IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රටට වටින මිනිසකුගේ උතුම් සත් ක්‍රියාවක්

රටක වටිනාම සම්පත මානව සම්පත වේ. එම මානව සම්පත ආධ්‍යාත්මිකව හා ගුණාත්මකව දියුණු විය යුතු ය. එහෙත් එය ඉබේ සිදු නොවේ. එසේ දියුණුවීමට බලගතු ආදර්ශ අවැසි ය. එහෙත් අප රට යනු එබඳු බලගතු ආදර්ශ දුලබ රටකි. එවන් පසුබිමක මෙම කාලයට අනුව සිතා ගැනීමටවත් නොහැකි තරමේ බලගතු ආදර්ශයක් සැපයූ ගුණවත් සත්පුරුෂ තරුණයකු සම්බන්ධ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේ ය.

එම තරුණයාගේ නම චන්දන උදයංග ය. 38 හැවිරිදි ය. අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන චන්දන මාතර නගරයේ කුරියර් සේවා සපයන ප්‍රෝන්ටෝ ආයතනයක සහකාර කළමනාකාරවරයෙක් ලෙස සේවය කරයි.

ඉකුත් 2 වැනිදා චන්දන මාතර ලංකා බැංකුවේ අධිශ්‍රේණි ශාඛාවට පැමිණ ඇත්තේ මුදල් තැන්පත් කිරීමට ය. ඔහු පැමිණි යතුරුපැදිය බැංකුවේ රථගාලේ නවතා බැංකුව දෙසට යනවිට ඔහු දැක තිබෙන්නේ මුදල් පොදියක් බිම වැටී තිබුණු අයුරු ය. ඉන්පසුව සිදුවූ දෙය ඔහු අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මෙසේ ය.

‘‘මම මුදල් තැන්පත් කිරීමට බැංකුවට ආවේ. යතුරුපැදිය නවත්වනවාත් සමගම මට දුරකථන ඇමතුමක් ආවා. මම ඒ ඇමතුමට ප්‍රතිචාර දක්වමින් සිටින විට බැංකුවේ උද්‍යානය ආසන්නයේ මුදල් බණ්ඩලයක් වැටී තිබෙනවා මම දැක්කා. ඒ සමගම මම ජංගම දුරකථනයෙන් එහි ඡායාරූපයක් ගත්තා. ඒ මගේ ආරක්ෂාවට.

පසුව ආරක්ෂක නිලධාරියකුට දුර ඉඳන් කතාකර ගෙන්වා ගත්තා. පසුව මුදල් බණ්ඩලය බැංකු නිලධාරියකුට බාරදුන්නා. මගේ කටයුත්තට පෝලිමට ගිය විට ඒ අසලම සිටි ව්‍යාපාරික මහතකු ‘‘මොකක්ද වුණේ’’ කියලා ඇහුවා. මම සිද්ධිය කිව්වා. ඔහු කළමනාකරු ළඟට එක්ක ගියා. කළමනාකරු මට ස්තුතිය පුද කළා. මම කළ හොඳ ක්‍රියාව නිසා ව්‍යාපාරික මහතා මගේ ඡායාරූපයක් ගත්තා. මම ඒත් කිව්වා ‘‘මම හිත හොඳින් කළේ. ප්‍රසිද්ධියක් ඕනෑ නැහැ’’ කියලා.

චන්දන උදයංග අහුලාගත් මුදල් බණ්ඩලයෙහි රුපියල් ලක්ෂ 50ක් තිබී ඇත. එම බැංකුවේ සේවකයන් ඒ.ටී.එම්. යන්ත්‍ර වෙත හෝ මහ බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යන මුදල් තොගයෙන් ලක්ෂ 50ක් එසේ බිම වැටෙන්නට ඇතැයි විශ්වාස කරන බව ද අප ප්‍රවෘත්තියේ සඳහන් ය.

