IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


බූස්ටර් එන්නත ගැනීම මිනිත්තුවකින්වත් පමා නොකරමු

අනවබෝධයෙන් කටයුතු කිරීම හා මිථ්‍යාවේ ගිලී සිටීම යනු දෙකකි. මෙරට එන්නත්කරණයට මාරාන්තික බාධාවක් වී තිබෙන්නේ මෙම අනවබෝධය හා මිථ්‍යාවේ ගිලී සිටීමය. අනවබෝධයෙන් පසුවන්නකු යම් ප්‍රමාණයක මහන්සියකින් පසු අවබෝධයක් සහිත පුද්ගලයකු බවට පත්කර ගත හැකිය. එහෙත් මිථ්‍යාවේ ගිලී සිටින්නකු එමගින් මුදවා ගැනීම පහසු නැත. මන්දයත් ඔහුට අනුව මිථ්‍යාව යනු විද්‍යාවවීමය. කොවිඩ් මර්දන තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන්ට සමාජය ඉදිරිපිට බැගෑපත්වීමට සිදුවී තිබෙන්නේ එහෙයිනි.

මෙරට ජනගහනයෙන් මිලියන 16 කට වැඩි ගණනක් එන්නත් ලබාගෙන තිබේ. දෙවැනි මාත්‍රාව මිලියන 13 කට අධික පිරිසක් ලබාගෙන සිටිති. එහෙත් තුන්වැනි මාත්‍රාව තවමත් ලබාගෙන තිබෙන්නේ මිලියන පහක පමණ පිරිසකි. මෙම සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් කිසිවිටෙක සෑහීමකට පත්විය නොහැක.

කොවිඩ් මාරක වසංගතය තුරන්වී ඇතැයි යන සිතුවිල්ලෙන් යුතුව ඇතැමෙක් කටයුතු කරති. දිගු නිවාඩුවක් ලද සෑම මොහොතකදීම රටපුරා සවාරි යාමෙන් ඒ බව මනාව පැහැදිලි වේ. කොරෝනා පැතිරීම වැඩිවී ඇති හෙයින් සෞඛ්‍ය අරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. එන්නත ගැන රජය දැඩි විශ්වාසයක සිටින බවත් ඒ ඒ වයස් කාණ්ඩවලට නිර්දේශ කෙරුණු එන්නත් මාත්‍රා නොපමාව ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් බූස්ටර් එන්නත කඩිනමින් ලබාගැනීම ජනතාවගේ යුතුකමක් බවත් හමුදාපතිවරයා ප්‍රකාශ කර තිබිණි.

කොවිඩ් මාරාන්තික වයිරසයට මෙතෙක් සොයාගෙන ඇති එකම පිළියම වන්නේ එන්නත්කරණය වේ. එහෙත් ඇතැමෙක් එන්නත ප්‍රතික්ෂේප කරති. ඇතැම් ආගමික විශ්වාසද එයට බලපා තිබේ. එමෙන්ම තුන්වැනි මාත්‍රාව ලබාගැනීමෙන් පසු විවිධ සංකූලතා මතුවන බවට පැතිර ඇති මතය නිසා බොහෝ දෙනෙක් එන්නත ප්‍රතික්ෂේප කරති. එහෙත් එම මතය වෛද්‍ය විද්‍යානුකූලව සනාථ නොවුණු හුදු ඕපාදූපයක් බව සෞඛ්‍ය විශේෂඥයෝ පැහැදිලිව අවධාරණය කරති.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ හිටපු මාධ්‍ය සම්බන්ධීකාරක වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා ඉතා වැදගත් කාරණාවක් ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කර තිබිණි. ඒ මහතා ප්‍රකාශ කර තිබුණේ ඔහුත්, බිරියත්, දියණියත් නිසි කාලයේදී එන්නත් ලබාගෙන තිබුණද ඔහුගේ පුත්‍රයා බූස්ටර් එන්නත ලබානොගත් බවය.

බූස්ටර් එන්නත සම්බන්ධයෙන් සමාජයේ පැතිර ඇති විවිධ අදහස්වල බලපෑම නිසා තම පුතු එම එන්නත ලබාගැනීම දිනෙන් දින පමාකළ බවය. එහෙත් මීට සති දෙක තුනකට ඉහතදී පුතුට කොවිඩ් වයිරසය ආසාදනය වූ බවත් බූස්ටර් මාත්‍රාවෙන් අවශ්‍ය ආරක්ෂාව ලැබුණු නිසා තමන්ට, බිරියට හා දියණියට ගැටලුවක් නොවූ බවත් ය.

තම පෞද්ගලික ජීවිතයේ අතිශය සමීප අත්දැකීමක් පදනම් කරගනිමින්ම එන්නත්කරණයේ වැදගත්කම අවධාරණය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ හිටපු මාධ්‍ය සම්බන්ධීකාරක වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතාට ස්තූතිය හිමිවිය යුතු ය. මන්දයත් මෙවැනි ලෝක වසංගතයක දී අප කටයුතු කළ යුත්තේ කෙසේදැයි එමගින් මනාව පැහැදිලි වන හෙයිනි.

ලෝක වසංගතයක දී අපට තනි තනි තීරණ ගැනීමට අයිතියක් නැත. මේ මොහොතේ දී සියලුදෙනා කටයුතු කළ යුතු වන්නේ සෞඛ්‍ය උපදෙස්වලට අනුවය. එසේ නොමැතිව තමන් කැමැති දේ කිරීමට තමන්ට අයිතියක් ඇතැයි සිතා තමන්ට සිතෙන දේ අනුව කටයුතු කිරීමට පෙළඹීම යනු තමන් මෙන්ම මුළු රට ද අනතුරට හෙළීමකි.

සැබැවින්ම විය යුතු වන්නේ ජනයා මහත් උනන්දුවෙන් මෙම එන්නත ලබාගැනීමට ඉදිරිපත්වීමය. මුල් අවස්ථාවල එය ඉහළින්ම ප්‍රදර්ශනය විය. කොතරම් උනන්දුවක් තිබුණේ ද යත් ඇතැම්හු එන්නත ලබාගැනීම සඳහා අනීතික මාර්ගවලටද යොමුවූහ.

එම උනන්දුව හීනවී යෑම යනු වයිරසය ව්‍යාප්තියට දැඩිව බලපාන්නකි. මේ සම්බන්ධයෙන් එන්නත මෙතෙක් ලබා නොගත් සියලුදෙනාගෙම දැඩිව අවධානය යොමුවිය යුතුය. තම රට වෙනුවෙන් සිදුකරන අගනා මෙහෙවරක් වශයෙන් සලකා හෝ මෙම එන්නත ලබාගත යුතු ය.



අදහස් (0)

බූස්ටර් එන්නත ගැනීම මිනිත්තුවකින්වත් පමා නොකරමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 439 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site