කුඩු ග්‍රෑම් 35ට දිවි ඇතිතෙක් හිරගෙට හෙරොයින් ග්‍රෑම් 35.474 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් හලාවත මහාධිකරණයේදී වරදකරුවකු වූ සැකකරුවකුට හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර අද (06) දින ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළාය. 06 March 2026
’’පොලිස් වාර්තාවක් නැති අයට සුරේෂ් සලේ බලන්න බෑ’’ පොලිස් වාර්තාවක් රැගෙන නොඑන කිසිම කෙනෙකුට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා බැලීමට අවස්ථාව නොදෙන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය 06 March 2026
යාපන බෝට්ටු අනතුර ගැන කඩිනම් පරීක්ෂණ යාපනයේ සිදු වූ බෝට්ටු අනතුරට බලපෑ මූලික හේතු සෙවීම සඳහා නාවික හමුදාව ඇතුළු අදාළ සියලුම අංශ සම්බන්ධ කරගනිමින් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ධීවර, ජලජ හා සාගර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා උපදෙස් දී ඇත. 06 March 2026
යාත්‍රාවක් පෙරැළි 2ක් මරුට :13ක් රෝහලට යාපනය ගුරුනගර් සිට පලෙයිතිව් දක්වා බැතිමතුන් පිරිසක් රැගෙනයමින් සිටි යාත්‍රාවක් මුහුදේ පෙරැළියාමෙන් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයටපත්ව තවත් 13දෙනකු අද (06) රෝහල්ගත කොට ඇතැයි යාපනය පොලිසිය කියයි. 06 March 2026
ඉරාන නෞකා 30ක් මුහුදුබත් කරලා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එල්ල කළ ප්‍රහාරයේ සිට මේ දක්වා ඇමෙරිකානු හමුදාව ඉරාන නෞකා 30 කට වැඩි ප්‍රමාණයක් මුහුදුබත් කර ඇතැයි ඇමෙරිකානු හමුදාව පසුගියදා ප්‍රකාශ කළේය. 06 March 2026
ලංවීම ඈවරයි ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 06 March 2026
පක්ෂ හයක කාන්තාවෝ එක් වෙති කාන්තා අයිතිවාසිකම් සුරැකෙන යුක්තිය සහ ආරක්ෂාව තහවුරු කරන සමාජයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර කාන්තා දිනයේදී සියලු පාර්ශව එකට එක්ව ක්‍රියා කළ යුතු බව කියමින් විපක්ෂයේ පක්ෂ හයක කාන්තා සංවිධාන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. 06 March 2026
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය අසුන රැක ගන්න අධිකරණයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් සාමාජිකත්වයෙන් තමන් ඉවත් කිරීම හේතුවෙන් කොළඹ මහනගර සභාවේ තමන් දරණ නාගරික මන්ත්‍රීධුරය අහිමි කිරීම වළකාලන අතුරු නියෝගයන් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නාගරික මන්ත්‍රී බුහාරි පාතිමා සොනාරා මහත්මිය ගොනු කළ පෙත්සමේ කරුණු තහවුරුදු කිරීම සඳහා ලබන 13 වැනිදා කැදවීමට අභියාචනාධිකරණය නියෝග කළේය. 06 March 2026
ඉරාන නාවිකයින් 5ක් වැලිසර හමුදා රෝහලට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන ඉරාන නාවිකයින් 32 දෙදෙනාගෙන් පස් දෙනකු අද දහවල් මුදා හැරිය බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය. 06 March 2026
ආණ්ඩුව අලියා ගිලපු දිවුලක් ආණ්ඩුව අලියා ගිලපු දිවුලක් වගේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.’’විපක්ෂය අසත්‍ය කේන්ද්‍ර කරගෙන කතා කරනවා යැයි අදහස් පළ කෙරුණා.ඒ නිසා සත්‍යවාදී කරුණු කීපයක් ඉදිරිපත් කරන්න මම කැමතියි.දිට්වා සුළි කුණාටුවෙන් අගතියට පත් අයට සහන ලබාදීම වේගවත් කරන්නටත් තවදුරටත් රටේ ජාතික ආරක්ෂාව හැම අතකින්ම සුරක්ෂිත කිරීමටත් මේ හදිසි නීතිය ක්‍රියාත්මක කරනවා. 06 March 2026
අපරාධ සැකකරුවෝ 577ක් කොටු දිවයින පුරා අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වලදී සැකකරුවන් 577 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 06 March 2026
ධීවරයාගේ සිරුර දින දෙකකට පසු සොයාගනී ඔරුවකින් නාච්චාදුව වැවේ මසුන් ඇල්ලිමට ගිය ධීවරයෙකුගේ මළ සිරුර දින දෙකකට පසුව සොයාගත් බව හිදෝගම පොලිසිය කියයි 06 March 2026
අපේ නාවික හමුදා ඉරාන නාවිකයන් බේරා ගත් හැටි ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී ඉකුත් 4 වැනිදා ආපදාවට ලක් වූ ඉරාන යාත්‍රාවේ ගලවා ගැනීමේ මෙහෙයුමේදී ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් ඉරාන නාවිකයින්ට සහාය දැක්වූ ආකාරය පිළිබඳ ඡායාරූප නිකුත් කර තිබේ. 06 March 2026
හරිනිගෙන් විපක්ෂයට අභියෝගයක් රටේ හදිසි නීතිය ක්‍රියාත්මක වූ මාස තුනක කාලයේදී මර්දනයක් එල්ල වුණු සිද්ධියක් නිශ්චිතව පවසන්නැ යි විපක්ෂයට කියන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී කීවාය. 06 March 2026
