IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අ​ෙප්‍ර්ල් මසදී පොල් මිල පහළට

ලිහිණි ලියනගේ
ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා  ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බව පොල් සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්. එම්. පුෂ්කුමාර සඳහන් කරයි. කර්මාන්ත සඳහා දැනට පවතින පොල් ඵලදාව භාවිත නොවීමෙන් ඉදිරියේදී පොල් මිල පහළ බසිනු ඇති බවද ඔහු සඳහන් කළේය.  

පවතින පොල් හිඟයට පිළියමක් ලෙස ඉන්දුනීසියාවෙන් පොල් මද හා වියළන ලද පොල් කැබලි ආනයනය කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට ලබන අඟහරුවාදා වන විට අනුමැතිය ලැබීමට නියමිත බව හෙතෙම පැවසීය. 
මේ දිනවල උද්ගතව ඇති පොල් හිඟයට ප්‍රධාන හේතුව වී ඇත්තේ 2020/21 වර්ෂවල කාබනික පොහොර පමණක් භාවිත කිරීමේ ප්‍රතිපත්තිය මත රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීම මෙන්ම පසුව ආනයනය කරන ලද පොහොරවල මිල අධික වීම සහ පොල් හිඟයක් පවතින අවස්ථාවක පවතින පොල් ඵලදාව පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම බවද ඒ මහතා තවදුරටත් සඳහන් කළේය. 
රුසියානු රජයේ ආධාර මත ලැබී ඇති පොහොර සහනාධාරයෙන් මෙට්‍රික් ටොන් 27,500ක් පොල් වගාව සඳහා යොදා ගැනීමට යෝජනා කර ඇති බවත්, එම පොහොර මිටියක් රුපියල් 4000ක් වැනි සහන මිලක් යටතේ ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය. මීට අමතරව පොල් සංවර්ධන අධිකාරියේ අරමුදලින් රුපියල් මිලියන 500ක් පොල් වගා කිරීමේ කටයුතු සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයට ලබාදීමට යෝජනා වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (0)

අ​ෙප්‍ර්ල් මසදී පොල් මිල පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site