IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සැමගේ ප්‍රාර්ථනය ක්‍රමයේ වෙනස්කමක්

නමවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැත්වූ රාජාසන කතාව ඒ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව සිදු කළ දෙවැනි රාජාසන කතාව විය. පාර්ලිමේන්තු සැසිවාරයක් උත්සවාකාරයෙන් ආරම්භයේදී කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රථම වරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වන ලද්දේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ 03 වැනිදාය. ඒ අනුව මාස 06 ක කාලයක් තුළදී ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් රට හමුවේ ඉදිරිපත් කරනු ලැබ තිබේ.

මේ ආකාරයට පාර්ලිමේන්තුවේ වාරාවසාන කරමින් මාස කිහිපයක් ඇතුළත ප්‍රතිපත්ති කතා දෙකක් පැවැත්වීම විපක්ෂයේ ප්‍රබල විවේචනයකට හසු වුවද ජනාධිපතිවරයා එම විරෝධය කිසිසේත් ගණන් නොගත් බව ඔහුගේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමේදී පැහැදිලි විය. ඔහු කිවයුතු දේ ඍජුවම ප්‍රකාශ කළේය.

රට මුහුණ දී සිටින බරපතළ ආර්ථික කඩා වැටීම පිළිබඳ සත්‍ය තත්ත්වය පැහැදිලි කළේය. ඉදිරිය පිළිබඳ දැඩි විශ්වාසයකින් කටයුතු කරන බව රටටම දැනෙන ලෙස ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථානුකූලව රටේ ජනාධිපති ධුරයට පත්වූ අවස්ථාවේ රට තිබුණේ අවිනිශ්චිත බවේ සහ අනාරක්ෂිත බවේ ගිලෙමිනි.

රටේ දේශපාලන සහ සමාජ දිශානතියට දැඩි ලෙස බලපෑමක් එල්ල කළ අරගලය අවසානයේ නැගුණු ගින්නේ දුම්රොටු ඒ වන විටද රටම සිසාරා පැතිර යමින් තිබිණි. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් රටේ සංස්කෘතියේ කොටසක් විය.

ඉන්ධන හිඟය හේතුවෙන් රටේ ප්‍රවාහන පද්ධතිය පැවතුණේ බිඳවැටෙමිනි. පාසල් අක්‍රීය තත්ත්වයේ තිබිණි. රටට ආදායම් සපයමින් තිබූ අපනයන ආර්ථිකය කොටඋඩ යමින් තිබිණි. රටේ ජනතාව සිටියේ තමන්ගේත් රටේත් අනාගතය පිළිබඳ දැඩි අවිනිශ්චිත බවකින් වෙළෙමිනි.

එහෙත් එම තත්ත්වය පසුගිය මාස කිහිපය තුළදී වෙනස් විය. තවදුරටත් රටේ ඉන්ධන - ගෑස් පෝලිම් නැත. පාසල්, රජයේ සහ පෞද්ගලික අංශ ආයතන, ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙමින් පවතී. ජනාධිපතිවරයා තම කතාවේදී රටේ තත්ත්වය හැඳින්වූයේ අනතුරුදායක වැල්පාලමේ ශ්‍රී ලංකා මාතාව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන ඒමට තමන්ගේ පාලනය තුළදී හැකි වූ බවය. එය පහසු ගමනක් නොවන බවත් ගමන තවම ඉවර නැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

විනාඩි 50කට පමණ ආසන්න කාලයක් තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම කතාව පවත්වද්දී පැහැදිලිව පෙන්වා දුන් කරුණක් වූයේ සියල්ල වෙනස් විය යුතු බවය. ක්‍රමයේ වෙනසක් ඇති කිරීම සඳහා වෙනස්වීම තමන්ගෙන්ම පටන් ගත යුතු බවත් දේශපාලනඥයන් ලෙස අප සියලු‍ දෙනා වඩා යහපත් ලෙස වෙනස් විය යුතු බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. පාර්ලිමේන්තුව, විධායකය, අධිකරණය සහ රාජ්‍ය සේවය ද වෙනස් විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

