යතුරුපැදියක ගැටීමෙන් අයෙක් මරුට රස්නායකපුර, නෙලුම්ගල ප්‍රදේශයේ දී යතුරු පැදියක ගැටීමෙන් පුද්ගලයකු මරණයට පත්වූ බව රස්නායකපුර පොලීසිය පැවසීය. 05 August 2020
ලක්ෂ 30 ක මුදල් - දේපල සොරා ගත් පුද්ගලයකු අල්ලයි ගෙවල් බිඳුම් තිස්පහකට වරදකරු වී වසර හයක් බන්ධනාගාර ගතව සිට නිදහස්ව පැමිණ මාස තුනක් ඇතුළත දී තවත් ගෙවල් බිඳුම් 12 කින් රුපියල් ලක්ෂ 30 ට ආසන්න මුදල් හා දේපල සොරාගත් පුද්ගලයකු අද (5) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි. 05 August 2020
ඡන්ද පොලේ කලහකාරී කළ අයෙක් අත්අඩංගුවට මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ ඇති ඡන්ද මධ්‍යස්ථානය ආසන්නයේ කළහකාරී ලෙස හැසිරුණු සැකකරුවකු මිනුවන්ගොඩ පොලිසිය විසින් අද (5) අත්අඩංගුවට ගනු ලැබීය. 05 August 2020
මනාප අංක සහිත අත් පලඳනා - අත් පත්‍රිකා තොගයක් නානුඔයෙන් සොයාගනී මහමැතිවරණය සඳහා නුවරඑලිය දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙකුට අයත් පොස්ටර් , මනාප අංකය සඳහන් අත් පලඳනා සහ මනාප අංකය සඳහන් අත් පත්‍රිකා තොගයක් සමඟ සැකකරුවෙකු අද (04) අත්අඩංගුවට ගත් බව නානුඔය පොලිසිය පැවසීය. 04 August 2020
ලොරි - යතුරුපැදි අනතුරින් යතුරුපැදිකරු මරුට ලංකාපුර පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ කුමුක්කන් ආරු පාලම අසළදී අද (4) දින සිදු වූ ලොරි සහ යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරු මිය ගොස් ඇති බව පොලොන්නරුව පොලිසිය පවසයි. 04 August 2020
නමුණුකුල කඳුපාමුල රක්ෂිතයේ ගින්නක් පස්සර නමුණුකුල කඳු පාමුල රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කරයක පමණ ප්‍රදේශයක් මේ වන විට මුළුමනින්ම ගිනිගෙන දැවී ගොස් ඇති බව ප්‍රදේශවාසීහූ පවසති. 04 August 2020
ෆයිනස් ගසක් කඩා වැටී ළමුන් දෙදෙනෙකු ඇතුළු 3ක් රෝහලේ නුවරඑළිය හරහා හමා ගිය දැඩි සුළඟකින් විශාල ෆයිනස් ගසක් කඩා වැටී නිවාස තුනක කුඩා ළමුන් දෙදෙනෙකු සහ කාන්තාවක තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය. 04 August 2020
බලපත්‍ර නොමැතිව වැඩි මිලට මත්පැන් විකුණලා බලපත්‍රයක් නොමැතිව මත්පැන් වැඩි මිලකට වතු කම්කරුවන්ට අලෙවි කරමින් සිටි සැකකරුවෙකු හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අද(04 අත්අඩංගුවට ගෙන ඇත. 04 August 2020
වැඩි මිලට ලූනු විකිණූ වෙළඳුන් 10 කට නඩු බී ලූනු ආනයන බද්ද වැඩි කිරීමට පෙර මෙරටට රැගෙන එන ලද බී ලූනු වැඩි මිලට අලෙවි කරනු ලබන වෙළඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය වැටලීම් ආරම්භ කර තිබේ. 04 August 2020
කැබ් රථයේ ගැටී යතුරුපැදිකරු මරුට පොළොන්නරුව සෝමාවතිය මාර්ගයේ වැවේතැන්න කුඹුක්කන්ආරුව පාලම අසලදී අද(04) කැබ්රථයක් සහ යතුරු පැදියක් එකිනෙට ගැටීමෙන් වූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇතැයි පොළොන්නරුව පොලීසිය කියයි. 04 August 2020
ගම්පහ ගෙවත්තක අත්බෝම්බයක් ගම්පහ , ඔරුතොට , විතාන මාවතෙහි ගෙවත්තක තිබී දුර්වර්ණ වී ගිය අත් බෝම්බයක් අද (03) හමුවී ඇති බව ගම්පහ පොලිසිය පැවසීය. 03 August 2020
මාතලේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි 324 ක් මහ මැතිවරණයට අදාළ මාතලේ දිස්ත්‍රික්කය තුළ අද (03) වැනිදා වනවිට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධින් 324 ක් වාර්තා වී ඇති බව මාතලේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. 03 August 2020
කැලණි ගඟේ ගිලී අතුරුදන් වූ සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවෙයි කැලණිය ගගේ රංවල තොටුපොලේ දියනෑමට ගොස් දියේ ගිලී අනතුරුදන්ව තිබු උසස්පෙළ සිසුන් දෙදෙනාගේ සිරුරු දින දෙකකට පසුව පුගොඩ තරාල බුලත් බාන තොටුපොළ ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් අද (03) දහවල් සොයාගෙන ඇතිබව පොලිසිය කියයි. 03 August 2020
නන්දිකඩාල් කලපුව-වට්ටුවාක්කල් පාලම දෙපස පුළුල් කිරීමේ ව්‍යාපෘතිය කල්යයි මුලතිව් වට්ටුවාක්කල් පාලම දෙපස ගැඹුරු කොට පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මැතිවරණය අවසන් වූ පසුව සිදුකිරීමට පියවර ගන්නා ලෙසට මුලතිව් මැතිවන සහකාර කොමසාරිස් කාර්යාලය දැනුම් දී ඇත. 03 August 2020
කාක දූපතේ වෙරළ උද්‍යානයට බුදු මැදුරක් ගෝලීය ශ්‍රී ලාංකික තරුණ බලකායේ මූලිකත්වයෙන් මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්‍යානයේ ඉදි කරන ලද බුදු මැඳුරක් නිරාවරණය කෙරිණි. 03 August 2020
රිය අනතුරකින් තරුණයෙක් මරුට නුවරගල සිරිපුර මාර්ගයේ සිරිපුර නගරයට ආසන්නයේදී තරුණයෝ දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීම නිසා සිදුවූ අනතුරකින් එක් අයෙකු මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි. 03 August 2020
ව්‍යාජ ඡන්ද පත්‍රිකා 150 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (02) හිඟුරක්ගොඩදී අත්අඩංගුවට ගත්බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි. 02 August 2020
‘‘එක වේලක් කනවාද වේල් තුනම කනවාදැයි හිතන්න‘‘ අගෝස්තු 05 ඡන්දය ලබාදී මේ රටේ ජනතාව තීරණය කළ යුත්තේ සහෝදරයින් දෙන්නාට ඡන්දය දී එක් වේලක් කනවා ද එජාපයට ඡන්දය දී වේල් තුනම කනවා ද යන්න බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද ( 02) ගාල්ලේදී පැවසීය. 02 August 2020
නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරත වූ තිදෙනෙක් අත්අඩංගුවට නීති විරෝධී අයුරින් ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන පුත්තලම නගරයේ මැතිවරණ ප්රචාරක කටයුතු වල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු සහ ත්‍රී රෝද රථ තුනක් අද (02) අත්අඩංගුවට ගත්බව පුත්තලම පොලිසය සඳහන් කළේය. 02 August 2020
රත්නපුර එජාප අපේක්ෂකයෙකුගේ වාහන 4 ක් අත්අඩංගුවට මැතිවරණ නීතිය උල්ලංගනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක හසිත මුහන්දිරම්ගේ ස්ටිකර් අලවා ගමන් කරමින් තිබූ වාහන හතරක් අද (02) ඇහැලියගොඩ නැදුරණ මාර්යේ දී අත්අඩංගුවට ගත්බව රත්නපුර පොලිස් අධිකාරී සේනක වීරසිංහ මහතා පැවසීය. 02 August 2020
