‘සම්බුද්ධ ශාසනයේ චිරස්ථතියට කටයුතු කරනවා‘
’’මිහින්තලා ප්රකාශනයේ’’ සඳහන් වන ආකාරයට විහාර ගම් දේවාල පනත යළි සකස් කිරීම සඳහා මහා සංඝරත්නය, විශේෂඥයින්, ප්‍රවීණයන් සියලු කොටස්කරුවන් ඇතුළු සියළු පාර්ශව කරුවන් සමග සාකච්ඡා කොට සම්බුද්ධ ශාසනයේ චිරස්ථතිය උදෙසා අති මහත් බහුතරයකගේ එකඟතාවයෙන් යුතුව කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.