(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
නිවසක් තුළ සඟවා තිබූ තියුණු ආයුධ මෙන්ම විවිධ වර්ගයේ ගිනි අවි වලට යොදන ජීව උණ්ඩ රැසක් සමඟ රාත්‍රී සමාජ ශාලා ආරක්ෂකයෙකු කිරුලපන ඩී.ආර්.කොළඹගේ මාවත 7 වන පටුමගේ නිවසක දී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ දිසා දූෂණ මර්ධන ඒකකය කියයි.
සැකකරු සමඟ ටී 56 ජීව උණ්ඩ 8 ක් , 3. 8 වර්ගයේ උණ්ඩ 6 ක් , 3 .8 .0 වර්ගයේ උණ්ඩ 2 ක් , නයින් එම්.එම් වර්ගයේ උණ්ඩ 3 ක් , මයික්‍රෝ උණ්ඩයක් , ඒ.කේ.47 රයිෆලයක බයිනේත්තුවක් , අගල් 20 සහ 28 ක් දිගැති කඩු 2 ක් හා රම්බෝ පිහියක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු පදිංචි නිවසට හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 100 ක් රැගෙන ආ බව කොළඹ දකුණ දිසා දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ඉන්ද්‍රජිත් මහතාට ලද තොරතුරක් අනුව එම නිවස වටලා සිදු කළ පරීක්ෂාවේ දී තියුණු ආයුධ සහ ජීව උණ්ඩ හමු වූ බව පොලිස් නිලධාරීයෙක් පැවසීය .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ජීව උණ්ඩ තොගයක් සමඟ සමාජ ශාලා ආරක්ෂකයෙක් පොලිස් දැලේ