විෂ මත් පානය කළ බස් සේවකයෝ හයක් ගම්පහින් මාට්ටු
බස්රථ රියදුරන් විෂ මත් ද්‍රව්‍ය භාවිතා කොට රිය ධාවනය කරන්නේද යන්න සොයා බැලීම පිණිස ප්‍රවාහන අමාත්‍යංශය මගින් දීප ව්‍යාප්තව සිදු කළ වැඩසටහන අනුව , ගම්පහ නගරය ආශ්‍රිතව සිදු කළ පරීක්ෂාවේදී රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 6 දෙනකු , විෂ මත් ද්‍රව්‍ය භාවිතා කරන බවට තහවුරුවී ඇත.