සුජිත් හේවාජුලිගේ
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ගත් ඩී.එන්.ඒ. වාර්තා වෙනුවෙන් පොලිස් ස්ථාන ගණනාවක් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවා නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධිකරණ මස්තු විද්‍යා හා ඩී.එන්.ඒ. අංශය විසින් ඩී.එන්.ඒ. වාර්තාවක් නිකුත් කිරීමේ දී ගාස්තුවක් අය කරගනු ලබයි.
ඩී.එන්.ඒ. වාර්තා වෙනුවෙන් පසුගිය 2014 වර්ෂයේ සිට 2023 දක්වා අය කරගත යුතු මුදලක් මෙසේ අය කරගෙන නැතැයි වාර්තාවේ දැක්වේ.
මේ අතර මත්ද්‍රව්‍ය සහ මනෝවර්තක අංශයෙහි පරීක්ෂාව සඳහා සාම්පල් පමණක් දෙපාර්තමේන්තුවට රැගෙන ඒම වෙනුවට සම්පූර්ණ භාණ්ඩ ප්‍රමාණයම එම අංශයට රැගෙන ඒම හේතුවෙන්, මූලික පරීක්ෂණ කටයුතු සඳහා අනවශ්‍ය කාලයක් වැයවන බව විගණන නිලධාරින් නිරීක්ෂණය කර ඇත.
දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂමව සිදුකිරීමට උපකාරී වන තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන් හතළිහක සහ තෘතීයික මට්ටමේ නිලධාරින් නව දෙනකුගේ තනතුරු පුරප්පාඩු වී තිබීම හේතුවෙන් නඩු භාණ්ඩ විශ්ලේෂණයෙන් අනතුරුව නිකුත් කරන විද්‍යාත්මක වාර්තා මාස තුනක කාලයක් ඇතුළත ලබාදීමට බාධාවක් වී තිබූ බව කියන එම වාර්තාව, මෙම කටයුතු පොලිසිය හා බන්ධනාගාරයේ කටයුතුවලට මෙන්ම ආයතනයේ කාර්යක්ෂමතාවට ද බාධාවක්ව තිබූ බව සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd