IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


පුළුල් සැලැස්මකින් බැලිය යුතු ත්‍රිකුණාමලය ආයෝජන

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සහ කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිය වැනි ප්‍රධාන ආයෝජන උපයෝගී කරගෙන රටවල් දෙකටම ප්‍රතිලාභ ගෙන දෙන විශාල ආර්ථික සංවර්ධන උපාය මාර්ගික රාමුවක් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තිබිය යුතු බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ “ද හින්දුස්ථාන් ටයිම්ස්” පුවත් පතට දෙන ලද විශේෂ සාකච්ඡාවක දී කියා සිටියේය.

ටොන් මිලියනයකට ආසන්න ධාරිතාවක් සහිත අක්කර 850 ක තෙල් ගබඩා පහසුකමක් සහිත බ්‍රිතාන්‍ය යුගයේ ඉදිකළ ත්‍රිකුණාමල ටැංකි සංකීර්ණය ප්‍රතිසංස්කරණය කර, සංවර්ධනය කිරීමේ දිගු කාලීන ව්‍යාපෘතියකට ඉන්දියන් ඔයිල් සමාගමට අනුබද්ධ ආයතනයක් සමග ශ්‍රී ලංකාව පසුගිය දා ගිවිසුමක් අත්සන් කළේය. කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට අයත් වරාය සංවර්ධන අධිකාරිය හා අදානි සමූහ ව්‍යාපාරය පසුගිය වසරේ ආයෝජන ගිවිසුමක් අත්සන් කර ඇත. පර්යන්තයේ ඉදිකිරීම් මෙම මාසයේ ආරම්භ කිරීමට යෝජිතය.

මිලින්ද මොරගොඩ මහ කොමසාරිස්වරයා පසුගිය වසරේ රාජකාරියට වාර්තා කරන්නට කලින් ඉදිරිපත් කළ ඔහුගේ ඉන්දු ග්‍රී ලංකා ඒකාබද්ධ රාෂ්ට්‍ර ක්‍රමෝපාය වාර්තාව අනුව  පාර්ශව දෙක අන්තර් කාලීන අවස්ථාවක සිට උපායශීලී සහ විශේෂිත සම්බන්ධතා පවත්වන යුගයකට ඇතුළු විය යුතුය. සාකච්ඡාවට එක් වෙමින් මිලින්ද මොරගොඩ කියා සිටියේ පරිවර්තනීය යුගයක ඇරඹුමක සිට ඉන්දියානු සමස්ත බලශක්ති සුරක්ෂිතතා ප්‍රතිපත්තිය ද ඇතුලත් ලොකු ව්‍යුහාත්මක රාමුවක් දෙස බැලිය යුතු බවය.

බටහිර පර්යන්තය සහ තෙල් ටැංකි සංකීර්ණය ඉතාම වැදගත් අවස්ථා වනු ඇත. “මම එය දකින ආකාරයට පාර්ශව දෙක බාධාවකින් තොරව උපාය මාර්ගික අවස්ථාවකට ඇතුළු විය යුතුය.” මහ කොමසාරිස්වරයා දක්වන පරිදි ත්‍රිකුණාමලය යෝජනාව යනු “ඛනිජ තෙල්, හා ගෑස් ක්ෂේත්‍රය අලලා ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඒකාබද්ධ කිරීමකි”. පාර්ශව දෙක හවුල්ව ව්‍යාපාරික සැලැස්මක් ත්‍රිකුණාමලය ටැංකි සංකීර්ණය සඳහා ඇති කරගත යුතු අතර, මන්දයත් වසර 2030 වන විට ඉන්දියාවේ ඉන්ධන අවශ්‍යතාව සියයට පනහකින් වැඩිවනු ඇති අතර එයට සාපේෂව පිරිපහදු අවශ්‍යතාව සියයට තිහකින් නැංවිය යුතුව තිබේ.

