(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
හිරිපිටියාගම, කාගම හන්දියේදි ටිපර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් යතුරු පැදියේ ගමන්ගත් 39 හැවිරිදි තිදරු මවක් අද (01) මියගිය බව ඉපලෝගම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ඉපලෝගම, පහල වෙම්බුව පදිංචිව සිටි ජයන්ති කුමාරි දිසානායක නැමති 39 හැවිරිදි තිදරු මවකි.
මෙම කාන්තාව සිය නිවසේ සිට ඉන්ධන පිරවුම් හලට යමින් සිටියදී කැකිරාව සිට තලාව දෙසට ධාවනය වෙමින් තිබු හුණුගල් පිරවූ ටිපර් රථයක කාගම හන්දියේදී ගැටි ඇතැයි පොලිසිය කියයි.
එම අනතුරින් බරපතල තුවාල ලබා ඇති මෙම කාන්තාව තලාව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් තිබුණි.
මෙම අනතුර සම්බන්ධයෙන් කැකිරාවේ පදිංචි 42 හැවිරිදි ටිපර් රථයේ රියදුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානාධිපති කිත්සිරි හේරත් මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
රියඅනතුරකින් කාන්තාවක් මරුට