IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


සමාජය සසල කරවන නැගී එන අපරාධ රැල්ල

මේ රට නඩු නැති රටක් ලෙස අවමන් විඳින්නේ බොහෝ කලක සිටය. ඕනෑම අපරාධයක් කර ඕනෑම මාදිලියේ තුච්ඡ ක්‍රියාවක් කර නිරුපද්‍රිතව සිටීමේ හැකියාව තිබීම එම අවමානයට ආසන්නම හේතුවය. එමෙන්ම ඕනෑම අපරාධයක් කිරීමට ඕනෑම මාදිලියේ තුච්ඡ ක්‍රියාවක් කිරීමට නිර්බාධක පරිසරයක් තිබීම ද එම අවමානයට හේතුවකි. නීතියේ විධානය එයට හිමි නිසි බරින් ක්‍රියාත්මක වන්නේ නම් එබඳු ශාපලත් පරිසරයක් නිර්මාණය නොවන බව ද ඒකාන්ත සත්‍යයකි.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා පැහැරගෙන බොරැල්ල සුසාන භූමියට රැගෙන ගොස් වද දී සිය මෝටර් රථය තුළ දමාගොස් තිබිය දී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය යාමේ පුවත අප පුවත්පත වාර්තා කළේ පසුගිය සිකුරාදාය.

රුපියල් කෝටි ගණනක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීමට යන බව බිරිඳට පවසා සභාපතිවරයා කොළඹ මල් පාරේ නිවෙසින් පිටව තිබෙන්නේ මහ දවාලේය. ඔහුගේ බිරිඳ මද වේලාවකින් ඔහුට දුරකථන ඇමතුම් ලබාගෙන ඇති අතර සභාපතිවරයාගේ දුරකථනය ඒ මොහොතේ ක්‍රියාවිරහිත වී තිබේ.

ඔහු බොරැල්ල සුසාන භූමියේ රැඳී සිටින බවට බිරිඳගේ දුරකථනයට සංඥාවක් ලැබීමෙන් පසුව බිරිඳ සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමියට පිටත්කර යවා ඇත. විධායක නිලධාරියා කළ සොයා බැලීම්වල දී මෝටර් රථයේ රියැදුරුගේ අසුන මත අත් පා ගැට ගසා ගෙලට වයරයක් දමා සිටිනු දැක වහා ක්‍රියාත්මකවී සභාපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. සභාපතිවරයා මියගොස් තිබෙන්නේ එහිදීය.

මහ දවාලේ සිදුකළ ඝාතනයකි. අප රටක් වශයෙන් ගමන් කරමින් සිටින්නේ කෙතරම් බියකරු දිශාවකටද යන්න අනාවරණය කෙරෙන සිදුවීමකි. කෙසේ වෙතත් ඝාතනය සිදුකර ඇති ආකාරය තුළ අමුතු රහසිගත භාවයක් නැත. සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමෙන් ඝාතකයා හෝ ඝාතක කණ්ඩායම හෝ ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය. ඝාතකයා හෝ ඝාතක කණ්ඩායම ඒ බව නොදන්නවා නොවේ. එහෙත් ඕනෑම අපරාධයක් කර නිරුපද්‍රිතව ගැලවී යා හැකි යැයි සිතා මෙසේ කටයුතු කරන්නට ඇතැයි සිතිය හැකිය.

බීමත්ව රිය පදවා කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක හැප්පූ කෝටිපති ව්‍යාපාරිකයා ඊට තුන් හතර පැයකින් මතු වූයේ ඩුබායි රාජ්‍යයෙනි. එම අනතුරෙන් ත්‍රීරෝද රථ රියැදුරා මිය ගියේය. එහෙත් සැනින් රට පනින්නට තරම් හැකියාවක් තිබීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතුය. අපරාධ කිරීමට බිය සැක තුරන්ව ගොස් තිබෙන්නේ මෙබඳු පහසුකම් බහුලවීම නිසාය.