රටවල් දෙකට ඒකාබද්ධව කාවේරි ද්‍රෝණියේ තෙල් සහ ගෑස් කැනීම් සම්බන්ධයෙන් ද, ත්‍රිකුණාමලය ආශ්‍රිතව තෙල් පිරිපහදුවක් ගොඩනැගීමේ පහසුකම් සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ හැකි බව මොරගොඩ කියා සිටී. ගබඩාකිරීම හා පිරිපහදුව යන අංශ දෙකෙන්ම වඩාත් සුරක්ෂිත කේන්ද්‍රස්ථානයක් බවට ත්‍රිකුණාමලය පත්කරන්නට අපට හැකිය. ත්‍රිකුණාමලය ඉන්දියාව සඳහා වනු ඇති අතර අන්තර් ජාතික මුහුදු මාර්ග වලින් ඈතින් පිහිටීම වාසිදායකය. අපට උපායමාර්ගික ලෙස කල්පනා කර ඉදිරි පියවරකට යා හැකි අතර මෙය තෙල් ටැංකි ගනුදෙනුවක් යන පටු ආකල්පයෙන් අවධානයක් යොමු කළ යුතු නැති බව ඔහු දක්වයි.

ත්‍රිකුණාමලයේ තෙල් ගබඩාකිරීමේ පහසුව සහ පිරිසුදු කිරීමේ පහසුකම ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂාව ද ඉහළ නංවනු ඇත.“ලෝකයේ තුන්වැනි බලශක්ති භාවිතා කරන රට වශයෙන් ඉන්දියාව සමග සම්බන්ධවීමෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන මිල ගණන් ඉදිරියේ ශ්‍රී ලංකාවට ඉතාම හොඳ ගනුදෙනුවකට යා හැකිය. දෙරට අතර ඒකාබද්ධව අපගේ අවශ්‍යතා සලකා බැලීමෙන් අපට ඉන්ධන හිඟයක් ඇති නොවේ.” මිලින්ද මොරගොඩ මහතා තව දුරටත් කියා සිටියේය.   

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී නොබෝදා කරන ලද ප්‍රකාශය ගැන ප්‍රශ්න කරන ලද අතර එහි දී චීන ශ්‍රී ලංකා විදේශ සබඳතාවලට “තුන්වැනි පාර්ශවයක්” මැදිහත් විය යුතු නැති බවට චීන විදේශ ඇමැතිවරයා කරන ලද ප්‍රකාශය අලලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රකාශයක් හෙතෙම උපුටා දක්වයි. “චීනය අපගේ සමීප මිතුරකු වන අතර ඉන්දියාව අපගේ සහෝදරයකු හෝ සහෝදරියක හා සමානය.” 

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සෑම විටකට සැහැල්ලුවෙන් දකින බව ද මොරගොඩ මහතා කියා සිටියේය. ඔහු තවදුරටත් කියා සිටියේ “ එය වෙනස් සම්බන්ධතාවක්. ඉන්දියාව සමග අපට ඇති සම්බන්ධය අනුව එම ප්‍රකාශය අර්ථකතනය කිරීම තේරුමක් නැති දෙයක්” බවය. කෙසේ වෙතත් චීන විදේශ ඇමැති වැන්ග් ගේ ප්‍රකාශය ඉන්දියාව සඳහන් කරමින් යැයි තක්සේරු කරන  ලද අතර අසල්වැසි රටවල් යා කරන තීරයක් හා මාවතක් යන චීන ව්‍යායාමයට මුල සිටම ඉන්දියාවේ විරුද්ධත්වයක් තිබීම යැයි සෑහෙන විශ්වාසයක් නවදිල්ලිය පුරා තිබුණි. 

1987 වසරේ සිට පැවැති සාකච්ඡාවලට පසු ඇති වූ සහයෝගීතාව සමග පැති ගණනාවකින් ශ්‍රී ලංකාවට එල්ල වී තිබුණ විදේශ විනිමය සංචිත හිඟය සහ විශේෂඥයන් පෙන්වා දුන් පරිදි විදේශ ණය ගෙවීම පැහැර හැරීමක් දක්වා යා හැකිව තිබුණ ආර්ථික දුෂ්කරතාවලින් මගහැරීමට ඉන්දියාවෙන් ලැබුණ අනුබලයකි. 

ඉකුත්දා (06 ජනවාරි) ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සමග කොළඹ දී පැවැති සාකච්ඡාවලින් අනතුරුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සාර්ක් ස්වයිප් මුදල් හුවමාරුවක් සහිතව තවත් පහසුකම් ඉන්දියාව සපයන බවයි. සාර්ක් මුදල් හුවමාරුව ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් වන අතර ආසියානු නිෂ්කාෂණ ඒජන්සිය වෙත ගෙවන්නට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 500 ද මාස දෙකකට කල් දමා තිබේ. මිලින්ද මොරගොඩ මහතා දක්වන පරිදි මෙම සහයෝගීතාව මත තවත් අවස්ථා ඉදිරි සතිවල අපේක්ෂා කරන බවය.

