IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


යසීමාගේ සිරුරේ සයිනයිඩ් විෂ ලේ සාම්පල් වාර්තාවෙන් හෙළිවෙයි

(තරිඳු ජයවර්ධන)

ඒ 2016 වසරයි. දිනය ජූලි 27 වැනි දා ය. මාවරල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ ඩබ්ලිව් ටී පුෂ්පකුමාර මහතාට හදිසි දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ ආඳාපාන රෝහලේ, රෝහල් පොලිසියේ ස්ථානාධිපතිගෙනි. ඉන් කියැවුණේ හදිසි මරණයක් ගැනයි.

හදිසියේ මිය ගියේ කවුද? 

හදිසියේ මිය ගොස් සිටියේ මාකඳුර බැරගම කොරටුවේ පදිංචිව සිටි යසීමා ප‍්‍රබන්ති ඊශ්වර නම් කාන්තාවකි. ඇය විවාහ වී සිටියේ තිලිණ මධුසංඛ අබේරත්න සමඟය. විවාහ වී අවුරුදු එක හමාරක් පමණ වන මේ යුවළට  මාස නවයක පමණ සිඟිත්තෙක් ද සිටියේය. 

මාවර පොලිස් ස්ථානාධිපතිගේ නියමයෙන් මෙම හදිසි මරණයේ මරණයේ මරණ පරීක්ෂණයේ කටයුතු සඳහා මාවරල පොලිසියේ 20374 අතපත්තු නම් පොලිස් සැරයන්වරයා පිටව ගියේය. මරණ පරීක්ෂණය පැවත්වනු ලැබුවේ ජේ සී පාඩිප්පෙරුම මහතා විසිනි. හදිසි මරණ පරීක්ෂණයේ දි මරණයට හේතුවක් අනාවරණය නොවූයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සුමිත් අඹේපිටිය මහතාට නියෝග කැරිණි. වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් කොළඹ බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂණාගාරය වෙත යොමු කරනු ලැබීය. ඒ අනුව මරණය සම්බන්ධයෙන් ලැබුණේ විවෘත තීන්දුවකි.

යසීමාට මොකද වුණේ?

ප‍්‍රදේශයේ බොහෝ දෙනා සොයා බැලීය. යසීමා මැරුවාද? ලෙඩක් හැදිලා මැරුණද? එහෙනම් මොකක්ද හැදුණු ලෙඬේ? බොහෝ දෙනා අතර තිබුණේ කුකුසකි.  එහෙත් හරි තොරතුරක් නොලැබිණි. 

මරණයට හේතුව ගැන හරි තොරතුරක් එන්නට මාස තුනක් පමණ ගත විය. මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සුමිත් අඹේපිටිය මහතා විසින් රජයේ රසපරීක්ෂක වෙත යවනු ලැබූ ලේ සාම්පලවල වාර්තාව ඔක්තෝබර් මාසයේ ලැබිණි. ඉන් කියැවුණේ මිය ගිය යසීමා ප‍්‍රබන්ධි ඊශ්වරගේ රුධිරයේ සයිනයිඩ් විෂ අඩංගුව තිබූ බවයි.

ඒ අනුව වස ශරීර ගත වීමෙන් මෙම මරණය සිදුවූ බවට අධිකරණ වෛද්‍යවරයා තීරණය කළේය.

යසීමගේ ශරීරයට වස කොහෙන්ද? ඊළඟට පොලිසියට මුහුණ දෙන්නට වුණේ තවත් බරපතල ප‍්‍රශ්නයකටය. පොලිස් පරීක්ෂණ කඩිනම් හා විධිමත් කැරිණි. මිය ගිය කාන්තාව වාසය කළ බව කියන නිවසේ තුන් වැනි මහලේ ඇගේ කාමරය පොලිසිය විසින් මුද්‍රා තබනු ලැබුවේ වැඩිදුර විමර්ශන සඳහාය.

එම කාමරයේ ඇය විසින් භාවිතා කරන ලදැයි සැක කරන ඖෂධ වර්ග, සුවඳ විලවුන් වර්ග, රූපලාවන්‍ය ආලේපන වර්ග ද තිබිණි. මෙම කාමරය රජයේ රස පරීක්ෂක ලවා පරීක්ෂා කර වාර්තාවක් ලබා දීමට නියෝග කරන්නැයි පොලිසිය නොවැම්බර් දෙවැනි දා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඊට අධිකරණයෙන් අවසර ලැබිණි.