‘දුල්ලභන්ච මනුස්සච්ච’ යනුවෙන් මිනිස් ආත්ම භාවයක් ලැබීම ඉතා දුර්ලභ බව බුදු බණෙහි සඳහන්ය. එසේ දුලබ මිනිස් බව අර පිරිමැස්මෙන් උස් මහත් කළ යුතුය. සමාජය වඩාත් ප්‍රිතිමත් වන්නේ එබඳු පරිසරයකය. නැතහොත් සිදුවන්නේ මරණ භයෙන් තැති ගැන්මෙන් ජීවත් වීමටය. සමාජයකට අත්වීමට ඊටත් එහා ගිය විනාශයක් නැත. අප සමාජය අද අත්විඳිමින් සිටින කටුක යථාර්ථය එයය.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය හරහා අවධාරණය කෙරෙන අනෙක් කාරණය වන්නේ මෙම සමාජය තුළ තරාතිරම් බේදයකින් තොරව සෑම පුරවැසියකුගේම ජීවිතය බරපතළ අනතුරකට ලක්ව ඇති බවය. මෙබඳු ඝාතන එකක් පසුපස එකක් වශයෙන් වාර්තාවන විට සමාජය තුළ ඒවා සාමාන්‍යකරණය වේ. අපරාධ බහුල වන්නේ එමගිනි. සුළු ප්‍රශ්නයකට වුවද මරණය ආදේශ කෙරෙන භීම සමයක් උදාවන්නේ එසේය. මෙම තත්ත්වය සමාජයේ සන්සුන් සංහිඳියාවට බරපතළ තර්ජනයකි.

රට ආර්ථික වශයෙන් කඩා වැටී තිබේ. දේශපාලන අර්බුද සුළිය ද නොවෙනස්ය. මෙම පරිසරය තුළ බරපතළ සමාජ කම්පනයක් දෙදරුම් කෑමක් මතුවී තිබේ. ඒ හා සමාන්තරව අපරාධ බහුල වන්නේ නම් එබඳු සමාජයක පැවැත්ම කොතෙක් කලකට ද යන්න තේරුම් ගැනීම ද අසීරු නැත. මෙම තත්ත්වය තුරන් කිරීම සඳහා වහා ක්‍රියාත්මක විය යුත්තේද එහෙයිනි.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සංචාරකයන්ට පාවාඩ එළා බලා සිටීමට රටට සිදුව තිබේ. ආයෝජකයන් පැමිණ අත දිග හැර ඩොලර් මිටි විසි කරන දිනයක් පිළිබඳව නොඉවසිල්ලෙන් සිටීමට රටට සිදුව තිබේ. සංචාරකයන් පැමිණෙන්නේත් ආයෝජකයන් ඩොලර් මිටි රැගෙන එන්නේත් ඔවුන්ට මේ රට නිරුපද්‍රිත රටක් යන විශ්වාසය බලවත්ව පැවැතියහොත් පමණි.

එහෙත් ව්‍යාපාරිකයන් මෙසේ මහමඟ මරා දමන රටකට පුරවැසියන් මහමග කපා කොටා ඝාතනය කරන රටකට සංචාරකයන්, ආයෝජකයන් පැමිණේවි යැයි විශ්වාස කළ නොහැකිය. එකී විශ්වාසය ඔවුන් තුළ බලවත්ව තැන්පත් වනතුරු පුරවැසියන්ට සිදුවන්නේ මේ නරකාදියේ තැවෙමින් දැවෙමින් ජීවත්වීමටය. එකම පිළිතුර නීතිය බල ගැන්වීමය. එය කල්දැමිය යුතු නොවේ.

(***)



අදහස් (1)

සමාජය සසල කරවන නැගී එන අපරාධ රැල්ල

fairoos Tuesday, 27 December 2022 01:55 PM

රට මේ තත්වෙට පත්කරේ අපේ දේශපාලකයන්... ඒ අයට නම් කිසිම සමාවක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site