
(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)
බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය ආරම්භයේදී ශ්‍රී ලංකාවේ සිටි කීර්තිමත් පරිපාලන නිලධාරියකු වූ ජෝන් ඩොයිලි, සිංහල භාෂාවෙන් චතුරව කතා කළ හැකි, සිංහලෙන් කවි පබැඳිය හැකි, තම නිවසේ විවේකීව සිටින විට සරමකින් පමණක් සැරසී උඩුකය නිරාවරණව මඳ පවනේ සිසිල විඳිමින් සිටි බව ඉතිහාසය කියැවූවෝ දනිති. ජෝන් ඩොයිලි ඉංග්‍රීසි ජාතිකයකු වූවද සිංහල සංස්කෘතියට බෙහෙවින් අනුගතව සිටි අයෙකි. බොහෝ සෙයින් ආදරය කළ අයෙකි.
එදායින් වසර 200 කට පසුවත් එංගලන්ත ජාතිකයෝ ශ්‍රී ලංකාවේ ගැමි සංස්කෘතිය ආදරෙන් වැළඳ ගනිති.
හැන්දෙන් ගෑරුප්පුවෙන් කන බොන එක්සත් රාජධානියේ, බ්‍රැඩ්ෆෝඩ් සරසවියේ සිසු පිරිසක් පසුගියදා බෙලිහුල්ඔය ප්‍රදේශයේ අධ්‍යයන ක්ෂේත්‍ර චාරිකාවක නිරත වෙමින් පොල්කටුවෙන් දිය බීවෝය.
ශ්‍රී ලංකාවේ සිංහල ගැමි සංස්කෘතියට අනුගත වෙමින්, ප්‍රදේශයට ආවේණික ආහාර රස බලන්නටත්, පොල්කටුවෙන් දිය බීමටත්, පාවහන් ගලවා අතට ගෙන වෙල් නියර පිට ඇවිද යමින් සීලෝගම සංචාරක ගම්මානයේදී විවිධ සංස්කෘතිකාංග හා සම්බන්ධ වීමටත් මෙම පිරිස නොපැකිළවම ඉදිරිපත් වූහ.
සබරගමුවේ ස්ථාපිත ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන ක්ෂේත්‍ර චාරිකාවක නිරත වීමට පැමිණි ඔව්හු එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති පීඨයේ සිසු පිරිසකි.
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨය විසින් එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති පීඨයේ සිසුන්ගේ අධ්‍යයන චාරිකාව සති තුනක කාලයක් සඳහා පවත්වන ලදී. විශ්වවිද්‍යාල දෙක අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ මෙම වැඩසටහන පවත්වන ලැබූ අතර දේශන මාලා, අධ්‍යයන චාරිකා, සංස්කෘතික අධ්‍යනයන්, ප්‍රජා සත්කාර වැඩසටහන් ආදිය ඇතුළත් විය. ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයලයේ ගිම්හාන වැඩසටහනට සත්කාරකත්වය සපයන ලදී.
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය හා එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆෝඩ් විශ්ව විද්‍යාලයත් අතර අත්සන් කරනු ලැබූ අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදය රත්නායක, උපකුලපති මහාචාර්ය විශාන්ත් වීරක්කොඩි, ග්‍රීෂ්ම වැඩසටහනේ සම්බන්ධීකාරක මහාචාර්ය රංගන ශාලික සහ ප්‍රදේශවාසීන් අනෙකුත් සියලුම පාර්ශ්ව විසින් ලබා දුන් සහයෝගය මත වැඩසටහන සාර්ථකව පැවැත්වීමට හැකිවූ බව කළමනාකරණ අධ්‍යයන පීඨයේ පිඨාධිපතිමහාචාර්ය අතුල ඥානපාල මහතා සඳහන් කළේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල ගැමි සංස්කෘතිය උගෙනීමට පැමිණි එංගලන්ත වැසියන් සාදරයෙන් පිලිගන්නත් ඔවුන්ට අපගේ රට සහ එහි සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාදීමට කටයුතු කිරීමත් අගනේය. කෙසේ වුවත්, ලිපිය ආරම්භයේ ජෝන් ඩොයිලි පිළිබඳ ඇති කොටස ගැන නම් ලේඛකයා තව දුර කල්පනා යුතුයි. මක්නිසාදයත්,ඩොයිලි සිංහල බස උගෙන ගත්තේත්, සිංහල සංස්කෘතිය හා බැඳුනේත්, හාමුදුරුවන් සමග පයුරු පාසානයන් කළේත් සටකපට කමින් උඩරට බලය අල්ලා ගැනීමට මිස අපට ඇති ආදරයකට නොවන නිසායි. ලිපිය අප රටේ ඉතිහාසයට අදාළ දෙයක් නොවූවත්, ඩොයිලි පිළිබඳ සඳහන් කර ඇති නිසයි මෙම සුහද මතක් කිරීම...!
සුද්දො අපි වෙන්ඩ කැමතියි.. අපි සුද්දො වෙන්ඩ කැමතියි.. අනේ මන්දා..!
ඉංග්‍රීසි නැත්තං අද ලංකාව ඇෆ්ගනිස්ථානයට අන්ත වෙන්න තිබ්බා. අඩුම තරමේ බස් එකක්වත්, කොච්චි පෙට්ටියක්වත් හැදුවාද? ලංකාවටත් තිබ්බා හොංකොං රාජ්‍ය වගේ රට ටිකක් දියුණු වෙනකං බ්‍රිතාන්‍ය එක්ක ඉඳලා නිදහස් වෙන්න...
ඔව් මැක්ස් ඒක තමයි ඇත්ත කථාව...!