IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පුළුල් සන්ධානයක් පිළිබඳ සාකච්ඡා අසාර්ථකයි සමගි ජන සන්ධානය දුරකතනයෙන් එයි

නිමල කොඩිතුවක්කු
ඉදිරි මහ මැතිවරණයට සමගි ජන සන්ධානය යටතේ දුරකතනයෙන් තරග කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.

පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදු කරනු ලැබූ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බව ද මහලේකම්වරයා සඳහන් කළේය. ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානය සමග එක්ව සිටින සියලුම පක්ෂ සහ කණ්ඩායම් ඒකාබද්ධ කර ගැනීමට එකඟතාව පළව ඇති බව ද ඔහු කීවේය. 
ඒ අනුව නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ කිහිපයක් සමග ඉදිරි මහ මැතිවරණයට තරග කරන බව ද මහ ලේකම්වරයා සඳහන් කළේය. 
මහ මැතිවරණය සඳහා දූෂිතයන්ට නාම යෝජනා නොදෙන බවත් සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු‍ දෙනාට ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් දොරටු විවෘත කර ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.



අදහස් (0)

පුළුල් සන්ධානයක් පිළිබඳ සාකච්ඡා අසාර්ථකයි සමගි ජන සන්ධානය දුරකතනයෙන් එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site