IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සුදු සැරයටි හිඟයෙන් හා මිල ඉහළ යෑමෙන් දෘශ්‍යාබාධිතයන්ට දුෂ්කරතා

ඉන්දික හේවාවිතාරණ
සුදු සැරයටි හිඟය හා මිල ඉහළ යාම නිසා දෘශ්‍යාබාධිතයන් දුෂ්කරතාවට පත්ව සිටින බව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය සඳහන් කරයි.

පසුගිය කාලයේදී රු. 450-500 අතර මිලකට අලෙවි වූ සුදුසැරයටියක මිල මේ වන විට රු. 1500 දක්වා ඉහළ ගොස් තිබෙන බවද එම සංගමයේ සහකාර ලේකම් චමීර පුබුදු කුමාර මහතා සඳහන් කළේය.
හාරලක්ෂ පනස් තුන්දහසක් පමණ වූ දෘශ්‍යාබාධිතයන්ගෙන්‍් සියයට අනූවකට වැඩි පිරිසකට ගමන් කිරීම සඳහා සුදු සැරයටිය අවශ්‍ය වන බවත් බිමට තට්ටු කරමින් ගමන් කරන නිසා කෙටි කාලයකදී එය අබලන් තත්ත්වයට පත් වන බවත් ඔහු සඳහන් කළේය.
ලෝකයේ ඇතැම් රටවල මේ වන විට නවීන ක්‍රමයට සකස් කළ සුදු සැරයටි භාවිත කළද මෙරට තිබෙන්නේ  බිමට තට්ටු කර ගමන් යා යුතු  සුදු සැරයටි පමණි. මෙහි ඉලාස්ටික් කැබැල්ලක් හා කුඩා බට කිහිපයක් පමණක් තිබෙන නිසා සුදු සැරයටිය ගැන නොතකා ජනතාව දෘශ්‍යාබාධිත පුරවැසියා ආසන්නයෙන් ගමන් කිරීම නිසා එයට හානි සිදුවන බවද පුබුදු කුමාර මහතා සඳහන් කළේය.
සුදුසැරයටි වැඩි වශයෙන් විනාශ ​ෙවන්නේ ත්‍රිරෝද රථවලට හසුවීමෙන් වන හෙයින් සුදු සැරයටි මිල අඩු කර අවශ්‍ය තරම් ගෙන්වීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට වර්තමාන ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ඒ මහතා පැවසීය.
සුදු සැරයටි මිල ඉහළ ගොස් තිබෙන්නේ විදේශ රටවලින් ගෙන්වීමේදී බදු අය කරන නිසා නම් බදු සහනයක් ලබා දී මිල අඩු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.



අදහස් (0)

සුදු සැරයටි හිඟයෙන් හා මිල ඉහළ යෑමෙන් දෘශ්‍යාබාධිතයන්ට දුෂ්කරතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site