IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පුරවැසි අයිතියත් නීතියත් එකට පටලවා ගන්න එපා

පුරවැසි බලය සහ පුරවැසි අයිතිය යන මාතෘකා සමාජ ප්‍රජාතන්ත්‍ර අවකාශය තුළ නිතර කතාබහට ලක්වන ජනතාවට හිතකර මාතෘකාය. රටේ ප්‍රධාන නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද පරමාධිපත්‍යයේ බලය පවරා තිබෙන්නේ ජනතාවට වන හෙයින් පුරවැසි බලය හා පුරවැසි අයිතිය එසේ උත්කර්ෂයට නැංවීම සාධාරණය. එහෙත් පුරවැසි බලය හා පුරවැසි අයිතිය යනු චෝදනාවලට ලක්ව අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් පැහැරගෙන යාම නොවන බව පුරවැසියන්ට සිහිපත් කළ යුතුය.

අප පුවත්පත ඉකුත් දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ ජංගම දුරකථන ආරවුලක් දුර දිග යාමෙන් පොලීසියට බීමතින් පැමිණි දෙදෙනකු එහි කලහකාරී ලෙස හැසිරීම නිසා අත්අඩංගුවට ගනු ලැබ සිටියදී ඔවුන්ගේ ඥාතීන් යැයි කියන පිරිසක් පැමිණ ඔවුන් රැගෙන පලාගොස් ඇති බවය. මෙම සිද්ධිය ඉකුත් 25 වැනිදා රාත්‍රියේ සිදුවී තිබේ. 

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරණ අපූරු වීඩියෝවක් තිබේ. එහි දැක්වෙන්නේ යතුරු පැදියකින් පැමිණි තරුණයකු නවතා ඔහුගෙන් රියදුරු බලපත්‍රය හා ආදායම් බලපත්‍රය ඉල්ලන පොලිස් නිලධාරීන් පිරිසකට එම තරුණයා දක්වන ප්‍රතිචාරය වේ. ‘‘මාව නවත්වන්න මා කළ වරද කියන්න.

ලයිෂන් ඉන්ෂුවරන්ස් එහෙම ඉල්ලුවට දෙන්න බෑ’’ යනුවෙනි. අනතුරුව පොලිස් නිලධාරියකු නීතිය පැහැදිලි කරමින් මහ මග ගමන් කරන ඕනෑම වාහනයක් නතර කර ලියකියවිලි පරීක්‍ෂා කිරීමට පොලීසියට බලයක් තිබෙන බව කීවේය. එහෙත් අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීම තරුණයා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන අයුරු එම වීඩියෝවේ දැක්වේ. මාර්ග නීති කඩ කිරීමේ වරදට දඩ කොළයක් ලියන විට කළහකාරී ලෙස හැසිරෙන කරණවෑමියකු සම්බන්ධ වීඩියෝවක් ද මීට පෙර සමාජ මාධ්‍ය ජාලාවල සැරිසැරුවේය. 

ඉහත සිදුවීම් දෙකම ගත් කල්හි පුරවැසි බලය හා පුරවැසි අයිතිය පුරවැසියා වරදවා කියවා ගැනීමකි. තමන්ට අභිමත පරිදි සියල්ල සිදුවිය යුතුය යන්න ඇතැම් පුරවැසියෝ සිතති. ‘‘ඒ කාලේ ගියා. දැන් අපේ කාලේ’’ යැයි ඒ පුරවැසියෝ කියති. ඇතැම් පුරවැසියන්ට මෙම විෂබීජ එන්නත් වූයේ අරගලයෙනි. අරගලයේ ශේෂ පත්‍රය එය වූ විට ‘‘සිස්ටම් චේන්ජ්’’ කෙසේ සිදුවේදැයි වටහා ගැනීම අසීරු නැත. අඟුලානේ පොලිස් සිදුවීමෙන් ද පෙන්නුම් කෙරෙන යථාර්ථය එයම විනා අන් යමක් නොවේ. 

අඟුලාන පොලිස් සිර මැදිරියෙන් ඥාතීන් විසින් පැහැරගෙන ගිය බව කියන එක් සැකකරුවකු ‘‘ජොන්ටියා’’ නමැත්තෙකි. අනිකා ‘‘කලයා’’ නමැත්තෙකි. කෙනකුට නමක් පටබැඳෙන්නේ ඔහුගේ හෝ ඇයගේ කල් ක්‍රියාව මතය. අප ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ සැකකරුවන් දෙදෙනාම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට නම් දැරූ පුද්ගලයන් බව පොලීසිය සඳහන් කරන බවය. එමෙන්ම ඔවුන් දෙදෙනාට එරෙහිව අධිකරණයේ නඩු දෙකක් විභාගවන බවය. ඥාතීන් යැයි කියන පිරිස මෙසේ පැහැරගෙන ගොස් තිබෙන්නේ ඒ අර්ථයෙන් ගත් කල්හි කුඩුකාරයන් දෙදෙනෙකි. ඒ අනුව පැහැර ගැනීමේ මෙහෙයුමට දායක වූ ඥාතීන්ගේ ද පැටිකිරිය සොයා බැලීම වැදගත්ය. 

සමාජයේ පැවැත්ම එම සමාජයේ ජීවත්වන සෑම පුරවැසියකුටම බලපාන්නා සේම එම පැවැත්ම වෙනුවෙන් තමන්ගේ දායකත්වය නොමසුරුව ලබාදීම එම පුරවැසියන්ගේ වගකීමය. එහෙත් සමාජයක් යනු සංකීර්ණ ආයතනයකි. වගකීම එයට හිමි නිසි බරින් හඳුනාගත් පුරවැසියෝ මෙන්ම එම වගකීම හඳුනා නොගත් පුරවැසියෝද සිටිති. සමාජයේ පැවැත්ම අනතුරට හෙළන්නෝ එබඳු හඳුනා නොගත් පුරවැසියෝ වෙති. සමාජයේ පැවැත්ම උදෙසා නීතිය ආදේශ වී තිබෙන්නේ එහෙයිනි. උස් මිටිකම් නොතකමින් නීතිය ක්‍රියාත්මක විය යුත්තේද එහෙයිනි. නීතියට පිටුපෑම, නීතිය අතට ගැනීම සමාජයේ පැවැත්මට මාරාන්තික වන්නේ එහෙයිනි. අඟුලානේ කුඩ්ඩන්ගේ ඥාතීන්ගේ මුදාගැනීමේ මෙහෙයුම වඩාත් බරපතළ ලෙස ඔසොවා ගත යුතු වන්නේ එහෙයිනි. 

රටකට නීතියක් යනු ගඟකට ඉවුරක් බඳුය. ඉවුර බිඳී ගිය කල්හි ගඟ අයාලේ යයි. ගඟ අයාලේ යෑමේ බරපතළකම වටාහා ගැනීම අසීරු නැත. නීතිය නමැති ඉවුරු බිඳී ගිය කල්හි එම සමාජයට අත්වන මාරාන්තික ඉරණම ද එසේමය. කුඩ්ඩන්ට, මැරයන්ට ඇවැසි පරිදි කටයුතු කෙරෙන රටක් නිර්මාණය වුවහොත් එමගින් මුළු සමාජයම වැනැසීයාම ඒකාන්තය. එහෙයින් නීතියේ ආධිපත්‍ය ආරක්‍ෂා කරනු පිණිස දිවි හිමියෙන් සටන් කිරීම අදාළ අංශවල පරම වගකීම බව අපි අවධාරණය කරමු.

(***)



අදහස් (0)

පුරවැසි අයිතියත් නීතියත් එකට පටලවා ගන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site