IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දේශපාලකයන් පාතාලයන් ළංකර ගැනීමේ විනාශය

ශ්‍රී ලංකාවේ දේශපාලනය තරම් මජර දේශපාලනයක් ලොව වෙනත් කිසිදු රටක නැතැයි යන්න මුසාවක් නොවේ. අරගලය නමින් පණපෙව් උත්කර්ෂවත් ලෙස ප්‍රකාශයට පත් වූ ජනතාවගේ හඬ එයට හිමි බරින් හඳුනා ගැනීමට අසමත් මෙරට දේශපාලකයන්ටත් එම නුවණ පහළ කරගැනීමට තව කොතෙක් අරගල අවශ්‍ය වේදැයි අපි නොදනිමු. ලජ්ජාව සහ බිය යම් පමණකට හෝ රුධිර ධාතුවේ තැන්පත්ව තිබේ නම් මෙම දේශපාලනඥයන්ට මෙතරම් නින්දිත ලෙස හැසිරිය නොහැක. ඒ බව පසක් කරවන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

‘‘හිටපු ඇමතිවරයෙක් පාතාල දෙදෙනකු බලන්න සිරගෙදරට ගිහින්’’  අප ප්‍රවෘත්තියේ සිරස්තලය එය විය.

දේශපාලනඥයන් හා පාතාලයන් අතර කුමන ආකාරයක හෝ සම්බන්ධයක් තිබිය නොහැක. එහෙත් අප රටේ දේශපාලනය බොහෝ වෙනස්ය. බොහෝ දේශපාලනඥයන් බොහෝවිට ළඟ සමීප සබඳතා පවත්වනු ලබන්නේ මහජනයා සමග නොව පාතාලයන්, කුඩුකාරයන් සමගය. සූදු අන්තුවන් හා චෞර කප්පිත්තන් සමගය. ගණිකා මඩම් මෙහෙයවන්නන් සමගය. ස්ත්‍රී දූෂකයන් හා ළමා අපචාරකරුවන් සමඟය.  ඉතිහාසයේ දරුණුතම නරකාදියට මේ රට ඇද වැටුණේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියට අනුව හිටපු අමාත්‍යවරයකු පොලිස් ස්ථානාධිපතිවරයකු හා තවත් පිරිසක් සමග පාතාල සාමාජිකයන් දෙදෙනකුගේ සුවදුක් විමසීම සඳහා කළුතර බන්ධනාගරයට ගොස් ඇත.  පයාගල ප්‍රදේශයේ දී සිය නැන්දම්මා උස්සා පොළොවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රඳවා සිටින ‘කලමුල්ලේ ටසි’ සහ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් ‘කළුතර සගා’ නමැති පාතාල සාමාජිකයන්  මුණගැසීම සඳහා එලෙස පැමිණි බව කළුතර බන්ධනාගාර ආරංචි මාර්ග වාර්තා කරන බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

දේශපාලනඥයා පාතාල සාමාජිකයන් දෙදෙනා මුණගැසීමට ගොස් ඇත්තේ දේශපාලන ව්‍යාපාරයේ දී ඔවුන්ගෙන් ලැබුණු සහයෝගයට කෘතගුණ දැක්වීමට බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

රටේ ගම - නගරය  වෙනසකින් තොරව විසි හතර පැය මුළුල්ලේ ගිනි අවි දැල්වෙමින් තිබේ. අනු අංකයක් නැති ගිනි අවිවලින් නික්මෙන වෙඩි උණ්ඩ ඉදිරියේ අභය දානය ඉල්ලා දණින් වැටීමට මෙරට සාමාන්‍ය නිරායුධ සාමකාමී ජනයාට සිදුවන තරමට තත්ත්වය බෙහෙවින් භයංකාර වී තිබේ. පාසල් දරුවෝද ඉතාම දරුණු ගණයේ ප්‍රචණ්ඩත්වයක් ප්‍රදර්ශනය කරති. මෙම ගමන නිමාවනු ඇත්තේ ලේ විල් ඉදිවීමෙන් හා මිනී කඳු ගොඩ ගැසීමෙන්ය.

නියත වශයෙන්ම මෙම මහා ව්‍යසනය වළක්වා ගත යුතුව තිබේ. එහිදී ගරු කටයුතු දේශපාලඥයන්ට මහජන නියෝජිතයන්ට අති මහත් වගකීමක් පැවරී තිබේ. එහෙත් මුග්ධ බව  සාඩම්බර පදක්කම් සේ පළඳින තක්කඩි දේශපාලනඥයෝ පාතාලයන්ගේ සුවදුක් විමසීමට බන්ධනාගාරවලට යති.

බන්ධනාගර භාර ඇමතිවරයකු අධික ලෙස බීමත්ව සිය සුරූපිනියකට වැඩ පෙන්වීමට මහ රෑ වැලිකඩ බන්ධනාගාරයට ගොස් සිරකරුවන් දණ ගස්වා ඔළුවට පිස්තෝලය තබා මරා දමන බවට තර්ජනය කළ සිදුවීමක් ඉකුත් සමයේ වාර්තා විය. නවතම සිදුවීම තවත් හිටපු ඇමතිවරයකු පාතාලයන් බැලීමට පොලිස් ස්ථානාධිපතිවරයකු සමග කළුතර බන්ධනාගාරයට යාමය.

නිල ඇඳුමේ ගරුත්වය ආරක්ෂා කළ නොහැකි නම් එවැන්නන් පොලිස් සේවයට සුදුසුම නැත. එබඳු කාකි සූට් කාරයන්ගෙන් සිදුවන්නේ පාතාල ලෝකය තව තවත් ප්‍රසාරණය වීමය. අනීතික නියෝගවලට අවනත නොවී සිටීමේ කශේරුකාවක් පොලිස් නිලධාරීන්ට තිබිය යුතුය. එහෙත් සිදුව තිබෙන්නේ අනෙකකි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පුළුල් පරීක්ෂණයක් කළ යුතුය. රටේ අනාගතය වෙනුවෙන් එය කළ යුතුමය. 

(***)



අදහස් (2)

දේශපාලකයන් පාතාලයන් ළංකර ගැනීමේ විනාශය

sisil Friday, 30 June 2023 01:51 PM

ශ්‍රී ලංකාවේ දේශපාලනය තරම් මජර දේශපාලනයක් ලොව වෙනත් කිසිඳු රටක නැත. එමෙන්ම ඩී.එස්. සේනානායක මැතිතුමා බිහිකළ එක්සත් ජාතික පක්ෂයට වර්තමන නායකත්වයට කළු පැල්ලමක් එක්කළ පක්ෂයේ තනතුරු දරන පුද්ගලයින්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව මේ දිනවල මාධ්‍යවල පලවන තොරතුරුවලට අනුව එසේ කර ඇත්නම් ඔවුන් සමස්ත පක්ෂයටම පෙර සිදු නොවූ අවමානයක් කර ඇත...

:       0       2

chandima Monday, 10 July 2023 05:28 AM

දැන් මේ කාලයක් සුදු ඇඳගෙන අපි ඉස්සරහ රඟදැක්වුවට පක්ෂ නායකයෝ පඳුරු පාක්කුඩම් දීලා පෙර වැරැදි ඇපේට තියාගෙන හිරකරගෙන අල්ලේ නටවාගත්තාට, ඔයින් ඉස්සර වැඩිදෙනෙක් පාතාලයෝම තමයි. නමුත් මේ අද ඊයේ ඒගොල්ලෝ පාතාලයින් ළංකරගෙන නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 171 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2059 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site