රට ගොඩනැගීම ඉතා භාරදූර කාර්යයක් බව පසුගිය කාලය තුළදී ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කර තිබේ. ඒ ගැන රටේ පොදු මහජනතාව තරම් හොඳින් දන්නා වෙනත් පිරිසක් නැත. තමන් විසින් පාර්ලිමේන්තුවට තමන්ගේ ඡන්දයෙන් තෝරා පත්කර එවනු ලබන මැති ඇමැතිවරුන්ට හෝ එවැනි දැනුමක් හැඟීමක් නොතිබීම ගැන ජනතාව තුළ දැඩි විරෝධයක් පවතී. එම විරෝධයට හේතුව තම රට මුහුණ දී සිටින සැබෑ තත්ත්වය පිළිබඳ අවබෝධයක් නැති ආකාරයට ඔවුන් කටයුතු කිරීමයි.

රට මොන තරම් ආර්ථික අගාධයකට වැටී සිටියත් රට මෙහෙයවන පිරිස් ඉහළ සිටම ආදර්ශයක් ලබා නොදෙන්නේ නම් රට ගොඩගැනීම තවදුරටත් සිහිනයක් පමණක් වීම වැළැක්විය නොහැක. වෙනස් වීම ආරම්භ විය යුත්තේ ඉහළ සිට පහළට ගලා යන ආකාරයට මිස පහළ සිට ඉහළට ගලා යන ආකාරයට නොවන බව සියලු‍ දෙනා තේරුම් ගත යුතුය. රට යළි ගොඩගැනීමේ උත්සාහය මල් ඵල දරණු ඇත්තේ එවැනි පූර්වාදර්ශ ලබා දීමෙන් පමණි.

රටේ ජනතාව සිටින්නේ දැඩි ජීවන බරකින් මිරිකෙමින් බව යථාර්ථයයි. බඩගින්නේ සිටින මිනිසකුට බණ දෙසීමෙන් පළක් නැතුවාක් මෙන් ජීවන බරට යට වී සිටින පොදු ජනතාවට වෙනස්වීමේ අගය වටහා දෙන්නට යාම නිෂ්ඵලය. කළ යුත්තේ පාලකයන් වශයෙන් තමන් වෙනස් වී සිටිනා බව රටේ ජනතාවට දැනෙන සේ ආණ්ඩුවේ ලොකු ලොක්කන් ආදර්ශවත් ලෙස හැසිරීමය. බදු ගෙවන ජනතාවගේ අවශ්‍යතා කෙරෙහි සංවේදීව කටයුතු කිරීමෙන් තොරව රට වැල්පාලමෙන් එගොඩ කිරීම පහසු නොවනු ඇත.

(***)



අදහස් (2)

සැමගේ ප්‍රාර්ථනය ක්‍රමයේ වෙනස්කමක්

sisira Wednesday, 15 February 2023 08:27 AM

මැතිවරණයකින් වර්තමාන ආණ්ඩුව පරදා දේශපාලන වෙනසක් උදෙසා විපක්ෂය බලයට ගෙන ඒමෙන් සැමගේ ප්‍රාර්ථනයක් වූ ක්‍රමයේ වෙනසක් ලබාගත හැකිද?

:       0       1

ක්‍යෙට්ල්‍ය මුණුබුරාගෙ බඩ පිස්සා Sunday, 19 February 2023 11:15 PM

ක්‍රමයේ වෙනසක් නැත්තම් (System change) එකක් ගැන කතා කරනවා. සද්භාවයෙන් තම තම නැණ පමනින් සිය භූමිකාවේ කාර්ය භාරය ඉෂ්ඨ කළා නම් අපිටත් දෙවෙනි ජපානය වෙන්න තිබුණා. පවට පිණ දෙන්න බැරිවෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site