IMG-LOGO

2025 අගෝස්තු මස 23 වන සෙනසුරාදා


සංචාරක ව්‍යාපාරය නැංවීමේදී හැම පැත්තක්ම සිතන්න ඕනෑ

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ අනුමත ලියාපදිංචි හෝටල්වලට  පැන වූ මත්පැන් තහනම ඉවත් කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගත් පුවත   අප පුවත්පතේ නොබෝදා පළවිය. අභියාචනාධිකරණය දුන් නියෝගයකට අනුව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එම නියෝගය නිකුත් කළ බව ද වාර්තා විය.

මෙම තීන්දුව අතිශය කාලෝචිත වූවකි. එසේම එය රටේ ඉදිරි ගමනට ද දිරි දෙන තීන්දුවකි. හේතු කීපයක් නිසාම මෙම තීරණය දෙස වඩාත් පුළුල් මනසකින් බැලිය යුතුව තිබේ. ආගමික සදාචාරය හා පරස්පර වූ  කාරණයක් ලෙස බරට සිතට ගෙන ඊට එරෙහි නොවිය යුතුය.

රට දැනට වැටී සිටින අගාධයෙන් ගොඩ ඒමට රටේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කොට ඒ ඔස්සේ මෙරටට ලැබෙන විදේශ විනිමය වැඩි කර ගැනීම වඩාත් කාලෝචිත උපාය මාර්ගයකි.

හිටි හැටියේ අපනයන නංවා ඒ ඔස්සේ රටට එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කර ගැනීම  හදිසියේ කළ නොහැක්කකි. ඒ සඳහා යම් කාලයක් ගත වන සැලසුම් සහගත ක්‍රියා මාර්ගයකට එළැඹිය යුතු වේ.

එම නිසා රටට ලැබෙන විදේශ විනිමය වැඩි කර ගැනීමේ ක්ෂණික පිළියමක් ලෙස සංචාරක ව්‍යාපාරය යොදා ගැනීම වඩාත් යෝග්‍යය. ප්‍රමාණවත් විදේශ සංචිත රැස්කර ගැනීම අප ඉදිරියේ ඇති අසීරු අභියෝගයකි.

රටේ විදේශ සංචිත හිඟවීම හේතුවෙන් පසුගිය වසරේ විඳි දුක් කන්දරා අපට අමතක වී නැත.

අප දැන් පසුකරමින් සිටින්නේ අර්බුදයට යම්තමින් තාවකාලික පිළියම් සොයාගත් කාලයකි. දැන් ජාතියක් ලෙස පියවරෙන් පියවර ස්ථිරසාර විසඳුම් කරා යන්නට බුද්ධිමත්ව සිතා බැලිය යුතුය.

විදේශ සංචාරකයන් රට රටවලට එන්නේ ඒ ඒ රටවල  දැඩි ආගමික හා සදාචාර නීති වලින් සිය නිදහස අවුරා ගන්නට නොව තමන්ගේ විවේකය අර්ථවත් ලෙස විනෝදාස්වාදය ලබමින් සැහැල්ලුවෙන් ගත කොට නික්ම යන්නටයි. ඔවුන්ට සංචාරක හෝටල් තුළ මධුවිත තොලගෑ මේ පහසුකම් හා මත්පැන් මිලදී ගැනීමේ පහසුකම් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. එවැනි පහසුකම් ඔවුන් ලැගුම් ගන්නා හෝටල්වල සහ නිකේතනවල නොමැති නම් ඒ බව ජාත්‍යන්තර සංචාරක ප්‍රවර්ධන ප්‍රචාරක කටයුතුවල දී හෙළිදරව් වීම වැළැක්විය නොහැකිය.

එහි අවසාන ප්‍රතිඵලය වන්නේ සංචාරකයන් එවැනි පහසුකම් ඇති රටවල් එවැනි පහසුකම් නැති රටවලට විකල්පයක් ලෙස තෝරා ගැනීමයි. සංචාරක පිරිස් අප රට මග හැර යාමේ ප්‍රවණතාවක් මතු වුවහොත් ඒ හිඩැස පුරවාගන්නට තවත් ඩොලර් මිලියන ගණනක් වැයකොට ප්‍රවර්ධන කටයුතු කළ යුතු වේ.

2018 වසරේ මෙරට සංචාරක ව්‍යාපාරයට යහපත් කාලයක් උදාවී තිබිණි. ඒ වසරේ සංචාරකයෝ මිලියන 2.5 ක් මෙරටට පැමිණියහ.  එය වාර්තාගත සංඛ්‍යාවකි. සංචාරක ව්‍යාපාරය ඔස්සේ එම වසරේ මෙරටට ලැබුණු ආදායම ඩොලර් බිලියන 5.61 ක් ලෙස වාර්තාගත වේ.

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් පසු එම තත්ත්වය අතිශය කනගාටුදායක අඩියකට ඇද වැටිණි. 2020 සහ 2021 අවුරුදුවල කෝවිඩ් 19 වසංගත තත්ත්වය නිසා, සංචාරක ව්‍යාපාරය ඇදවැටුණි. මේ වසරේ 2023 සැප්තැම්බර් 26 දින වන විට වන විට සංචාරකයන් දස ලක්ෂයක්  පැමිණි සිටි නිසා යම් බලාපොරොත්තු සහගත තත්වයක් උදාවී තිබේ.

ලබන වසරේ සිට වාර්ෂිකව සංචාරකයන් මිලියන 5ක් වාර්ෂිකව ගෙන්වා ගැනීමේ ඉලක්කයකට යොමු විය යුතු බවට ජනාධිපතිවරයා සංචාරක අංශය භාරව ක්‍රියා කරන නිලධාරීන් , අගෝස්තු 16 වැනිදා පැවති රැස්වීමකදී එකඟ කරවාගෙන තිබුණි.

එවැනි ඉලක්කයකට යොමු වීමට නම් දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ අනෙකුත් රටවල් හා තරගකාරිය අයුරින් සංචාරකයන් ගෙන්වා ගත හැකි තත්ත්වයක් මෙරට තුළ ඇතිකර ගත යුතුය. එසේ නොකළ හොත් අපේ රට වෙනුවට සංචාරකයන් මාලදිවයින මැලේසියාව වියට්නාමය කාම්බෝජය වැනි රටවල් තෝරා ගැනීමට යොමු වනු ඇත්තේ එම රටවල් වඩාත්ම මනෝඥ අයුරින් සංචාරක ප්‍රවර්ධන කටයුතු කරන බැවිනි.



අදහස් (1)

සංචාරක ව්‍යාපාරය නැංවීමේදී හැම පැත්තක්ම සිතන්න ඕනෑ

Jayantha Mannakkara Thursday, 02 November 2023 06:47 AM

ගොඩක් හොඳ ලිපියක්...!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 4178 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 219 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 180 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site