දර්ශකය වන සෙන්සෙක්ස් දිවා කාලයේදී ඒකක 5522.98 කින් පමණ පහත වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 04 June 2024
තීන්දු තීරණ ගන්නා විට කාන්තාවත් ලඟ සිටිය යුතුයි රටක තීන්දු තීරණ ගන්නා විට කාන්තාවන් සහ පිරිමින් එකට වාඩිවී තීරණ ගන්නවා එය රටට වඩා වැදගත් වෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්රීනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 04 June 2024
කොංග්‍රසයට ආසන 100 ක් මෙවර මහ මැතිවරණයේදී ඉන්දීය කොංග්රස් පක්ෂයට ලොක් සභාවේ තුළ ආසන 100 කට වැඩි සංඛ්‍යාවක් හිමිකර ගැනීමට හැකියාව ලැබුණේය. 2014 වසරින් පසුව ඉන්දීය කොංග්රස් පක්ෂය ලොක් සභාව තුළ හිමිකර ගත් වැඩිම ආසන සංඛ්‍යාව මෙය විය. 04 June 2024
ගංවතුරින් රටපුරා 17 ක් මරුට ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 17 ක් මියගොස් 13 ක් තුවාල ලබා එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. 04 June 2024
මෝදිට බහුතරය අහිමි වේවිද? ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයට තියුණු සටනක් දීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් සමන්විත ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය සමත් වී සිටී. 04 June 2024
2032 ඔලිම්පික් දිනන්න දැන් තියා සූදානම් වෙයි 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කර ගනිමින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම පිණිස රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 04 June 2024
මෝසමේ දෝස නසන්න බලකායක් මෙවර නිරිත දිග මෝසම් තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීම සඳහා ක්ෂණික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 04 June 2024
ලාෆ් ගෑස් රුපියල් 160 කින් අඩු කරයි ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 160 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමාගම අද (3) නිවේදනය කළේය. 04 June 2024
අක්කරෙයිපත්තුව රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරිවරයෙක්ට විරෝධයක් අක්කරෙයිපත්තුව මුලික රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරිවරයෙක් වන වෛද්‍ය ජාවාහිර් මහතා නැවත අක්කරෙයිපත්තුව මුලික රෝහලට පැමිණීමට විරෝධය දක්වමින් අක්කරෙයිපත්තුව මුලික රෝහල ඉදිරිපිට රෝහල් කමිටුවේ සාමාජිකයින් විසින් විරෝධයක් පවත්වනු ලැබීය. 04 June 2024
අධ්‍යාපනය පිම්මකින් පන්නන යෝජනාවලියට කැබිනට් අනුමැතිය අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා අධ්‍යාපන පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 04 June 2024
ධාන්‍ය කිහිපයක ආනයන පාලනය ඉවතට තෝරාගත් ධාන්‍ය වර්ග ආනයනය කිරීම සඳහා වන ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 04 June 2024
රට පුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ආඥාවක් මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 04 June 2024
බටහිර ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරගාවලි සංචාරයකට ලංකාවේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි සංචාරයක් සදහා අද(04) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 04 June 2024
ආපදා සහන මුදල වැඩි කරන්න ආපදාවලින් විපතට පත් වූවන්ට ලබා දෙන සහනාධාර මුදල ප්‍රමාණවත් නැති හෙයින් වහාම ඊට අදාළ චක්‍රලේඛය වෙනස්කර සහනාධාර මුදල වැඩි කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (4) රජයෙන් ඉල්ලීමක් කළේය. 04 June 2024
ආචාර්ය හේමාලිට ජාත්‍යන්තර තනතුරක් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ (World Organization for Animal Health) ආසියා පැසිෆික් කලාපීය කාර්යාංශයේ ( Asia- Pacific Regional bureau) උප සභාපති ධුරයට පත් කර තිබේ. 04 June 2024
තෙවන වරටත් ඉන්දියාව මෝදිට ලැබූ මැතිවරණ ජයග්‍රහණයත් සමඟ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා නරේන්ද්‍ර මෝදි මහතා නම් කරන බවත් ඒ අනුව තෙවැනි වතාවටත් නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇති බවත් එම සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 04 June 2024
