සුජිත් හේවා ජුලිගේ
ආචාර්ය, මහාචාර්ය තනතුරු අවභාවිත කිරීම සම්බන්ධයෙන් ක්‍රියමාර්ග ගැනීමට නීතිමය වැඩ පිළිවෙළක් සකස් කරන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.
මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිමය බලයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නැතැයි එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා එම කමිටුවට පසුගියදා දැනුම් දුන්නේය. කමිටුව ඉහත උපදෙස් ලබා දුන්නේ ඒ අනුවය.
යමෙකුට මහාචාර්ය තනතුරක් භාවිත කළ හැක්කේ විශ්වවිද්‍යාලයකින් ලබාදී ඇත්නම් පමණක් බව සඳහන් කළ අමරතුංග මහතා ‘මහාචාර්ය’ යනුවෙන් හැඳින්වෙන්නේ තනතුරක් බැවින් එම තනතුර දැරූ අය විශ්‍රාම ගිය පසු ඒ නාමය භාවිත කළ නොහැකි බව ද සඳහන් කළේය.
සම්මානිත මහාචාර්ය පදවි ලබාදිය හැකි පුද්ගලයන් කවුදැයි සඳහන් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ද ඔහු පැවැසුවේය. මාස දෙකක් මහාචාර්ය පදවිය දරා විශ්‍රාම ගිය පසු මහාචාර්යවරයකු ලෙස පෙනී සිටිය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
යම්කිසි පුද්ගලයකු ජාතික වශයෙන් ඉටුකළ සේවය සලකා සම්මානිත මහාචාර්ය පදවි පිරිනමන බව පැවැසූ අමරතුංග මහතා කොමිසම නිකුත් කළ චක්‍රලේඛය අනුව මෙවැනි තනතුරක් භාවිත කළ හැක්කේ විශ්වවිද්‍යාල සනාතන සභාව අනුමත කර පාලක සභාව එය පිළිගැනීමෙන් පසුව බවද සඳහන් කළේය.
එසේ පිළිගැනීමෙන් පසු සම්මානිත මහාචාර්යවරයකු ලෙස පෙනී සිටිය හැකි යැයි සඳහන් කරමින් ඔහුට හෝ ඇයට ලිපියක් නිකුත් කෙරෙන බවත් මේ ආකාරයට සම්මානිත මහාචාර්ය තනතුරු ලැබෙන්නේ අතළොස්සකට පමණක් බවත් සම්පත් අමරතුංග මහතා පැවැසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවැසුවේ සාමාන්‍ය පෙළ හෝ සමත් නැති පුද්ගලයන් ආචාර්ය මහාචාර්යවරුන් ලෙස සමාජයේ පෙනී සිටීම බරපතළ ගැටලුවක් බවයි.
2025 නොවැම්බර් මස 21
5
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බොරු මහාචාර්ය පට්ටම්වලට වැට බඳින්න කොමිසමට බලය