ලංකාව ළඟ තවත් මිලිටරි වැඩ නැතැයි ඇමරිකාවෙන් සහතිකයක් ගන්න ශ්‍රී ලංකාව අවට තවදුරටත් මිලිටරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ලංකාව ඇමරිකා එක්සත් ජනපදයෙන් සහතිකයක් ලබා ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 06 March 2026
‘සලිදු‘ ගේ කෝටි හතරක දේපළ තහනම් විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රවය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත නොහොත් පානදුර කුඩු සලිඳු නමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 04 කට ආසන්න දේපළ තහනමට ලක් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි. 06 March 2026
නලීන් බිමල් ගැටී මැතිසබේ උණුසුමක් සමග ජන බලවේගයේ නලින් බණ්ඩාර සහ සභානායක බිමල් රත්නායක යන මහත්වරුන් අතර උණුසුම් සංවාදයක් පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ ඇතිවිය. 06 March 2026
දැන් රටට හදිසි නීතිය වැඩක් නෑ ආණ්ඩුව හදිසි නීතිය පාවිච්චි කරන්නේ ජනතා අවශ්‍යතා මර්දනය කිරීමට බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 March 2026
දේශපාලනික සාම විනිසුරු පට්ටම් වලට තිත සාම විනිසුරු පත්වීම් තවදුරටත් දේශපාලනිකව ලබා දෙන්නේ නැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 March 2026
ඉදිරි සති කීපය තීරණාත්මකයි නැව්-ගුවන් යානා ගමනට සීමා පැනවීම් නිසා දැනට ඉල්ලුම් කර ඇති අත්‍යවශ්‍ය සේවා වල ප්‍රමාදයන් සිදු වීමට ඉඩ ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 March 2026
කෝටි 11 මත් කුඩු කටුනායකදී මාට්ටු රුපියල් එකොළොස් කෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියකු සමග අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 06 March 2026
ඉරාන නව නායකයාට ට්‍රම්ප් අකමැතියි ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා අලි කමේනිගේ පුත් 56 හැවිරිදි මොජ්තබා කමේනි පිළිගත නොහැකි යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇක්සියෝස් පුවත් සේවය සමග පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. 06 March 2026
ඉරාන නැව ගැන ජනපති තීරණයට පාඨලීගෙන් පැසසුම් දෙවැනි ඉරාන නැවේ සිටි මගීන් බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණයට ගෞරවය පුද කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 06 March 2026
ජාත්‍යන්තර මූදේ ධීවර වැඩට ආරක්ෂක ගැටලුවක් නෑ ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නියුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නැතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි. 06 March 2026
නාමල්ගෙන් ජනපතිට මල් මිටක් ඉරාන නෞකාවක් වන IRIS Bushier හට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ත්‍රිකුණාමල වරායට පැමිණීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණය අගය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 06 March 2026
නොරොච්චෝලේ ගල් අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් කොටඋඩ නොරොච්චෝලය බලාගාරයේ ගල් අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිත වී ඇති බව සමග ජන බලවේගයේ මන්ත්‍රීන් නලින් බණ්ඩාර ජයමහ මහතා පැවසීය. 06 March 2026
හදිසි තත්වය දීර්ඝ කිරීමේ යෝජනාව අද විවාදයට දිට්වා සුළි කුනාටුවෙන් පසු ප්‍රකාශයට පත් කෙරුණු රටේ හදිසි තත්වය දීර්ඝ කිරීම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද දවස පුරා විවාදයට ගැනීමට නියමිතය. 06 March 2026
අද දවස ගැන කාලගුණය මෙසේ කියයි දකුණු පළාතෙත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. 06 March 2026
ඉරාන යුද්ධයට පාකිස්තානයත් සෞදි අරාබිය සමඟ අත්සන් කර ඇති අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුම හේතුවෙන් පාකිස්නතානයට ද අකමැත්තෙන් වුවත්, ඉරාන යුද්ධයට සම්බන්ධ වීමට සිදුවනු ඇතැයි පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් දාර් පවසයි. 06 March 2026
ලෙබනනයේ 100 ක් මරුට හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දියත් කර ඇති දැවැන්ත බෝම්බ ප්‍රහාර හමුවේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 100 ඉක්මවා ගොස් ඇති බව එරට මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 06 March 2026
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026