IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


ආණ්ඩුවට සැබෑ ප්‍රශ්න අමතක වෙලා

(නිමල කොඩිතුවක්කු)

ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව ජනතා ප්‍රශ්න මඟ හැරීම සඳහා විවිධ ජනප්‍රිය මාතෘකා සතිපතා තෝරා ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා   පැවසිය.

ජනතාවගේ හාල්, පොල් ඇතුලු ජීවන වියදම් ප්‍රශ්න සඳහා විසැදුම් දීමට ආණ්ඩුව පත්ව දින 100 ක් ගතවී ඇතත් නොහැකි වි ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඇතුල්කෝට්ටේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා තවදුරටත් මෙසේද පැවැසීය.

“ජනාධිපතිවරයා කරන්නේ රටේ තිබෙන සැබෑ ප්‍රශ්න අමතක කරන්න දුෂිතයන්ට වංචාකරුන්ට දඬුවම් දෙනවා හොරු අල්ලන්නවා කියලා අමුතුවෙන් කැ ගහන්න අවශ්‍ය වෙන්නේ නෑ. හාල් පොල් ඇතුලු මිනිස්සුන්ගේ ජිවින වියදම් ප්‍රශ්නය, රේගුවේ ප්‍රශ්නය, පාස්පොට් ප්‍රශ්නයට ජනාධිපතිවරයා නිසි විසදුම් ලබාදිමට කටයුතු කළ යුතුයි.

හොරු අල්ලනවා කියලා ජනතාවගේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න තමයි ජනාධිපතිවරයා කටයුතු කරන්නේ. හොරු ඇල්ලිම ගැන නිතරම ජනාධිපතිවරයාට සහ ඇමැතිවරුන්ට කතා කරන්න වෙනවා කියන්නේ රටේ නිතියේ ආධිපත්‍ය සුරක්ෂිත වෙලා නෑ කියන එකයි.

ආණ්ඩුවත් තැනින් තැන රැස්විම් පවත්වමින් යනවා. නමුත් ඒ රැස්විම් වලදි ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර ලබාදිමක් නම් සිදුවන්නේ නෑ. ගෝඨාභයගේ ගම සමග පිලිසදර වැඩසටහනේදි ගෝඨාභය මහත්තයා ජනතාව අහන ප්‍රශ්නවලට උත්තර ලබා දෙනවා. නමුත් වර්තමාන ජනාධිපතිවරයා ගමින් ගමට ගිහින් කරන්නේ ප්‍රශ්නනයි උත්තරයයි දෙකම ප්‍රකාශ කරලා පිටත් වෙන එකයි. කාටවත් ප්‍රශ්න අහන්න දෙන්නේ නෑ ජනාධිපතිවරයා ප්‍රශ්නයත් අහලා ඔහුම ඊට පිළිතුරත් ලබාදෙනවා.

 



අදහස් (11)

ආණ්ඩුවට සැබෑ ප්‍රශ්න අමතක වෙලා

ravin Tuesday, 28 January 2025 09:41 PM

ඒ හින්දා වෙන්නත් ඇති නේද පාර්ලිමේන්තුවේ ආහාර මිල වැඩියි කියලා කන්කෙඳිරියක් ඇහුනේ

:       0       6

රිචඩ් Tuesday, 28 January 2025 10:33 PM

හාල් පොල් ප්‍රශ්නේ විසදද්දී කෑ ගහනවා, හොරු අල්ලන්නේ නෑ කියලා. හොරු අල්ලද්දී කෑ ගහනවා හාල් පොල් නෑ කියලා. හාල් පොල් නන් කවදත් කෑවනේ. ඒ වගේද මේ වගේ ලොකු හොරු ඇතුලට දාන එක. ඔයත් වැඩක් ඇති දෙයක් කරන්නකෝ නිකන් පොඩි ළමයි අවදානය ගන්නවා වගේ මාද්‍ය සාකච්චා විතරක් තියන්නේ නැතුව .

:       0       8

Tharaka. Tuesday, 28 January 2025 11:30 PM

මෙතුවක් කාලයක් රටේ සැබෑ ප්‍රශ්න නොදුටු ඔබලා හිතුවෙ දේශපාලනය යනු ආවගමන්ම වරප්ප්‍රසාධ ලබාගෙන රටින් මොනවාහෝ වෙලඳ බඩු ආනයනය කර, ජනතාවට තාවකාලික සතුටක් ලබාදී පාලනයේ සිටීමයි.රට තවතවත් ආර්ථික ප්‍රපාතයටම තල්ලුකර තවමත් සාම්ප්‍රධායික දේශපාලනයෙන් මිදීමට ඔබලාට මනසක් නොමැතිවීම ගැන කනගාටුයි. ජනතාව නොමග යැවීමට කටයුතු නොකරනු මැනවි.

