IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දේශපාලකයන්​ගෙන් පොලිසිවලට බලපෑම්

බගවන්තලාව පසුගියදා රටේම කතාබහට ලක්වූ නගරයක් බවට පත්විය. ඒ හොඳ හේතුවකට නොව නරක හේතුවකටය. වත්මන් ආණ්ඩුවේ කැබිනට්ටුවේ ලාබාලම අමාත්‍යවරයා වන ජීවන් තොණ්ඩමන් මහතා පැය කිහිපයකට බගවන්තලාව පොලිසිය තමන්ගේ අණසකට යටත් කර ගැනීම හේතුවෙන් මේ කලබැගෑනිය හටගෙන තිබිණි.

තම ආධාරකරුවන් පිරිසක්ද රැගෙන බගවන්තලාව නගරය මැදට ගොස් පොලිස් ස්ථානාධිපතිටත් සෙසු පොලිස් නිලධාරීන් කිහිප දෙනකුටත් බැණ තර්ජනය කිරීම රටේම ජනතාව මාධ්‍ය හරහා දැකබලා ගත්හ. අනුන්ගේ බැංකු ගිණුමක තොරතුරු ඉල්ලා කලහ කරගත් තම ආධාරකරුවකු ඇල්ලු‍වාට අමාත්‍යවරයා කෝපවීම මීට හේතුවය.

දකුණු ඉන්දීය චිත්‍රපට නැරඹීම ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ විනෝදාංශයක්දැයි අපි නොදනිමු. එහෙත් එදින තොණ්ඩමන් අමාත්‍යවරයා තම ආධාරකරුවන් ඉදිරියේ රඟදැක්වූයේ දකුණු ඉන්දීය කසිකබල් චිත්‍රපටයක කාඩ්බෝඩ් වීරයකුගේ චරිතයක් බව දකින්නට තිබිණි. ලංකා කම්කරු කොංග්‍රසයේ තම ආධාරකරුවන් සමඟ එකතු වී ඔහු පොලිස් ස්ථානාධිපතිට තර්ජනය කළේය. තම ආධාරකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනා ගැන තමන් බලාගන්නා බව තර්ජනාත්මකව පැවසීය.

එතැනින් නොනැවතී එක් පොලිස් නිලධාරියකුගේ පදිංචිය ත්‍රිකුණාමලයේ බව දැනගෙන නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතාට දුරකතනයෙන් කතා කර මේ පොලිස් නිලධාරියා ගැන බලාගන්නා ලෙසට දැනුම් දීමක්ද කළේය.

මේ පොලිස් නිලධාරීන් වහාම මාරු කර යැවිය යුතු බවත් ඉන් එක් අයකු කොටගල තම පක්ෂ මූලස්ථානයේ රාජකාරියට යෙදවිය යුතු බවත් පොලිස් අධිකාරිවරයාට නියෝගයක්ද කළේය. පොලිසියේ ජල සැපයුම අත්හිටුවීමට ක්‍රියා කරන බවටද ඔහු තර්ජනය කර තිබිණි. මේ සිද්ධිය වීඩියෝ කිරීම හෝ ඡායාරූප ගැනීම හෝ නොකළ යුතු බවට නියෝගයක්ද පනවා එය නිරීක්ෂණය කිරීමට තමන්ගේ ආධාරකරුවන් පිරිසක්ද යෙදවීය. 

මෙකී සිදුවීම් පෙළ කෙසේ හෝ වීඩියෝගත කර මාධ්‍යයට මුදා නොහැරියා නම් මේ කතාව අහන කිසිවකුත් එය විශ්වාස කිරීමට පවා මැළිවනු ඇත. රටේ දේශපාලනඥයකුට ප්‍රදේශයේ පොලිසිය තමන්ගේ අතට ගෙන තමන්ට අවශ්‍ය ආකාරයට නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට හැකි නම් රටේ නීතියක් තිබීමෙන් පලක් නැත. ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසි තිබීමෙන් තේරුමක්ද නැත. එහෙත් මේ රටේ නීතිය බලයේ සිටින දේශපාලකයන්ට එක් ආකාරයකටත් බලය නැති දේශපාලකයන්ට තවත් ආකාරයකටත් ක්‍රියාත්මක වන බව පොදු පිළිගැනීමය.

මේ කවර තත්ත්වයක් යටතේ වුවද තොණ්ඩමන් අමාත්‍යවරයා සිදුකර ඇත්තේ රටේ සාමාන්‍ය නීතියට පටහැණි ක්‍රියාවකි. බලයේ සිටින දේශපාලකයා සහ පොලිසිය අතර පවතින සමීප සබඳතාත් ඒ ඇසුරින් සිදුවන නීතිය නැවීමත් සම්බන්ධයෙන් අපේ රටට ඇත්තේ අපකීර්තිමත් ඉතිහාසයකි.

මෙහිදී අමාත්‍යවරයාගේ මේ හැසිරීම්වලට හේතු වී තිබුණේ ඔහුගේ ආධාරකරුවකු බැංකු නිලධාරීන් සමඟ ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් ලැබුණු පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකි. වාර්තා වූ අන්දමට මේ ආධාරකරු බැංකුවෙන් නීතිවිරෝධී අයුරින් තොරතුරක් දැනගැනීමට උත්සාහ කිරීමේදී බැංකුවෙන් දැක්වූ ප්‍රතිචාරයට උරණ වී කලහකාරී ලෙස හැසිරී තිබේ. තොණ්ඩමන් අමාත්‍යවරයා ඉදිරිපත් වී ඇත්තේ එසේ නීතිය හමුවේ වැරැද්දක් කර ඇති බවට එල්ල වූ චෝදනාවකට අත්අඩංගුවට ගත් මේ සැකකරු බේරාගැනීමටය.

සැකකරුවකු තමන්ගේ ආධාරකරුවකු නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසට දේශපාලකයන් පොලිසියට දැනුම් දීම මේ රටේ සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් තොණ්ඩමන් අමාත්‍යවරයා මෙන් මහජනතාව ඉදිරියේ පොලීසියේ රෙදි ගලවන දේශපාලකයන් නම් ඉතා විරලය.

අඩුම තරමින් මෙහෙම වැඩක් හතර අතේ මඩ ගාගන්නේ නැතුව කර ගන්නා හැටි ජ්‍යෙෂ්ඨ දේශපාලඥනයකුගෙන් අසා දැනගෙන සිටියා නම් තොණ්ඩමන් මහතාට මේ අවනඩුවෙන් ගැලවී තමන්ගේ ජාම බේරාගෙන කටයුතු කිරීමට ඉඩ තිබිණි. දැන් සිදුවී ඇත්තේ තමන්ගේ ආධාරකරුවන් ඉදිරියේ වීරයකු වූ තොණ්ඩමන් අමාත්‍යවරයා රට ඉදිරියේ දුෂ්ටයකු බවට පත්වීමය.

(***)



අදහස් (1)

දේශපාලකයන්​ගෙන් පොලිසිවලට බලපෑම්

kamal Tuesday, 04 July 2023 04:35 PM

මේ සියල්ලට මුල මේ රටේ පවතින මජර දේශපාලන සංස්කෘතියයි. මෙය අතුගා දමන තුරු මේ රටට වගතුවක් වෙන්නේ නැහැ...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site