
මේ වෙන විට ලංකාව පුරා දැඩි ඉන්ධන හිඟයක් දක්නට පුළුවන. විශේෂයෙන්ම පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා ප්‍රකාශ කළේ පෙට්‍රල් ඇත්තේ එක් දිනක් සඳහා පමණක් බවය. ඩීසල් ලබාදීමට දින තුනක් යන බවත් එතෙක් පෝලිම්වල නොසිටින ලෙස බනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පසුගියදා ප්‍රකාශ කළේය. කෙසේ නමුත් දිගු පෝලිම්වල සිටිමින් මහත් දුකක් විඳිමින් ඉන්ධන ලබා ගැනීමට පසුගිය දින කිහිපයේදී ජනතාවට සිදු විය.



මේ ගැන අදහස් දැක්වූ පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසා සිටියේ මේ සඳහා පාරිභෝගික අධිකාරියට, කාර්මික තාක්ෂණ ආයතනයට සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට සිය ව්‍යවස්ථාවෙන්ම වෙන්වූ නෛතික බලයක් ඉන්ධනවල ප්‍රමිතිය බැලීමට ඇති බවය. එසේම තෙල් සංස්ථාවද ඉදිරියට පැමිණ අහඹු තෙල් සාම්පල පරීක්ෂාවක් කොට තෙල්වල ප්‍රමිතිය සහ ගුණාත්මක බව ගැන ජනතාවට කිව යුතු බවද තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. නමුත් මේ එකදු අයෙක්වත් මේ වෙලාවේ එවැනි කාර්යයක් කරන බවක් වගකීමක් ගන්න බවක් පෙනෙන්නට නැතැයි තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 18
653
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1107
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන බාපු ගමන් වාහන වලට ගහන්න එපා