මෙම සැක කටයතු මරණය සම්බන්ධයෙන්   අධිකරණයේදී මරණ පරීක්ෂණයේ සාක්කි විමසීමට තීරණය විය. දෙයියන්දර මහේස්ත‍්‍රාත් එච් අයි කේ කාහිංගල මහත්මිය ඉදිරියේ සාක්කි විභාගය ඇරුඹිණි. ඒ 2016 නොවැම්බර් 29 වැනි දා ය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි 2021 පේ‍්‍රමසිරි නම් පොලිස් සැරයන්වරයා සාක්කි මෙහෙයවීය. මුලින්ම සාක්කි ලබා දුන්නේ මිය ගිය යෂීමා ප‍්‍රබන්ධිගේ සහෝදරයා ය. ඔහු දෙයියන්දර ඊස්වර මෝටර්ස් ආයතනයේ රැකියාව කළේය.

‘ඇය අන්තිමට අපේ ගෙදර ආවේ 2016 ජූලි 26 වැනි දා. අකුරැස්ස ස්ටෝරුවේ වැඩ කරන යාළුවෙක් කෝල් එකක් දීලා කිව්වා නංගිට සිහිය නැතිව හොස්පිටල් එක්කන් ගියා කියලා. මම ආඳාපාන රෝහලට බලන්න ගියා. මම දැන ගත්තා නංගි නැතිවෙලා කියලා. මම රෝහලේ දී මෘත ශරීය හඳුනා ගත්තා.’ සහෝදරියගේ මරණය සම්බන්ධයෙන් ධනුෂ්ක චාමර (27) මහතා සාක්කි ලබා දුන්නේය.

‘මගේ නංගිට රෝගයක් තිබුණේ නෑ. ඇය බෙහෙත් වර්ග පාවිච්චි කළේ නෑ........ මෙම මරණය සම්බන්ධයෙන් මට සැකයි. අපේ නංගිගේ ශරීරයට සයිනයිට් විෂ වෙන්න කොහොමවත් විදියක් නැහැ. අසවලා (නම සඳහන් කරයි) දෙන දේවල් නංගිට කන්න බොන්න දෙන්න එපා කියලා මට කෙනෙක් (නම කියයි) කිව්වා.’ සහෝදරයා සාක්කි දෙමින් කීවේය.

ඉන් පසු සාක්කි කැඳවූයේ අලවත්තගේ කරුණාදාසගේ සාක්කියයි. කම්කරුවකු වන ඔහු මිය ගිය කාන්තාවගේ නිවසේ සේවය කළේය.

‘මහත්තයා ඉන්නේ තුන් වැනි තට්ටුවේ. 2016 ජූලි 27 වැනි දා උදේ 6.30ට විතර මට ජනේලයෙන් රුපියල් 200ක් විසි කරලා කිවුවා පන් රාත්තලකුයි, බනිස් ගෙඩි දෙකකුයි ගෙන්න කියලා. අම්මටයි, තාත්තටයි පාන් රාත්තල දීලා බනිස් ගෙඩි දෙක දෙන්න ගියා මහත්තයාට. මහත්තයා කිවුවා ෆ‍්‍රිජ් එක උඩ තියලා යන්න කියලා. ඒ දෙන්නා දරුවා සමඟ ඇදේ වාඩි වෙලා හිටියා. මම ආපහු පල්ලෙහාට බැහැලා ජිප් එක හේදුවා. මට නැවත මහත්තයා කිවුවා තේ එකක් අරගෙන එන්න කියලා. ඒ කිව්වේ උදේ 7.15ට පමණ. තේ එක ගෙනිච්චා. එතකොට කිවුවා ෆ‍්‍රිජ් එක උඩ තියලා යන්න කියලා. ඒ වෙලාවෙත් නෝනා සහ දරුවා සමඟ ඇදේ වාඩිවෙලා හිටියා. ඉන් පසුව මම ආපසු පල්ලෙහාට බැස්සා.’’ එදින සිදුවූ දේ කරුණාදාස විස්තර කළේය.

