
(තිලකරත්න දිසානායක)
ගම්පහ , ඔරුතොට , විතාන මාවතෙහි ගෙවත්තක තිබී දුර්වර්ණ වී ගිය අත් බෝම්බයක් අද (03) හමුවී ඇති බව ගම්පහ පොලිසිය පැවසීය.
ගෙවත්තේ හිමිකරු වලක් හාරමින් සිටියදී මෙම ජීව අත්බෝම්බය හමුවී ඇති අතර පසුව ගෙවත්තේ හිමිකරු මේ පිළිබඳව ගම්පහ පොලිසියට දැනුම් දීමට පියවර ගෙන ඇත.
පොලිස් නිලධාරීන් අදාල ස්ථානයට ගොස් පරීක්ෂා කළ බවත් එය දිරාපත් වූ අත් බෝම්බයක් බව පොලිසිය පැවසීය.
පොලිස් කාර්ය සාධක බලකාය කැඳවා බෝම්බය නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.