තාප්පයකට යට වී තරුණිය මරුට තාප්පයකට යටවී තරුණියක් මියගොස් ඇති බව කලුතර උතුර පොලිසිය පවසයි. 24 March 2025
සවස් කාලයේ තැනින් තැනට තරමක තද වැසි බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත්,ගාල්ල,මාතර, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 March 2025
නූපේ සැරසිලි ආයතනයක ගින්නක් මාතර නූපේ මල් සැරසිලි ආයතනයක අද (24) අලුයම 3.00 ට පමණ ඇති වු ගින්න මේ වන විට පාලනය කර ඇති බව මාතර පොලීසිය පවසයි. 24 March 2025
පොලිසිය මත් සාදයට පොලිසිය පනී පමුණුගම උස්වැටකෙයියාව පරණ අම්බලම ප්‍රදේශයේ හෝටලයක සාදයක් පැවැත්වූ පුද්ගලයන් 57 කු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 24 March 2025
මැතිසබේ ලොක්කන්ගේ වියදම් තවත් කැපේ කතානායක ඇතුළු පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සුපිරි වාහන වෙන්දේසිය ඉදිරි සතියේදී කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත. 24 March 2025
ජනපති අනුරගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප කැපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හිටපු මන්ත්‍රීවරයෙකු ලෙස ලැබුණු විශ්‍රාම වැටුප ලබන මාසයේ සිට අත්හිටුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 24 March 2025
ආර්.එම්. වී වැඩ ගැන කෝපා කෝප වෙයි ව්‍යාජ ලේඛන යොදාගෙන අත් ඇක්ටර් මුවාවෙන් සුපිරි මෝටර් රථ ගෙන්වීමේ වංචනික ක්‍රියාවක් පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 23 March 2025
ජාතියේ පියාට උපහාර දක්වයි ජාතියේ පියා ලෙස විරුදාවලිය ලත් නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ 73 වන ගුණ සමරු උත්සවය කොළඹ 07 නිදහස් චතුරස්රයේදී පැවැත්විණි. 23 March 2025
අධිවේගයේ පොතුහැර -රඹුක්කන වැඩ ඉවර වෙන දවස කියයි මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර- රඹුක්කන කොටස 2026 වසර අවසානයේ නිමකිරීමට බලාපොරොත්තු වන බව මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 23 March 2025
බණ්ඩාරගම නාමයෝජනාවලට මොකද වුණේ මෙවර පළාත් පාලන මැතිවරණයට බණ්ඩාරගම බණ්ඩාරගම පළාත් පාලන ආයතනය සඳහා 36 කුගෙන් යුත් නාමයෝජනා පත්‍ර අඩංගු ගොනුවේ අවසන් පිටුව කළුතර දිස්ත්‍රික් මැතිවරණ මහලේකම් කාර්යාලයේ තේරීම් භාර නිලධාරීවරයාට භාරදීමෙන් පසුව අතුරුදහන් විම නිසා නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව සමගි ජන බලවේගයේ බණ්ඩාරගම ආසන සංවිධායක නයනක රන්වැල්ල මහතා චෝදනා කරමින් පැවසීය. 23 March 2025
බස්,ත්‍රිරෝද, වෑන් ගැටී හතක් රෝහලට බණ්ඩාරවෙල සිට වැල්ලවාය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (23) පස්වරුවේ බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෝව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක සහ වෑන් රථයක ගැටීමෙන් හත්දෙනකු තුවාල ලබා බණ්ඩාරවෙල ,බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව ඇල්ල පොලිසිය පවසයි . 23 March 2025
මුදල් ගණු දෙනුව දුර දිග ගිහින් ඇසිඩ් ගහලා බේරුවල අඹේපිටිය ඩයස් වත්ත ප්‍රදේශයේ දෙපාර්ශවත් අතර ඇතිවූ මුදල් ගනුදෙනුවක් මුල් සිද්ධියක් සම්බන්ධයෙන් ගැටුමක් දුරදිග යාමෙන් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වූ තරුණයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි බේරුවල පොලිසිය කියයි. 23 March 2025
පාප්තුමන් අත වනයි සති පහකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. ඒ රෝහලෙවන් පිටවී යෑමට සූදානම් වීමෙන් පසුවය. 23 March 2025
අදානි ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයන්න බැරි වීම කනගාටුවක් මන්නාරමේ අදානි සමාගමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට රජය අපොහොසත් වීම පිළිබඳව කණගාටු වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 23 March 2025
පළමු ශුක්‍ර ධාතු බැංකුව පිහිටුවයි ශ්‍රී ලංකාවේ රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව කොළඹ කාසල් රෝහලේ ස්ථාපිත කිරීමට කටයුතු කළ බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්තනාරයන මහතා පවසයි. 23 March 2025
