IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පුරාවස්තු ස්ථාන රැකීමට නීතිමය නිර්නායක ඕනෑ

මුලතිව්, කුරුන්දි කුරුඳුමලෙයි ඓතිහාසික පුරා විදු බිම සම්බන්ධයෙන් විශාල කතිකාවක් ආරම්භ වී තිබේ. ඒ එම පුදබිමට අයත් ඉඩම් අක්කර ප්‍රමාණය ගැන ඇතිවූ ආන්දෝලනාත්මක සංවාදයක් සමගිනි. එම කතිකාව ඉන් ඔබ්බට යමින් උතුරේ බොහෝ විහාරවල අයිතිය සම්බන්ධයෙන් විධිමත්  සැලැස්මක් සකස් කළ යුතුය, යන යෝජනාව දක්වා  වර්ධනය වී තිබේ.

අදාල යෝජනාව පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ගෙනි.

සියලුම මහා නායක හිමිවරුන් වෙත විවෘත ලිපියක් යොමු කරමින් එල්ලාවල මේධානන්ද හිමියන් සඳහන් කරන්නේ උතුරු නැගෙනහිර වෙහෙර විහාරවල අයිතිය පිළිබඳව විධිමත් සැලැස්මක් නිකාය මූලස්ථාන සමග සාකච්ඡා කර සකස් කළ යුතු බවය.
එය වූ කලී අතිශයින්ම වැදගත් යෝජනාවකි. මේ රට යනු  තිස් වසරක යුද්ධයෙන් හෙම්බත් වූ වෙහෙසට පත් වූ රටකි. එම යුද්ධය ඕපපාතික නැත. ඒ සඳහා සමාජ ආර්ථික හා දේශපාලන සාධක බලපෑවේය. එහෙත් ඇතැම් ජරපත් අන්තවාදී දේශපාලනඥයන්ට හා විවිධ කල්ලි කණ්ඩායම්වලට එම සාධක ප්‍රමාණවත් නොවීය. එහෙයින්ම වහා ගිනි ඇවිළෙන සුළු අතිශයින්ම සංවේදී සාධක වන ජාතිකත්වය හා ආගම ද යුද්ධය තිරිහන්ව පවත්වාගෙන යාම සඳහා යහමින් සම්බන්ධ කර ගත්හ.

ආගමික ස්ථානවල අයිතිය සම්බන්ධ ගැටලුව නිර්මාණය වුණේ එහි ප්‍රතිඵලයක් ලෙසය. එහිදී අන්තවාදීහු ඉතිහාසය විකෘති කරති. තමන්ගේ නමින් ඔප්පු ලියා ගැනීමට උත්සාහ දරති. ඒ එම භූමිය තමන් සතු කර ගැනීම සඳහාම නොවේ. එම ප්‍රයත්නය දැරීම තුළම ආවේගශීලි පහසුකම් නිර්මාණය කරගත හැකි බව හොඳින්ම දන්නා නිසාය. ඉතිහාසයේ සිදුවීම්වල අවසාන ප්‍රතිඵලය වූයේ එයමය. වෙල්ලමුල්ලි වයිකාලේ හි නන්දිකාඩාල් කළපුව අද්දර වගුරු බිමක  මිහිදන් වූ එම දීන හා නීච ප්‍රයත්නයට යළිත් පණ දීමට ඇතැම් අන්තවාදීහු උත්සාහ  දරති.

ප්‍රශ්න කාලය නැමැති වැලි තලාවෙන් වැසී යනු අතැයි කීව ද මෙබඳු ප්‍රශ්න කාලයේ වැලි තලාවෙන් වැසි නොයයි. ඒ වෙනුවට ලේ විල් ඉදිකර මිනීකඳු ගොඩගසනු ලබයි. එම අත්දැකීම මෙරට ජනයා සිය ජීවිතවලින්ම විඳ ඇත. එහෙයින් අතිශයින්ම සංවේදී වූ මෙබඳු ප්‍රශ්න ඉදිරිපිට දී කරබාගෙන නිහඬව සිටිම බරපතළ ඛේදවාචකවලට හේතු වනු ඇත. එහෙයින් මෙම ප්‍රශ්න හෙටට කල් දමා ‘කුරුවල්’ නොකර අදම විසඳිය යුතුය.

පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ගේ යෝජනාව අතිශයින්ම වැදගත් වන්නේ ඉහත අර්ථයෙනි.එල්ලාවල මේධානන්ද හිමියන් සිය ලිපියෙන් දක්වන්නේ අදාළ ප්‍රදේශවලට තනි තනිව යන එක් එක් භික්ෂූන් වහන්සේලා වැදගත් නටබුන් ඇති තැන්වල අයිතිය ලබාගෙන  අත්තනෝමතිකව කටයුතු කරන බවට තොරතුරු ඇති බවය.

එම කාරණාව ද අතිශයින්ම වැදගත්ය. මෙම පෞරාණික ස්ථාන සම්බන්ධයෙන් විධිමත් වැඩ පිළිවෙළක් තිබිය යුතුය. කාට හෝ කෙනකුට එහි ගොස් තමන්ගේ අභිමතය පරිදි කටයුතු කිරීමට ඉඩ නොහැරිය යුතුය. එසේ කටයුතු කිරීමෙන් අනවශ්‍ය ගැටුම් ඇතිවීම වැළැක්විය නොහැක. මෙසේ තනි තනි පුද්ගලයන්ගේ හිතු මනාපයට කටයුතු කිරීම නිසා පුරාවස්තු විනාශ වන බවද එල්ලාවල මේධානන්ද හිමියෝ පෙන්වා දෙති.

මේ නිසා සියලුම මහානායක ස්වාමීන් වහන්සේලා සාකච්ඡා කර මෙම ස්ථාන මූලස්ථානවලට අයිති බැවින් ඒවායේ වගකීම මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුදැනුම ඇතිව  නියාමනයන්ට යටත්ව කටයුතු කෙරෙන අන්දමින් පාලනය සකස් විය යුතු බවද උන්වහන්සේ සිය ලිපියේ සඳහන් කරති. එමෙන්ම එම පුරාවිද්‍යාත්මක පූජනීය ස්ථාන, තනි තනි පුද්ගලයන්ගේ මුදල් උපයාගන්නා ස්ථාන බවට පත්වීම වැළැක්විය නොහැකි බවද උන්වහන්සේ පෙන්වා දෙති.

මේ අනුව අපට කීමට තිබෙන්නේ ‘කාලෝ අයං තේ’ හෙවත් ‘මේ’ ඔබට කාලයයි’’ යනුවෙනි.

(***)



අදහස් (0)

පුරාවස්තු ස්ථාන රැකීමට නීතිමය නිර්නායක ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 316 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site