පෙට්‍රල් සහ ඩීසල් මිල දී ගැනීම සඳහා ඉන්දියාවේ එක්සිම් බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක චක්‍රීය ණය පහසුකමක් සහ ආහාර හා ඖෂධ මිල දී ගැනීම සඳහා තවත් පහසුකමක් ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. ත්‍රස්ත මර්දන ප්‍රයත්නයක් සඳහා වන ප්‍රදානයක් හා නාවික යාත්‍රාංගණයක් සඳහා ද ඉන්දියාව යෝජනා කර ඇති ණය පහසුකමකට ශ්‍රී ලංකාව මුල පුරා ඇති බව ද මොරගොඩ මහතා මෙම සාකච්ඡාවේ දී කියා සිටියේය. 

“ ඉන්දියන් ආරක්ෂක හමුදා පුහුණු ශිෂ්‍යත්ව වැඩිම ප්‍රමාණයක් හිමිකරගෙන ඇති රට ශ්‍රී ලංකාව වන අතර ඕනෑම අවස්ථාවක අපගේ භටයෝ 600-700 ක් අතර පිරිසක් ඉන්දියාවේ පුහුණුව ලබති. එය තව දුරටත් නංවන අතර පොලිස් සේවාව ද පුහුණුවට ඇතුලත් කිරීමට අපට අවශ්‍යව ඇත.” මොරගොඩ මහතා දක්වයි. “ ආධාර් කාඩ් ක්‍රමය ශ්‍රී ලංකාවේ විද්‍යුත් හැඳුනුම්පත සඳහා පදනමක් කරගැනීම අපගේ සැලසුමය. අපගේ ජනාධිපතිවරයා එය ගැන ඉතාම උන්නදුවක් දක්වන අතර ඔහු විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයා ද වෙයි. මෙම සාකච්ඡාව ද සිදුවෙමින් පවතින බව ඔහු මෙම සාකච්ඡාවේ දී වැඩි දුරටත් දැක්වීය.

(ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ද ‘ද හින්දුස්ථාන් ටයිම්ස්’ පුවත් පතට කරන ලද සම්මුඛ සාකච්ඡාවක පරිවර්තනයකි. මෙම දිගුවෙන් එය සම්පූර්ණයෙන් කියැවිය හැකිය. Https://rb.gy/sfae5j)

මිලින්ද මොරගොඩ



අදහස් (1)

පුළුල් සැලැස්මකින් බැලිය යුතු ත්‍රිකුණාමලය ආයෝජන

බද්රානි Tuesday, 01 February 2022 05:21 PM

ලෝකයේ සියලු ජාතීන්ට මෙන්ම, ලෝකයේ වැදගත්ම ස්ථානයක ස්වභාව ධර්මයා විසින්ම මවා නිර්මාණය කරන ලද ත්‍රිකුණාමලයේ ස්වභාවික වරාය ගැන වටිනාකමක් නොදැකපු ඒ අමනෝඥ ජාතියද දැන් මේ ලැජ්ජා නැතිව පුළුල් සැලැස්මක් ගැන කතා කරන්නේ...? අඩුම තරමේ මේ භුමියේ වටිනාකම දන්නා සුද්දන් එදා නිර්මාණය කරදුන් තෙල්ටැංකි ටිකවත් සංරක්ෂණය කර නොගෙන විනාශ වීමට ඉඩ හැරපු කාපාලු ජාතිය තව මෙතන ලොකු වැඩ කරන්න කයිවාරු ගහනවා. සුද්දන් එදා මේක වෙනරටක වෙනත් ජාතියකට හදා නිමකර දුන්නා නම්, අද සුද්දන්ටත් තෙල්ගන්න වෙන්නේ ඒ රටෙන්... ඔය පුහු මාන්නක්කාරකම් ලෝකෙට ලොක්කන් කියලා හිතාගෙන ඉන්න උද්දච්ඡකම් පැත්තකින් තියලා මනුස්සයින් වගේ හිතපල්ලා එතකොට නිකම්ම මොලේ පෑදෙයි. අඩුම තරමේ තියන සම්පතවත් රැකගන්න..

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site