:       0       6

Perera Wednesday, 29 January 2025 12:27 AM

මුන් ආණ්ඩුකරපු කාලේ ප්‍රශ්න මතක් උන එවුන්නේ

:       0       5

ලක්විදු Wednesday, 29 January 2025 06:51 AM

මහත්තයෝ, ආණ්ඩුව සැබෑ ප්‍රශ්න වලට සාධනීය සහ ස්ථිරසාර විසදුම් සකසමින් සිටිනවා. මාධ්‍ය පෙන්නන්නේ ඔබ කියන දේවල් පමණයි.

:       0       8

චින්තක Wednesday, 29 January 2025 09:10 AM

අනේ නානා කටවහගෙන ඉන්න , බලයේ ඉන්න කොට රට නොවේ , තමන්ගේ වර්ගයා දියුණු කරපු තවත් නාම්බෙක්

:       0       3

RS Wednesday, 29 January 2025 10:10 AM

හා හා, කලබල වෙන්න එපා. මේක ගොඩගන්න ලේසි නැතිබව අපි දන්නවා. හැමදේම බැලන්ස් කරගෙන යනවා. ජනතාව වන අපට පෙනෙනවා. ඔවුන් කලේ නැත්තම් ඔයගොල්ලෝ කොහොමත් කරන්නේ නෑ.

:       0       9

අරවින්ද මොනරවිල Wednesday, 29 January 2025 10:42 AM

විපක්ෂට ජනතාවගේ සැබෑ ප්‍රශ්න හොදටම මතක තියෙනවා නේද මුජිබර්, ඒකනේ පාර්ලිමේන්තු ග්‍රහ කාරක සභාවේ දී පාර්ලිමේන්තු ආපන ශාලාවේ ආහාර වල මිල ගණන් වැඩියි කියලා කෙදිරි ගෑවේ.

:       0       8

පිටරටවැසියා Wednesday, 29 January 2025 11:05 AM

රටේ තියෙන ප්‍රශ්නයි, ඒකට පිළිතුරයි, ජනපතිවරයාම දෙනවනම්, ඒක තමයි විය යුත්තේ...මෙයා බලන් ඉන්නෙ ජනපති ප්‍රශ්න අහලා ජනතාව පිළිතුරු දෙනකම් හරි, ජනතාව ප්‍රශ්න අහලා ජනපති පිළිතුරු දෙනකම් හරි වෙන්න ඇති? ප්‍රාදේශීයව ඇති ප්‍රශ්න පාර්ලිමේන්තුවට, කැබිනට් එකට විසඳුම් සඳහා ගෙනෙන එක ප්‍රාදේශීයව ඉන්න මැති-ඇමතිවරුන්ගෙ වගකීමක්. ඒ වගේම මෙයාට අමතක වෙලා, මෙයාලගේ කාලේ, ගුවන්තොටුපළේ වී ගොඩගහපුවා, පොල් බෑයවල් ඉන්දියාවෙන් ගෙනාපුවා. ඒ කාලේ නිසි ක්‍රියාමාර්ග ගත්තානම්, අද සැලකියයුතු වී ප්‍රමාණයක් රජයේ ගබඩා වල. පොල්ගස් පැලවෙලා දැන් නිසි පලදාවක් එනවා... ඒවා නොකර රාජගිරියේ හිස් බිල්ඩිමකට කෝටි ගණන් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ගෙව්වා. අන්තිමට ඒකට උපදෙස් දීපු අගමැතියි, ක්‍රියාවට නගපු ඇමතියි ලස්සනට අත හොදගත්ත. මුන්ට රටගැන කැක්කුමක් කවදාවත් තිබුණේ නෑ

:       0       10

PATTA hora Wednesday, 29 January 2025 11:16 AM

ඒ වුනාට මිස්ටර් මුජිබර්, ඔයාල ( සජබ) ට පාර්ලිමේන්තුවේ කෑම මිල වැඩි එක ප්‍රශ්නයක් වෙලා, ලොකූ සද්දයක් දැම්මා නේ.

:       0       8

Rata Perata Wednesday, 29 January 2025 12:50 PM

සමහරවට මරික්කාර් මෙයාට අර වාහන ප්‍රශ්න මතක් කරලා දෙන්න ඇති. ඒක තමයි මෙයාලට තිබෙන දැවෙන ප්‍රශ්න. කාලකන්නි

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගමන් බිමන් වලට ගිය සල්ලි ආණ්ඩුවට දෙනවා
2025 මැයි මස 03 362 0

පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.


පුංචි ඡන්දයේ මුල්ම ප්‍රතිඵලය රෑ 11ට
2025 මැයි මස 03 228 0

පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී


හරක් කටාට දුරකථනයක් දුන් එස්.ටී.එෆ් කොස්තාපල් අත්අඩංගුවට
2025 මැයි මස 03 974 0

ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර


පාලම් 97ක වැඩ කොටඋඩ
2025 මැයි මස 03 447 0

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා


’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’
2025 මැයි මස 03 2055 0

මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය


පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින්
2025 මැයි මස 03 4251 0

කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 550 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 147 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1166 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site