2021 වසරේ අවසන් දිනය අදය. හෙටින් නව වසරකි. කැවුම් කිරිබත් කා සතුටෙන් ඉපිළෙමින් නව වසර පිළිගැනීමට තරම් සුසංගත පරිසරයක් නොවුව ද එළැඹෙන නව වසර සියලු වස්දොස් දුරු වූ දුකෙන් තොර සැපෙන් බර නව වසරක් වේවා! යි අපි ප්‍රාර්ථනා කරමු.
රට තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අප කිසිවකුට සතුටට පත් විය නොහැක. චෝදනාවට ලක්නොවුණු ක්ෂේත්‍රයක්, ආයතනයක්, පුද්ගලයෙක් සොයාගත නොහැකිය. මේ රට ‘මගේ රට’ යැයි උතුරණ දේශානුරාගයෙන් බදා වැළඳ ගැනීමට නොහැකි නම් එය ඉතා දුක්ඛිත තත්ත්වයකි. එම දුක්ඛිත තත්ත්වය නිර්මාණය කිරීමට සමාජයේ සෑම තරාතිරමකම සාමාජිකයන් දායක වී තිබීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනේ.
දේශපාලනය යන්නට යෙදෙන පර්යාය වචනයක් බවට ‘සොරකම’ යන වචනය පත්වී තිබේ. දේශපාලනයට පිවිසෙන්නේම සොරකම් කිරීමට බවට මතයකි. ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියකම අරමුණ සොරකම් කිරීම බවත් තවත් මතයකි. ඒ අනුව සොරකම යනු ජාතික ක්‍රීඩාවක් යැයි හැඟෙන තරමට තත්ත්වය භයානකය. මෙහි එක් තාර්කික අන්තයක් වනුයේ සොරකමට ඇති ලජ්ජාව හා බිය තුරන්වීමය. එය මුළු සමාජයම පතුළ නොපෙනෙන ප්‍රපාතයක් කරා තල්ලු කිරීමකි.
අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ 2012 වසරේ සිට රුපියල් ලක්ෂ 97 ක අක්‍රමිකතාවක් සිදුවී ඇති බවය. සේවයේ නියුක්ත හා විශ්‍රාමික ගුරුවරුන්ගේ වැටුප් ගෙවීමේදී වෙනත් පුද්ගලයන්ගේ නම් උපයෝගී කර ගනිමින් සැකසූ බැංකු ගිණුම්වලට මුදල් බැරකර මෙම වංචාව සිදුකර ඇති බවට විගණන පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
රුපියල් ලක්ෂ 97 කට ආසන්න මුදලක් සොරා කෑ නීලකාස හොරා එම අධ්‍යාපන කාර්යාලයේ සේවකයෙකි. මෙම හොරාට 2016 වසරේදී වලපනේ ප්‍රාදේශීය සභාවට ස්ථාන මාරුවීමක් ලබා දී ඇතත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සතියකට දින දෙකක් හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ වැටුප් සකස් කිරීම සඳහා ඔහුට අනුයුක්තයක් ලබාදී ඇතැයි එම කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රකාශකයකු අප පුවත්පතට පවසා තිබිණි.
ඔහුගේ බිරිඳගේ නමට ද ගිණුමක් සකස් කර එයට රුපියල් ලක්ෂ 17 ක මුදලක් බැර කර ඇතැයි ද සඳහන්ය. මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ සිදුවී තිබෙන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.
එම සිදුවීම් මාලාවම සැකකටයුතුය. වලපනේ ප්‍රාදේශීය සභාවට මාරුවීමක් ලැබ ගිය පුද්ගලයාට සතියට දින දෙකක් වැටුප් සකස් කිරීම සඳහා කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර තිබෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවය. එහෙත් එයට හේතුවක් මෙන්ම ඉල්ලීමක් තිබිය යුතුය. සේවා අවශ්‍යතා සඳහා අදාළ පුද්ගලයාවම අවශ්‍ය බවට නිර්දේශ ලැබුණේ කෙසේද යන්න විමසිය යුතුය.
එමෙන්ම වැටුප් සකස් කිරීම සඳහා වෙනත් නිලධාරියකු නොයෙදවීමට හේතුව කුමක්ද යන්න සොයා බැලිය යුතුය. මෙම නීලකාස හොරා 2012 වසරේ සිටම මෙම සොරකම කරගෙන ගොස් තිබේ. මෙබඳු සොරකමක් සිදුවන බවට කිසිවකුට හෝ සැකයක් ඇති නොවීම ද සැකයට තුඩු දෙන්නකි. වාර්ෂිකව සිදුකරන විගණනයේදී මේ මහා පරිමාණ සොරකම අනාවරණය නොවූයේ කෙසේද යන්න ද සොයා බැලිය යුතුය.
සොරකමට ඇති ලජ්ජාව හා බිය පහව ගිය කල්හි මෙබඳු සොරකම් කිරීම සාමාන්‍ය දෙයකි. පාසල් සංවර්ධන අරමුදලේ ලක්ෂ ගණනාවක මුදල් වංචාවකට දකුණු පළාතේ පිහිටි එම පාසලේ හිටපු විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය.
දරුවකු පාසලට ඇතුළු කිරීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලසක් වශයෙන් ගත් ගම්පහ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගත් බවට පළ වූ පුවත ගෙවුණු සතියේ වාර්තා වූවකි. එබඳුම අල්ලසක් ගත් බව කියන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගත් බවට ද මාධ්‍ය වාර්තා කළේය.
අධ්‍යාපන කාර්යාලයක්, පාසලක් රටේ අනෙකුත් ආයතනවලට වඩා සුවිශේෂය. මන්ද යත් රටේ අනාගතය තීරණය කෙරෙන පුරවැසියන් බිහි කරන්නේ එම ආයතන විසින් වීමය. එහෙයින් අධ්‍යාපන කාර්යාලවල හා පාසල්වල මානව සම්පත වන්දනීය පූජනීය වීම අපේක්ෂා කළ යුතුමය.
එහෙත් එසේ නොවී ඒවා හොර ගුහා බවට පත්වන්නේ නම් රටේ අනාගතය බාර ගැනීමට සිටින දරුවන්ට යන්නේ වැරැදි සංඥාවකි. එහෙයින් මෙබඳු ආයතනවල සිදුවන වැරැදි ක්‍රියාවලට, හොරකම්වලට වෙනම නීති සම්මත කර හෝ දඬුවම් කළ යුතුය.
2025 නොවැම්බර් මස 04
448
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොරුන් සුරතල් කරනු එපා: වහාම දඬුවම් දෙන්න
ajith Friday, 31 December 2021 08:05 PM
මෙබඳු ආයතනවල සිදුවන වැරැදි ක්‍රියාවලට, හොරකම්වලට සම්බන්ධ පුද්ගලයින් තරාතිරම නොබලා පළමුව කළයුතු වන්නේ රැකියාවෙන් ඉවත් කිරිම වේ.
rocky Tuesday, 04 January 2022 08:34 AM
මහත්තයෝ කතා කරලා වැඩක් නැහැ.