දකුණෙන් පළාත් අටක ආදායම් බලපත්‍ර නිකුත් කරයි බස්නාහිර පළාතේ ලියාපදිංචි මෝටර් රථ හැර සෙසු සියලුම පළාත්වල මෝටර් රථවල ආදායම් බලපත්‍ර දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහ එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව දකුණු පළාත් ලේකම් සුමිත් අලහකෝන් මහතා පැවසීය. 04 June 2024
ලිට්රෝ ගෑස් රුපියල් 150 කින් අඩු කරයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 150 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය 04 June 2024
දරුවෙක්ට අමානුෂිකව පහරදුන් අයෙක් සොයයි පදවිය, වැලිඔය සම්පත් නුවර පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙකු විසින් අවුරුදු 4 ක් පමණ වයසැති කුඩා දරුවෙකුට අමනුෂිකව පහරදෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසුව ඒ පිළිබඳව පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත. 04 June 2024
උඩරට දුම්රිය ධාවනය පෙර පරිදිම කොළඹ කොටුව හා බදුල්ල අතර දුම්රිය ධාවනය අද (4) සිට යථාතත්වයට පත්ව ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පැවසීය. 04 June 2024
අවුරුදු හයේ දරුවා ළිඳට බිලි යාපනය චාවකච්චේරි ප්‍රෙද්ශයේ වයස අවුරුදු 06 ක කුඩා දරුවෙකු ගෙවත්තේ වූ ළිඳට ඇදවැටී මියගොස් ඇති බව චාවකච්චේරි පොලිසිය සදහන් කරයි. 04 June 2024
ප්‍රතිඵල එයි: මෝදි ඉදිරියෙන් දින 44 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ මහ මැතිවරණය පැවැත්වුවත්, ඡන්ද ප්‍රකාශ කිරීම සිදුවන්නේ ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර ආධාරයෙන් බැවින්, ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ද කඩිනමින් සිදුවෙයි. 04 June 2024
කොලොන්නාව ගංවතුරට තිත තියෙන වැඩසටහනට තැබෙන අනුමැතිය කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහා ඒකමතික අනුමැතිය හිමි විය. 04 June 2024
කෙටවල අමුණ පිටාර ගලා ගම්පහ යට වෙයි අධික වර්ෂාතව් සමග ගලා ආ මහා ජලකඳ හේතුවෙන් කෙටවල අමුණ පිටාර ගලා තිබේ. 04 June 2024
දෑස නොපෙනුනත් වසරකට කලින් විභාගය ලියා ඒ 3ක් ගනී කුරුණෑගල පිදුරුවැල්ල ප්‍රදේශයේ උපතින්ම දෘශ්‍යාබාධිත හිමාශා කාවින්දි හේරත් සිසුවිය 2023 වසරේ අපොස උසස් පෙළ විභාගයෙන් ඒ සමාර්ථ තුනක් ලබාගෙන විශිෂ්ට ලෙස සමත් වී ඇත. 04 June 2024
වැස්සේ තාවකාලික අඩුවීමක් දිවයිනේ නිරිත දිග කොටසේ පැවැති තද වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් අද දින සිට බලාපොරොත්තුවන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 June 2024
ගංවතුරේ විනෝද වෙන්න ගිය 20කට කරන්ට් වැදේ ගංවතුරේ විනෝද වීමට ගිය පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් අධි බලැති විදුලි රැහැනක ගැටී 20 දෙනකුට විදුලි සැර වැදී ඇති අතර ඉන් එක් අයකු මියගොස් සෙසු පිරිස බේරි ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි. 04 June 2024
සිසු ගැටුමකින් සිසුවකුට මැහුම් 7ක් දමයි හතරලියද්ද ප්‍රධාන පාසලක 12 ශ්‍රේණියේ සිසුන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමකින් සිසුවකු තුවාල ලබා රෝහල් ගත කළ බව හතරලියද්ද පොලීසිය කියයි. 04 June 2024
ඉන්දීය ඡන්දයේ ප්‍රතිඵල අද අදියර 7 ක් යටතේ, දින 44 ක් තිස්සේ පැවැති ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) ඉන්දියාවේ වේලාවෙන් උදෑසන 8.30 ට ආරම්භ වෙයි. ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීම ද සිදුවෙයි. 04 June 2024
ආණ්ඩු පක්ෂ රැස්වීම උණුසුම්:මන්ත්‍රී රාජපක්ෂට තුවාල ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහත්වරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් පසුව ඇතිවූ ගැටුමකදී රාජපක්ෂ මහතා තුවාල ලබා කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි. 04 June 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025