ආපදාවෙන් පීඩාවට පත් පිරිස 1,25,000 ඉක්මවයි
පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 19 කට ගං වතුර හා නායයෑම් ආපදා තත්ත්වයක් බලපා ඇති අතර ඒ හේතුවෙන් මේ වන විට පවුල් 32,126 කට අයත් 1,25,954 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.