සුජිත් හේවාජුලිගේ
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ රාජකාරි කටයුතු කරගෙන යෑමට බරපතළ නීති ගැටලුවක් හරස්වී ඇතැයි, නීති විශේෂඥයෝ පෙන්වා දෙති.
මේ වසරේ දෙසැම්බර් මාසයේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස් චේතිය ගුණසේකරගේ නිලකාලය අවසන් වෙයි.
නව කොමසාරිස්වරයකු පත්කර ගතයුතු හෙයින් ඊට අයැදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර ඇත. නිලබලයෙන් ව්‍යවස්ථා සභාවේ සභාපතිත්වය දරන්නේ කථානායකවරයාය.
කථානායකවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණයක් පවත්වන හෙයින්, තමන්ට එරෙහි පරීක්ෂණයක් පවත්වන ආයතනයකට අදාළ තීරණ ගන්නා කොමසාරිස්වරයකු පත්කිරීමේ නිල කටයුත්තේ දී ළබැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය වන බව නීති අංශ පවසයි.
එවැනි කෙනකු ඊට සම්බන්ධ නොවිය යුතු බවත්, එය අධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවත්, අල්ලස් දූෂණ පනතේ වගන්ති අංක 107 (1) සහ (2) හි සඳහන් වේ.
එවැනි වරදකට වරදකරු වෙන තැනැත්තකුට වසර හතකට නොවැඩි සිර දඬුවමක් සමග රුපියල් ලක්ෂයක දඩ මුදලක් ද, නැත්නම් එම දඬුවම් දෙකම ද නියම කිරීමට මහාධිකරණයට නීතිමය බලය ඇතැයි පැවසේ.
මෙයට අමතරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී තවත් සංශෝධන යෝජනාවක් ද ඉදිරි දිනවල සම්මත කර ගැනීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට කථානායකවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුව ද එය ව්‍යාර්ථ විය.
මේ අතර අල්ලස් විමර්ශනයක් පැවැත්වෙන අවස්ථාවක කථානායක ධූරයේ රැඳී සිටිය නොහැකි බවට මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මතු කරන වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් කථානායක ලේකම් මණ්ඩලයෙන් තාක්ෂණික වාර්තාවක් කැඳවා ඇතැයි වාර්තාවේ.
එසේම ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මහලේකම්වරිය ද දැනටමත් ප්‍රකාශ කර ඇත.
මෙම වරප්‍රසාද ප්‍රශ්නය මතුකිරීමට ඉඩ නොදීම සහ අල්ලස් කොමිසමේ විමර්ශනයක් පවතින අවස්ථාවක කථානායක ධූරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් මන්ත්‍රී දයාසිරි ජයසේකර ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට පසුගියදා ලිඛිතව පැමිණිලි කළේය.
මේ තත්ත්වය පදනම් කරගෙන කථානායකවරයාට තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසට විපක්ෂයේ දේශපාලන පක්ෂ දිගින් දිගටම බලපෑම් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd