(රොෂන් තුෂාර)
රුපියල් 3000 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන මතුගම මූලස්ථාන පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් ලබන 11 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) නියෝග කළාය.
මතුගම මූලස්ථාන පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරි කළ කේ .වි. චිත්‍රානන්ද නමැති පොලිස් සැරයන් වරයෙක් එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
කල් ඉකුත් වූ බර වාහන රියැදුරු බලපත්‍රයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීමට පැමිණිලිකරුගෙන් රුපියල් 5000 ක මුදලක් ඉල්ලා තුන්දාසක මුදල ලබාගෙන ඇති බව අධිකරණයේදී කියැවිණි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු පැය 48 කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි
පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී
ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර
ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා
මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
3000 අල්ලසක් ගත් පී.සී රිමාන්ඩ්
Malika Tuesday, 28 January 2025 11:42 PM
මතුගම විතරක් නෙවේ හැම පොලීසියකම ඉන්නේ අල්ලස් ගන්න අය. වත්තල පොලිසිය මෙයිනුත් පලවැනි මම හිතන්නේ. 5000/- අඩුවෙන් දුන්නොත් විනාසයක්. පැමිනිල්ලක් නම් දෙපැත්තෙන්ම ගන්නවා. අන්තිමට පැමිනිලි පක්ශයට හුලං. මරනයක් රපොර්තු කරන්න ගියොත් ඒකට යවන්නේ හැමදාම එකම රාලහාමි එයා පුලුවන් නම් මැරිච්ච එකාගෙනුත් නැගිට්ටවලා ගනී. මරනය දැනුම් දෙන එක්කෙනාගෙන්, මරන් පරික්ශනයට බොරුවට දාලා එත්නින් අන්තිමට එයාකියන මල්ශාලාව්ට අපි යන්න ඕනේ. ඒ මල් ශාලාවෙනුත් එයාට ගාන එනවා. එයා කියන මල් ශාලාවට නොගියොත් මරන පරීක්ශනය දිනයක් පමා කරනවා. මේ කියන රාලහාමි හරිම පෝසතෙක්. නිවඩු ගත කරන්න යන්නේ පිටරට. මේවා ගැන හොයලා බලන්න වගකිව යුත්තන්ගේ දෑස් මේ අන්ඩුවෙන්වත් දෑස් ඇරේවා.
visnu Wednesday, 29 January 2025 12:19 PM
මන්දයත් දැන් පොලිස් දෙපාර්තමේන්තුවේ නිසි ස්ථාන මාරු ක්‍රමයක් ක්‍රියාත්මක නොවන නිසා ඇතැම් නිලධාරීන් දීර්ඝ කාලයක් එකම ස්ථානයක රැඳී සිටින බැවිනි. සමහර නිලධාරීන් ඔවුන්ගේ උපන් නගරයේ. සමහර OIC ලා පොලිස් පරිපාලනය දන්නේ නැහැ. පහසු කාර්යයක් සඳහා එක් විෂයයක් සඳහා එක් නිලධාරියෙකු යොදවා ඇත වෙනසක් නැත. එයා කරන්නේ මුලින් කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩේ හරියට කරලා පස්සේ ආදායමක් ගන්න ක්‍රමයක් හදාගන්න එක. මාලිකා සඳහන් කළේ මෙයයි. සියල්ල ඔහුගේ අභිමතය පරිදි සහ නීති විරෝධී ඉපැයීම් ලෙස සකසා ඇත. අල්ලස් දෙපාර්තමේන්තුවට හැමදේම පාලනය කරන්න බැහැ. ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් බොහෝ දෙනෙක් රස්තියාදු වී සිටින අතර ඔවුන්ගේ මිනිසුන් පාලනය කරන්නේ කෙසේදැයි ඔවුන් නොදනී.