ජීව උණ්ඩ තොගයක් සමඟ සමාජ ශාලා ආරක්ෂකයෙක් පොලිස් දැලේ නිවසක් තුළ සඟවා තිබූ තියුණු ආයුධ මෙන්ම විවිධ වර්ගයේ ගිනි අවි වලට යොදන ජීව උණ්ඩ රැසක් සමඟ රාත්‍රී සමාජ ශාලා ආරක්ෂකයෙකු කිරුලපන ඩී.ආර්.කොළඹගේ මාවත 7 වන පටුමගේ නිවසක දී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ දිසා දූෂණ මර්ධන ඒකකය කියයි. 02 August 2020
යුද හමුදා නිල ඇඳුම් 10 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට අහුන්ගල්ල වැලිකන්ද බෝගහපිටිය ප්‍රදේශයේදී හෙරොයින් මත් කුඩු , යුද හමුදා නිල ඇඳුම් හා මුදල් තොගයක් සමඟ අද (02) පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්ය බලකායේ අලුත්ගම කඳවුරේ උසස් නිලධාරියෙකු පැවසීය. 02 August 2020
වව්නියාවේ පක්ෂ කාර්යාලයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් වවුනියාව , වෙළිකුලම පිහිටි ප්රජාතන්ත්රවාදී මහජන කොංග්රස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය වෙත අද (02) අලුයම කිසියම් කණ්ඩායමක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට ඇතැයි වවුනියාව පොලිසිය කියයි. 02 August 2020
ට්රැක්ටරය ඔයට පෙරැළී පුද්ගලයකු මරුට මැදිරිගිරිය පඹුරාණ ප්‍රදේශයේ මින්නේරිය ඔයට ට්‍රැක්ටර් රථයක් පෙරැළීමෙන් 38 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති බව මැදිරිගිරිය පොලිසිය පවසයි. 02 August 2020
ගංජා හේන් 04 ක් වටලා සිව්දෙනෙක් අත්අඩංගුවට හම්බගමුව, අලුත්වැව, කිළිඹූන්න කැලෑ ප්‍රදේශයේ සිදුක වැටලීමකදී රුපියල් කෝටියක වටිනාකමකින් යුතු ගංජා හේන් 04ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින් දින සවස සමත් වීය. 02 August 2020
නාඋල පාරක් ගිලා බසියි - ගමනාගමනයට බාධා නාඋල ඇළහැර මාර්ගයේ සිට ඇල්හේන මාර්ගය දක්වා දිවෙන අතුරු මාර්ගයේ කොටසක් ගලා බැස ඇතැයි ප්රදේශවාසිහු කියති. 02 August 2020
රාජකාරියට ගිය සෙබළා මහවැලි ගඟට වැටී මරුට මාදුරුඔය විශේෂ බළකා කඳවුරේ රාජකාරී කල යුද හමුදා සෙබළෙකු දිඹුලාගල,යක්කුරේ ප්‍රදේශයේදී රාජකාරී කටයුත්තකට ගොස් සිටියදී මහවැලි ගඟට ඇදවැටී මිය ගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි. 02 August 2020
හක්කපටස් පුපුරා යාමෙන් අලියකු මරුට කැකිරාව පලාගල ප්‍රදේශයේ අස්වනු නෙලීමට ආසන්නව තිබූ වගාබිමක මිය ගොස් සිටි වල් අලියෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) පස්වරුවේ වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය පශු වෛද්‍ය ඉසුරු හේවා කෝට්ටගේ මහතා විසින් පවත්වනු ලැබීය. 01 August 2020
දෝව රක්ෂිතයේ ගින්නක් බණ්ඩාරවෙල දෝව රක්ෂිතයේ අද (01) හවස ඇතිවූ හදිසි ගින්නකින් අක්කර 2ක භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය කියයි. 01 August 2020
රියඅනතුරකින් කාන්තාවක් මරුට හිරිපිටියාගම, කාගම හන්දියේදි ටිපර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් යතුරු පැදියේ ගමන්ගත් 39 හැවිරිදි තිදරු මවක් අද (01) මියගිය බව ඉපලෝගම පොලිසිය කියයි. 01 August 2020
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026