
(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව සෝමාවතිය මාර්ගයේ වැවේතැන්න කුඹුක්කන්ආරුව පාලම අසලදී අද(04) කැබ්රථයක් සහ යතුරු පැදියක් එකිනෙට ගැටීමෙන් වූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇතැයි පොළොන්නරුව පොලීසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ පොළොන්නරුවෙ, තල්පොත, බී.ඕ.පී.316 අංක 235 ලිපිනයේ පදිංචිව සිටි ඩී.එම්.අසංක අමිල රාමනායක නැමැති 29 හැවිරිදි තරුණයෙකි.
එම අනතුරින් බරපතල තුවාල ලබාසිටි යතුරු පැදිකරු ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත්කරන අවස්ථාවේදී මියගොස් සිටි බව පොලීසිය සඳහන් කළේය.
කැබ් රථයේ රියැදුරා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
පොළොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.