(තරිඳු ජයවර්ධන)
සිංහරාජ වනාන්තරයේ සිටින අවසන් අලි පැටවුන් දෙදෙනා අල්ලාගෙන වෙනත් ස්ථානයකට මුදා හරින්නට යතියි කියන කතාවත් සමඟ පරිසරවේදීහු මෙන්ම අලි ඇතුන් ගැන ඇල්මක් දක්වන බොහෝ දෙනෙක් සලිත වී ගියහ.
සිංහරාජය යනු ලෝක උරුමයක් පමණක් නොව ලංකාවේ ඇති විශාලම ප්‍රාථමික වනාන්තරය ලෙස ප්‍රචලිතය. එවැනි වනාන්තරයක අලි නැතිනම් කොහේ ඉන්නද? කෙනෙකුට එසේ සිතිය හැකිය. එසේ නමුත් අලි දෙන්නා ගෙනයනවාට පක්ෂ පිරිසක් ද සිටියහ. අද පැවැති විරෝධතාවයක් කඩාකප්පල් කිරීමට ගෙන ගිය සංවිධානාත්මක උත්සාහයත් සමඟ ඒ බව තවදුරටත් තහවුරු විය.
ලංකාවේ අලි මිනිස් ගැටුමට දැන් උච්ච තත්ත්වකයට පත්ව ඇති බව නොරහසකි. වසරකට අලින් සහ මිනිසුන් විශාල ගණනක් අකාලයේ මියැදෙන්නේ එහි ප්‍රථිපලයක් ලෙසය. අලි මිනිස් ගැටුම උස්සන්නම ප්‍රදේශයක් වූ සූරියවැවවේ ජනතාව මේ ප්‍රශ්න ගැන දරණ අදහස මීට පෙර ලංකාදීප එසැණ විශේෂාංගයකින් ඉදිරිපත් කළේය. සංවර්ධනයත් සමඟ කැලෑ එළි කිරීම නිසා වල් අලින් ගම් වදින බව ගම්මු කීහ. සත්‍ය කතාවද එය වුවත් වැඩි දෙනෙක් එය පිළිගැනීමට කැමති නැත.
සිංහරාජයේ අලි ප්‍රශ්නය කුමක්ද?
සිංහරාජ වනාන්තරය යනු ප්‍රාථමික වනාන්තරයක් බව මීට පෙර සඳහන් කළෙමු. සිංහරාජයේ අලි ඇතුන් සිටි බවට අවට ගම්මානවල ගම්වාසීහු කියති. පරිසරවේදීන් සිටින්නේ ද ඒ අදහසේය. කෙසේ වෙතත් දැනට සිංහරාජ වනාන්තරයේ ඇත්තේ අලින් දෙදෙනකු පමණක් බව කියති. සිංහරාජය අවට ගම්මානවලින් පසුගිය කාලයේ අලි ප්‍රහාරයන්ට ලක්වීමේ සිදුවීම් කිහිපයක් වාර්තා විය. සිංහරාජයේ සිටින අලි දෙන්නා අල්ලා වෙනත් ස්ථානයකට ගෙන ගොස් දැමීමේ වැඩපිළිවෙළ ආරම්භ වූයේ ඒ අනුවය.
වනජීවී දෙපාර්තමේන්තුව අදාළ කටයුතු ආරම්භ කිරීමත් සමඟ අලින් දෙදෙනා ගෙන යෑමට එරෙහිව විරෝධතා ආරම්භ විය. ඒ ගැන අදහස් දක්වමින් පරිසරවේදියකු වන ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙසේ ප්‍රකාශ කළේය.
‘අපි එම ප්‍රදේශයට ගියා. මිනිස්සු මේකට උනන්දුවෙන් හිටියේ. නමුත් පිරිසක් ගමේ මිනිස්සුන්ට තර්ජනය කරලා තිබුණා. අපි හිටපු ගෙදරට දුරකතන ඇමතුම් දීලා තර්ජනය කළා. සමහර එතනට ඇවිත් අපි සමඟ තර්ක කරන්න ගත්තා. අපි ඔවුන්ට ඇත්ත පැහැදිලි කළා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලකයකු ඇතුළු පිරිසක් තමයි මේ දේවල් කළේය. අලින් දෙදෙනා ඉවත් කිරීම වෙනුවට ගත හැකි ක්‍රියාමාර්ග රැසක් තිබෙනවා. අපි ඒ ගැන පසුව ජනාධිපතිට ලිඛිතව දැනුම් දෙන්න බලාපෙරොත්තු වෙනවා.‘‘ ඒ හිමියෝ පැවසූහ.
වනජීවී ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද පැවසුවේ ජනපතිගේ නියෝගය අනුව අලි දෙදෙනා ගෙන යෑම නතර කළ බවයි. අලි දෙදෙනාගේ හෝ මිනිසුන්ගේ ජීවිත ගැන තමන්ට වග කියන්නට බැරි බව ඇමැතිවරයා කීවේය.
අලින් සහ මිනිසුන් යන කොට්ස දෙකේම ජීවතවල ඇති වටිනාකම වගකිවයුත්තන් හඳුනා ගත යුතුය. පැළැස්තර විසඳුම් වලින් සිදුවී ඇත්තේ අලි මිනිස් ගැටුම වර්ධනය වීම පමණි. පරිසරවේදීන් පෙන්වා දෙන ආකාරයට අලි මිනිස් ගැටුම නතර කිරීමට නම් කළ යුත්තේ වනාන්තර එළි පෙහෙළි කිරීම නතර කිරීම පමණි. එසේ කරන තෙකේ අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් නොලැබෙනු ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිංහරාජයේ අලි කලබලයේ ඇතුල් පැත්ත
dhammika Monday, 18 June 2018 05:23 AM
දේශපාලකයෝ , ජාවාරම්කරුවෝ හා දුෂිත නිලධාරීන් නිසා රටම වැනසිලා. මුලින්ම හේතු විමසන්න ඕනේ ලංකාවේ විශාලතම ප්‍රාථමික වනාන්තරයේ අවේණික අලි ගහණය දෙන්නෙකුට අඩු වුණේ ඇයි කියලා. අනිත් එක සිංහරාජය අවට මිනිස්සුන්ට අලි ඉන්න එක ප්‍රශ්නයක් නොවේනම් වෙනත් පිරිසකට ප්‍රශ්නයක් උනේ ඇයි කියන එක.