
(ප්‍රියානි මංගලිකා)
රස්නායකපුර, නෙලුම්ගල ප්‍රදේශයේ දී යතුරු පැදියක ගැටීමෙන් පුද්ගලයකු මරණයට පත්වූ බව රස්නායකපුර පොලීසිය පැවසීය.
රස්නායකපුර දෙසට පයින් ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා එම දෙසටම ගමන් කළ යතුරු පැදියක ගැටීමෙන් බරපතල තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව ඇත.
අනතුරින් තුවාල ලැබු යතුරුපැදිකරුද අනතුරින් තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති බවද පොලීසිය සඳහන් කළේය.
රස්නායකපුර, නෙලුම්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මියගිය අයගේ සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය නිකවැරටිය රෝහලේ දී සිදු කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් රස්නායකපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.