‘‘ආයේ උදේ 8.15ට පමණ මහත්තයා කෑ ගැහුවා. මම යනකොට නෝනා බාත්රූම් එකේ වැටිලා හිටියා. ඒ වෙලාවේ නෝනා මහත්තයා ඇරෙන්න වෙන කවුරුත් හිටියේ නැහැ. මම කකුල් දෙකෙන් ඇල්ලූවා. මහත්තයා අත් දෙකෙන් ඇල්ලූවා. අල්ලාගෙන පහලට බැස්සා. මහත්තයා මට මුකුත් කිව්වේ නෑ. නෝනට මුකුත් කිව්වෙත් නෑ. ඒ වෙලාවේ නෝනා කෙඳිරිගෑවා. ඒ වෙලාවේ මහත්තයාගේ අම්මා, තාත්තා, අයියා තුන්දෙනාම පහළ හිටියා. නෝනාව රෝහලට අරගෙන ගියේ ජිප් එකේ. මගේ ඔඩොක්කුවේ තියාගෙන ගියේ. මෙම මරණය සිදුවූ ආකාරය ගැන මම දන්නේ නැහැ.’ කරුණාදාස සාක්කි දුන්නේය.

මිය ගිය යෂීමාගේ පියා බන්දුල ඊෂ්වර මහතාය. 58 හැවිරිදි ඔහු දෙයියන්දර රජයේ රෝහලේ රියදුරකු ලෙස සේවය කරමින් සිටියේය. ඔහු ද දෙයියන්දර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැති මරණ පරීක්ෂණයේදී සාක්කි ලබා දුන්නේය.

‘‘දැනට මිය ගොස් සිටින යෂීමා ප‍්‍රබන්ධි ඊස්වර මගේ දුව. ඇය විවාහයෙන් පසු පදිංචිවී සිටියේ මාකඳුරේ. එම නිවසේ තට්ටු තුනේ ගොඩනැගිල්ලේ උඩ තට්ටුවේ. මගේ දියණිය සනීප නැති වුණාට පස්සේ ආඳාපාන රෝහලට ගෙන ගියා කියා දුරකතන ඇමතුමක් ලැබුණා. පණිවිඩය ලැබුණේ මම ගෙදර ඉන්නා විටයි. මම සේවා ස්ථානයට ගිහින් සර්ට කිව්වා. එහේ තව ලෙඩෙක් හිටියා. ඒ ලෙඩාත් ගිලන් රථයට දාගෙන යන්න කියලා මට කිව්වා. ආඳාපාන රෝහලට යන විට දියණිය සිටියේ දැඩි සත්කාර ඒකකයේ. එතකොට හෘදය වස්තුව ගැහෙමින් තිබුණා. විනාඩි පහකට දහයකට පස්සේ මිය ගිය බව දැනගත්තා.’’  බන්දුල මහතා සිය දියණිය සිටි ආකාරය විස්තර කළේ අධිකරණයේදී හැඬු කඳුලෙනි.

‘‘මගේ දියණියට සයිනයිට් ශරීර ගත වෙන්න විදියක් නැහැ. කෙලින්ම සැක කරන්න දෙයක් නැහැ. සයිනයිට් ශරීර ගත වෙන්න විදිහකුත් නැහැ.’’ පියා කීවේය.

මරණ පරීක්ෂණයේ දී ඥාතීන් ඇතුළු කිහිප දෙනෙක් සාක්කි දුන්හ. තවත් රස පරීක්ෂක වාර්තාවක් ලැබීමට නියමිතය. එය ලැබුණු පසු මෙම අභිරහස් මරණය සම්බන්ධ තවත් තොරතුරු දිගහැරෙනු ඇත. යසීමා ප‍්‍රබන්ති ඊශ්වරට ඇත්තටම මොකද වුණේ? ඉදිරි පොලිස් පරීක්ෂණ වලදී එම ප‍්‍රශ්නයට පිළිතුරු ලැබෙනු ඇත. 

(පොලිස් පරීක්ෂණ සහ මරණ පරීක්ෂණයේ සාක්කි ඇසුරෙනි.)



අදහස් (3)

යසීමාගේ සිරුරේ සයිනයිඩ් විෂ ලේ සාම්පල් වාර්තාවෙන් හෙළිවෙයි

sisira Monday, 22 May 2017 11:54 AM

ඇයි?... දෙයියනේ ඇයගේ සැමියාගෙන් තවම මුකුත්ම මේ ගැන ප්‍රශ්න කලේ නැත්තේ..

:       12       59

Nimal Tuesday, 23 May 2017 08:09 PM

ඌ නේ වැඩේ දුන්නේ

:       2       11

don Saturday, 27 May 2017 05:02 AM

මෙම ලිපිය කියවනවිට සැමියා පිලිබඳ සැකයක් මට පහලවේ....එය මාගේ මතයක් පමණයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 143 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 989 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site