මේ කාලයේ සියල්ලන්ම දිවි ගෙවන්නේ දරුණු ආර්ථික අර්බුදයක පීඩනයෙන් ය. සාතිශය බහුතරයක් ජනයාගේ ආදායම දෙතුන් වසරක සිට ශත පහකින් හෝ වැඩිවී නැත. එහෙත් වියදම හත් අට ගුණයකින් වැඩිවී ඇත. මෙම පරිසරය තුළ ඇතැමෙක් සොරකමට, වංචාවට පෙළඹෙති. ආර්ථික අර්බුදය සමාජ ව්‍යසනයක් බවටත් මානව ආපදාවක් බවටත් පත්ව තිබෙන්නේ එසේ ය. මෙම දුක්ඛිත පරිසරය තුළ චන්දන උදයංගගේ ආදර්ශය සමනොළ ගිරි හිසටත් ඉහළින් ය.

බොහෝ වැදගත් යැයි සැලකෙන ස්ථානවල වැජඹෙන පිරිස් සිදුකරන හොරකම් හා වංචා අසන දකින විට චන්දන උදයංගගේ ආදර්ශය බර සාර ය. රුපියල් ලක්ෂ 50ක් යනු විශාල මුදලකි. යතුරු පැදියෙන් පැමිණි චතුරංගට ලීසින් ක්‍රමයට කාර් රථයක් මිලදීගෙන ගෙදර යා හැකි තරමේ මුදලකි.

එහෙත් තමන්ට අයිති නැති දෙය තමන්ගේ නොවේ යැයි සිතීමට තරම් පොහොසත් දියුණු ආධ්‍යාත්මයක් චන්දනට තිබේ. පවතින ආර්ථික අර්බුදය හමුවේ අපේක්ෂා කළ නොහැකි තරමේ උතුම් ආදර්ශයක් සැපයීමට චන්දනට හැකි වූයේ එහෙයිනි. ඒ චන්දන උදයංග නම් රෝහණ පුත්‍රයාට ලංකාදීපයේ උණුසුම් සුබපැතුම් පිරිනමන අතර මෙබඳු චන්දනලා ලක්ෂ කෝටි ගණනින් බිහිවේවායි ද ප්‍රාර්ථනා කරමු.

(***)



අදහස් (5)

රටට වටින මිනිසකුගේ උතුම් සත් ක්‍රියාවක්

මහ ගමයා Wednesday, 08 November 2023 09:54 PM

දක්ෂිණ දේශය උගතුන්බුද්ධිමතුන් බිහිකරණ තක්සලාවක් ලෙස චිරප්‍රසිද්ධයි. චන්දන උදයංග මැතිතුමාත් එම කුලකයටම ඇතුළත් කළාට වරදක් නොමැත...!

:       0       0

[email protected] Friday, 10 November 2023 11:07 AM

බැංකුවේ වෙලාව හොඳයි... මේ වගේ කෙනෙක් මුදල් පාර්සලය දැකීම...

:       0       7

චමී Saturday, 11 November 2023 08:58 AM

ඔහුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවමු...

:       1       4

ලලිත් වීරකෝන් Saturday, 11 November 2023 12:02 PM

චන්දන උදයංගගේ මේ සත් ක්‍රියාව අප ඉතාමත් අගයකොට සලකනවා. මේ මහත්මයා අපේ රටට මෙන්ම මුලු ලෝකේටම ආදර්ශයක් පෙන්වූ වචනයේ පරි සමාප්තාර්ථයෙන්ම ඉතා අවංක, ආදර්ශමත් මහත්මයෙක්. මා යෝජනා කරනවා මේ චන්දන මහත්මයා වැඩකරන Pronto ආයතනයේ ඉහළම කළමනාකාරීත්වයට, මෙවැනි අවංක සේවක මහත්මයෙක් ඔබ ආයතනයට Asset එකක්... එම නිසා මෙවැනි සේවක මහතෙකුට ප්‍රෙමා්ෂන් එකක් දී ඇගැයීමක් කළොත් ඔබ ආයතනයටත් ඉතාමත් හොඳයි. තෙරුවන් සරණයි!!!

:       0       6

fairoos Monday, 13 November 2023 05:01 PM

ඉතාම හොඳ ක්‍රියාවක්... සුබ පැතුම්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 193 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site