මැකෝට හැන්ද ගන්න කියයි සුළු සුළු අඩුපාඩු මත ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙස දේශපාලන පක්ෂවල ලේකම්වරුන් එහි ප්‍රධානීන්ගෙන් දැඩිව ඉල්ලීමක් කර ඇත. 23 March 2025
පුංචි ඡන්දෙට මහ පිරිසක් පස්ස ගහලා පළාත් පාලන ආයතන වලට බොහෝ දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් ලෙස තරඟ වැදීමට මෙවර බොහෝ පිරිසක් දැඩි මැලිකමක් දක්වා ඇතැයි වාර්තාවේ. 23 March 2025
ගෙවුණු මාස තුනේදී වෙඩි තැබීම් 27ක් :මරණ 22ක් මෙම වසර ආරම්භ වී අද (23) දක්වා කාලය තුළ දී වෙඩි තැබීමේ සිද්ධි 27 ක් වාර්තා වී ඇති අතර එම සිද්ධීන් නිසාවෙන් පුද්ගලයින් 22 ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි. 23 March 2025
ඉන්දියාවෙන් හොරට ගෙනආ බඩු සමඟ අයෙක් මාට්ටු ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධීව මෙරටට ගෙන්වා,කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ එන්නත්,කෘමි නාශක සහ එන්සල් තොගයක් සහිත කැබ් රියක් එහි රියදුරු ද සමඟ කල්පිටිය අතුරු මාවතක දී ඊයේ( 22 )කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. 23 March 2025
මංගල උත්සවයට ගිය තරුණයාගේ සිරුර වගුරු බිමක බටපොළ ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල උත්සවයකට ගිය කරන්දෙණියේ තරුණයකු ඉතා අභිරහස් ලෙස මිය ගොස් සිටීයදී බටපොළ ගල්හිරේ අඹගහහන්දිය තොටුපොළට ආසන්න බොරලු ඇළ ඉවුරේ පාලු වගුරු බිමකදී සොයාගත් බව බටපොළ පොලීසිය කියයි. 23 March 2025
ගංජා බී බස් එළවලා අපරික්ෂාකාරි ලෙස පෞද්ගලික බස් රථයක් ධාවනය කළ රියැදුරකු පිළිබදව සැක සිතා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු ගංජා පානය කර ඇති බව තහවරු වු බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි. 23 March 2025
පවුල් ආරවුලෙන් දෙදරු මවට දිවි අහිමිවෙයි පවුල් ආරවුලක් දුර දිගයාමෙන් බිරියට තියුණු ආයුධයකින් පහරදී කපා කොටා ඝාතනය කළ සැමියා ඊයේ (22) අත්අඩංගුවට ගත් බව රත්තොට පොලිසිය පවසයි. 23 March 2025
රනිල්ගේ උපන් දිනයට චීනය කලින්ම පාටියක් දෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට සුබ පතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමුවේය. 23 March 2025
ගන්දර වෙඩි තැබීම ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 50 කොන්ත්‍රාත්තුවක් මත බව ගන්දර පොලිසිය පවසයි. 23 March 2025
දේපොළ ගැන විශේෂ පනතක් පාර්ලිමේන්තුවට අයිතිය හෝ උපයා ගත් ආකාරය තහවුරු කළ නොහැකි දේපොළ රජයට පවරා ගැනීම සදහා වූ විශේෂ විධි විධාන පනතක් ලබන අප්‍රියෙල් මස 08 දින පැවැත්වෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහතා පවසයි. 23 March 2025
ගබඩා සහායක ජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ටි 56 ජිව උණ්ඩ සහ එල්.එම්.ජි අවි සඳහා යොදන උණ්ඩ සමඟ නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගබඩා සහායකවරයා අත්අඩංගුවට ගත්බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 23 March 2025
පාප්තුමන් අද රෝහලෙන් යනවා පෙනහළු ආසාදනයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්, අද (23) රෝහලෙන් පිටව යනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 23 March 2025
බස්නාහිරට සබරගමුවට සවස වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 March 2025
ලක්ෂ පහක අල්ලස් ගත් තුනක් මාට්ටු ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගේ අනුදැනුම මත පාරම්පරික වෛද්‍යවරියක ලෙස සහතිකයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදලක් ලබාගත් බව කියන රාජ්‍ය නොවන සංවිධානයක සම්බන්ධීකාරකවරයෙක් ඇතුළු තිදෙනෙක් පෙරේදා 22 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 23 March 2025
දේශබන්දු පිටින් කෑම ඉල්ලයි පිටතින් ආහාර ගෙන ඒමට අවසර දෙන්නැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ. 22 March 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026